ගාළු මුවදොරට මල සිරුරු ගසාගෙන ඒම සුදු වෑන් සංස්කෘතියේ වෙනම පැතිකඩක්…

August 3, 2022 at 4:40 pm | lanka C news
ගාළු මුවදොරට මල සිරුරු ගසාගෙන ඒම සුදු වෑන් සංස්කෘතියේ වෙනම පැතිකඩක්…

සර්වපාක්ෂික ආණ්ඩුව යන වචනයට මුවා වී කැබිනට් අමාත්‍ය ධුර හතළිහක් සහ අනෙක් අමාත්‍යධුර හතළිහක් ලබාදීමට සූදානම් වන්නේ නම් එසේ තනතුරු බෙදා ගැනීමෙන් රටේ ජනතාවගේ ගැටලු විසදන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

රටේ ජනතාවගේ මූලික බලාපොරොත්තුව තමයි මේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන එක. විශේෂයෙන්ම දැන් තෙල් මිල ඊයේ අඩු කරල තියෙන්නෙ ටොපියක ගානකින්. ටොපියකුත් දැන් රුපියල් දහයක්. ඒ නිසා එහෙම සිල්ලර අඩු අඩුකිරීම් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ආදායම ට ගැලපෙන විදිහට , ජීවත්වෙන්න පුළුවන් විදිහේ ආර්ථික වටාපිටාවක් හදන්න . බඩු මිල අහස උසට ගිහිල්ලා තියෙන එක අඩු කරගන්න, තෙල් පෝලිම ගෑස් පෝලිම නැති කරගන්න, ඒ වගේම ගොවියාට පොහොර ටික ලබාගන්න, ඒ වගේම දරුවන්ට නිසි අධ්‍යාපනයක්, දවස් පහේම පාසල් යන්න පුළුවන් වෙන එක , ඒ වගේම වැඩිහිටියන්ට රෝගීන්ට බෙහෙත් හේත් ටික ලබාගෙන සාමකාමී රටක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ සාමකාමී රට නිර්මාණය කරන්න නම් නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් තියෙන්න ඕන.

ඒ වගේම අනිවාර්යෙන්ම, නිවැරදි ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකල යුතුයි. නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නොතිබීමේ විපාක සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නියම වෙලාවට නොකිරීමේ විපාක තමයි අද මේ රටේ ජනතාව ගෙවමින් පවතින්නේ . ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන , ඒ සඳහා දැන් ජනාධිපතිතුමා ඉදිරිපත් කරලා තියෙන සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් නිශ්චිත වශයෙන්ම හරියටම එතුමාගේ රාජාසන කතාවේදී බලාගන්න පුළුවන් වේවි. නිවැරදි මාවතකට ආර්ථික වැඩපිළිවෙළ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා සහයෝගය ලබාදීමට, සර්ව පාක්ෂික වැඩපිළිවෙළට සහයෝගය ලබා දිය යුතුයි කියන එක තමයි අපේ විශ්වාසය . පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමයක් හරහා ආර්ථිකය නිවැරදි මාවතකට දානවනම් ,ඒ සඳහා පක්ෂයක් හැටියට අපි සහයෝගය ලබාදිය යුතුයි. හැබැයි, ඒකෙන් කිසිසේත්ම අර්ථ ගැන්වෙන්නේ නැහැ මේ සර්ව පූට්ටු ආණ්ඩුවලට එකතුවෙලා ඇමැතිකම් අරගෙන, සුඛ විහරණයේ යෙදෙන්න ඕන කියන එක අපි කිසිසේත්ම එකඟ නෑ ඒකට. මොකද හේතුව දැන් මේ වෙලාවේ සර්වපාක්ෂික ආණ්ඩුවේ නාමයෙන්, ඒ මුවාවෙන් ඇවිල්ලා කැබිනට් ඇමතිධුර හතළිහක් ලබාදෙනවා නම්, නියෝජ්‍ය ඇමතිධුර හතළිහක් ලබාදෙනවා නම්, ඒ ඇමතිවරුන්ට අමාත්‍ය කාර්ය මණ්ඩල ලබාදෙනවා නම් , ඒ අයට අනෙකුත් සියලු වරප්‍රසාද ටික ලබා දෙනවා නම්, මේ රටේ ජනතාවට ඒ බර දරන්න බැහැ. ඉතිං ඒ නිසා මෙතන අවශ්‍යතාවය තියෙන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකට වඩා , සර්වපාක්ෂික වැඩපිළිවෙළක් හරහා රටේ දැවෙන ප්‍රශ්න වලට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම තමයි අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒකට සහයෝගය ලබා ලබා දීමේ කිසිම ප්‍රශ්නයක් නැහැ.

අනිත් එක තමයි දැන් මේ දේශපාලන පක්ෂ කඩන පාපකර්මයට දායකත්වය ලබාදිය යුතු නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙලා ඉන්න කම්ම කලේ පක්ෂ කඩපු එක. අන්තිමට මොකද වුණේ? අගමැති පුටුවෙන් එතුමාව එලෙව්වා. ඒ නිසා මේ පක්ෂ කඩන වැඩපිළිවෙලකට යන්නත් බැහැ. දෙවෙනි කාරණය තමයි , ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් තමයි විපක්ෂයක් ඉන්න ඕන. මොකද දැන් සර්වපාක්ෂික ආණ්ඩුවක් කියලා ඉවර වෙලා මේ හැම පක්ෂයකම නියෝජිතයින් එකතු වෙලා ආණ්ඩුවක් හදාගෙන, ඊට පස්සේ ඒකෙන් හොරකම් වංචා දූෂණ නාස්ති කටයුතු කරනවා නම්, මුදල් අවභාවිතා කරනවා නම්, ඒවා එළියට දාන්න ඒ වෙනුවෙන් සටන් කරන්න ,ඒ වෙනුවෙන් පෙනී සිටින්න, ඒවාට අදාළ පියවර ගන්න විපක්ෂයක් අවශ්‍යයි. මොකද විපක්ෂයකුත් නැතුව ඔක්කොම එකතුවෙලා හොරකම් කරන සිස්ටම් එකක් හදන්නත් බෑ කියන එක තමයි අපි පැහැදිලිව කියන්න කැමති.

ආර්ථික වැඩපිළිවෙළට සහයෝගය දෙන එකයි, දේශපාලන වැඩපිළිවෙළයි කියන්නේ දෙකක්. සමගි ජන බලවේගයේ ආර්ථික වැඩපිළිවෙලත්, රනිල් වික්‍රමසිංහ මහත්මයා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළයි අතර මහ වෙනසක් නැහැ. අපි එක්සත් ජාතික පක්ෂය හිටපු මිනිස්සු. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික දර්ශණය විශ්වාස කරන මිනිස්සු. එතකොට සමගි ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ම ඇවිල්ලා හදපු පක්ෂයක්. ඒකෙ ආර්ථික දර්ශනයත් සමානව යනවා. ප්‍රශ්නයක් නෑ. ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ මොහොතේ රටට අවශ්‍ය ඒ ප්‍රතිසංස්කරණ, අලුත් මුහුණුවරකින් මේ මොහොතට ගැලපෙන මුහුණුවරකින්, ඒකට සහයෝගය ලබාදිය හැකියි කියන එක තමයි පැහැදිලිව කියන්න ඕන.

මාධ්‍යවේදි:මේ දවස් වල අපි දකිනවා ඝාතන වෙනවා. ගෝල්ෆේස් එකෙන් වැල්ලවත්තෙන් හම්බවෙනවා bodies. ජනතාව අතර තියෙනවා මේවා අභිරහස් ඝාතන සැලැස්ම ද කියලා. ඔබතුමාට මොකද හිතෙන්නේ?

– බැලූ බැල්මට මටත් එහෙම හිතෙනවා. මටත් පොඩි සැකයක් තියෙනවා ඒක ගැන. නමුත් කරුණු කාරණා හරියට දන්නේ නැතුව ඒක ගැන උත්තරයක් දෙන්න බැහැ. හැබැයි එක දෙයක් කියන්න ඕන. මේ විදියට දිගින් දිගටම වෙන්න ගත්තොත් සුදු වෑන් සංස්කෘතියේ වෙනම පැතිකඩක් තමයි නිර්මාණය වෙන්නේ. එහෙම වුනොත් අනිවාර්යෙන්ම මේකෙ දෙකින් එකක් බේරගන්න පාරට බහින්න ම සිද්ධ වෙනවා. මොකද මනුස්ස ජීවිතය ක වටිනාකමක් කියන එක තේරුම් ගන්න බැරි පාලකයෙක් රට පාලනය කලොත් එහෙම පාලනයකට මොනම හේතුවක් නිසාවත් යන්න දෙන්න බැහැ. මිනිස්සුන්ගෙ වැරදි තියෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්, ගැටළු තියෙන්න පුළුවන් නමුත් ඒකට විසඳුම මරණය නෙවෙයි. කරුණු හරියට තෝර බේර ගන්නෙ නැතුව මට ඔබතුමා අහන එකට ඔව් නෑ බෑ උත්තරයක් දෙන්න බෑ.

– Media unit

8,170 views

10 Comments to “ගාළු මුවදොරට මල සිරුරු ගසාගෙන ඒම සුදු වෑන් සංස්කෘතියේ වෙනම පැතිකඩක්…”

  1. වෙබ් බුවා says:

    මූටත් ගොක් කොල පේනවා වගේ

    • Uru Gada Enawo says:

      පදනම් රහිත නැතිව පිස්සු මනෝ විකාර දොඩවන එකී ඇරෙන්ඩ. ටොපි කරපු එක පොඩි වැඩක් කියපිකෝ වසල හින මාන කාරයෝ.

  2. උඹ බය නම් උඹේ නම ලැමිනේට් කරලා බෙල්ලේ එල්ලා ගනින්.

  3. RITIGALA says:

    gota…gota kiyagena aminenna haduwata dan ubalage kalin lokka neda pora…??

  4. Sampath says:

    Murata wanasanawa

  5. බිංකුණ්ඩා says:

    කිලීගෙ කුක්කෙක් බුරනව

  6. ROSH says:

    මුසලයා

  7. SANA says:

    MAY WAGE AWASTHA WADEE STHTHU MAY RATE PARLIMENT EWAPU AWOOO THMA MEWATA WAGA KIYANNA ONNE

    MUUU MANUSSAYEK NOWEE ….

  8. Balana Rala says:

    These are the fellows who should have been given a crown for their skills in spreading hearted and violence in the country.
    Full of lies….. very good at creating lies and critizizing whatever the steps taken by the government because that’s their survival.
    Shame on you Marikkar. Shame on you.

  9. Saman says:

    Pala booru thambiya.

Main News