සරසවි සිසු විරෝධතාවට කදුළු ගෑස්, ජල ප්‍රහාර ගසා පන්නා දමයි..
March 19, 2019 at 4:40 pm | lanka C news
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සදහා පොලීසිය විසින් අධි පීඩන ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරියේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
සිසු විරෝධතාවය පැවැත්වුනේ සබරගමු විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම කප්පාදුවට විරෝධය පල කරමිනි.
මේ හේතුවෙන් නගර ශාලාව ආසන්න මාර්ගවල දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.