සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

July 4, 2022 at 12:55 am | lanka C news
සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

පවතින ආණ්ඩුව අවසන් කර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉක්මනින්ම කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.

රට තුල ඇතිව තිබෙන ජනතා උණුසුම මත මහ නාහිමිවරුන්ගේ ද ආශිර්වාදයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ඉක්මනින් සිදු කල යුතු බවද ඔහු පැවසීය.

එසේ නොකළහොත් ජනතාව පාරට බැස ඉතා නරක තැනකට රට ගමන් කරනු ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගුරුදෙණිය ප්‍රදේශීය දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

67,913 views

16 Comments to “සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…”

  1. madula says:

    ජාතිවාදය වපුරා රට ඉතා විනාශකාරී සමාජ තත්ත්වයක් නිර්මාණය කිරීම, අන්තර්ජාතික බිල්ලන් නිර්මාණය කර මිනිසුන්ගේ සබැ ප්‍රශ්න යටපත්කර දැමීම. MCC ගිවිසුම පිලිබඳ බොරු කීම. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයකු වන සිරිසේන සමඟ සිටීමින් පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කිරීමට තැත්කිරීම, මේ විනාශකාරී ආණ්ඩුව බලයට පත් කිරීමට වැඩ බැරි ටාසන් කෙනෙකු වූ ගොටභය යනු – ලීක්වා යු, මහතීර් මොහොමඩ්, පුටින්, වැනි ශ්‍රේෂ්ට නායකයකු යයි බොරු කීම. PB ජයසුන්දර වසර දෙකක් තිස්සේ පිස්සූකෙලපු අවස්ථාවේ බලා සිටීම. සිනි හොරකම, සුදු ලුණු හොරකම වැනි විශාල හොරකම් වල දී නැසූ කන් ව සිටීම. බලය තිබු කාලයේ තම නෑදෑයන්ට ගෙවල් ලබාදීම සහ හොර පාස්පෝර්ට්, හැඳුනුම් පත් සකස් කිරීම. ආණ්ඩුවට යන එනමන් නැති වූ පසු ගීලෙන් නැවෙන් පැන ආණ්ඩුවට නඩු දැමීම වැනි ක්‍රියා වලින් ඔබ ඔබවම රවටා ගනී. නමුත් දැන් සිටින සබුද්ධික තරුණයන් ඇඳීම අපහසුය. එබැවින් ඔබ ස්වයං විවේචනයක් කර නැවත දේශපාලනය අරඹන්න. ඔබ දක්ෂයෙකි. ඔබට හොඳ අනාගතයක් ඇත.

  2. මුන් කෑව අපේ රට .... says:

    එක එක සර්වපාක්ෂික කියලා ආපහු 225ම එන්න හදන්නේ….ඔය එක බල්ලෙක්වත් ඕන නෑ…..එක පක්ෂයක්වත් ඕනෙ නෑ දැනට ඉන්න……මහ මැතිවරණයකට පලයල්ලා….ඊට පස්සේ මිනිස්සු මිනිස්සුන්ට ඕන අය පත් කර ගනී…..අරගලය කියන්නේ නිර්පාක්ෂික දෙයක්…දැන් එකේක බල්ලො ලේබල් අලවන්න හැදුවට….මුලින්ම පාරට බැස්සේ අහිංසක මිනිස්සු…..ඊට පස්සේ ඒකට අයිතිවාසිකම් කියන්න ජෙප්පො බොරුවට ආවා….ඊට පස්සේ බූරු පුතාණෝ ආවා….ඔය සක්කිලි බල්ලො එකෙක්වත් ඕනෙ නෑ….පොදු ජනතාව හැටියට අපිට ඕනේ…රටම වෙනස් කරන්න…..බලයට එන්න හදන එකෙකුටවත් නිසියාකාර වැඩපිළිවෙළක් නැහැ…රට දියුණු කරන්න ඕනේ මේ විදිහට කියලා…ඒක හින්දා හොර එක බල්ලෙක්වත් එපා…..

    • රටවැසියා says:

      චන්දයක් තිබ්බත් ආපහු මේ කලකණ්නිම පත් වෙනව විතරයි. වෙන මොකෙක්වත් ඉස්සරහට ඇවිල්ල තියෙනවයැ අලුතින් බලයට ගේන්න.
      රට ගොඩ ගන්න ඕනෙනම් මිනිස්සු කරන්න ඕනෙ එක එකාගෙ පස්සෙ යන්නෙ නැතිව රටේ ජාතික අවශ්‍යතා හදුනගෙන ඒව ක්‍රියාත්මක කරන්න පුලුවන් වැඩපිලිවෙලවල් හදාගෙන ඒ වෙනුවෙන් ශක්තිමත්ව සංවිදානය වෙන එක. ඊට පස්සෙ පොල්පිත්තකකින් උනත් ජාතික නායකයෙක් හදාගන්න පුලුවන්.

Main News