සරසවි සිසුවාටත් පවුලේ තවත් 5කටත් කොරෝනා.. 4000 කට අධික නිරෝධායනයට..
January 6, 2021 at 5:30 pm | lanka C news
වව්නියාව පට්ටානිචූර් ගම්මානයේ පදිංචි සරසවි සිසුවාගේ පවුලේ තවත් 5 දෙනෙකුට කොවීඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ප්‍රදේශයේ පුද්ගලයින් 4000 කට අධික පරිසක් නිවෙස් තුලම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවට වව්නියාව සෞඛ්‍ය නිලධාරී කාර් යාලය පවසයි.
අදාල ආසාදිතයින් හමු වීමත් සමග මේ වන විට පට්ටානිචූර් ප්‍රදේශයේ පළමු පියවරේ සිට දෙක, තුන, හතර, පහ සහ යන පියවරවල් , වේප්පම්කුලම් සහ පට්ටකාඩු ප්‍රදේශයන්හි වැසියන්ට සංචරණ සීමා පනවා නිවෙස්තුල දින 14 ක් නිරෝධායනය වන ලෙසට සෞඛ්‍ය නිලධාරීන් විසින් උපදෙස් ලබා දී ඇත.
කිලිනොච්චිය ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ 24 හැවිරිදි අදාල සිසුවාට පළමුව කොරෝණා වෛරසය ආසාදනය වී පසුව ඔහුගේ වැඩිමල් සොහොයුරියටද ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු විය.
මේ හේතුවෙන් අදාල පවුලේ සියලු සාමාජිකයින් ඇතුලු 40 කට ආසන්න ඥාතීන් හා සමීප ඇසුරු කල පුද්ගලයින් පී.සී.ආර්. පරික්ෂණයන් වෙනුවෙන් යොමු කිරීමෙන් පසුව ඉන් 21 දෙනෙකුගේ වාර් ථා ලැබී තිබූ අතර එහිදී අදාල සිසුවාගේ පවුලේ සාමාජිකයින් තවත් 05 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ