සර්ව පාක්‍ෂික සමුළුවට එන්න කැබිනට් ඇමති ධුරයක් ඉල්ලයි..

March 28, 2022 at 1:20 pm | lanka C news
සර්ව පාක්‍ෂික සමුළුවට එන්න කැබිනට් ඇමති ධුරයක් ඉල්ලයි..

කැබිනට් අමාත්‍යධුර ලබා නොදුන් නිසා ඇතැම් පක්ෂ නායකයින් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි නොවු බව වනජිවි සහ වන සංරක්ෂක අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි.රත්නායක අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ තරුණ බල මණ්ඩල රැස්විම (28) දින පස්වරුවේ අඹගමුව ප්‍රාදේශිය සභා ශ්‍රවණාගාරයේ පැවති අවස්තාවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ එසේ සර්ව පාක්ෂික සමුළුවට නොපැමිණි පිරිස රට ගැන නොසිතා පෞද්ගලික පරමාර්ථ ඉෂ්ඨ  කරගැනිමේ  අරමුණින් එම සමුළුවට සහභාගි නොවු බවයි.

දේශපාලන වශයෙන් කුමන මතභේද පැවතියද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුවට සහභාගි වි රට වෙනුවෙන් සර්ව පාක්ෂික සමුළුවට අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරිම පැසසිය යුතු බවයි අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසනයේ තරුණ බල මණ්ඩලය රැස්විමට විශාල පිරිසක් පැමිණ සිටි අතර , මෙම තරුණ බල මණ්ඩල රැස්විමට අම්පාර දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප.ම ඩබ්ලිව්.ඩි.විරසිංහ මහතාද සහභාගි වි සිටි අතර , ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මස්කෙලිය ආසන සංවිධායක සහ අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාද සහභාගි විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

88,786 views

4 Comments to “සර්ව පාක්‍ෂික සමුළුවට එන්න කැබිනට් ඇමති ධුරයක් ඉල්ලයි..”

  1. සමන් says:

    ඔය මගුලට නිකන් බොරුවට කාලය නාස්තිකරන්න එපා. උබලගෙ කාලෙ නාස්ති කරගත්තත් අපේ සල්ලි නාස්තිකරන්න එපා. මටනම් පේන හැටියට ඕක ඇටෙව්වෙම විපක්ශෙට හරි කියල සල්ලි ටිකක් ගෙන්නගන්න එක්කො ‌වරද පොදුවෙ කාගෙත් වරදක් කියල ජනතාවට පෙන්නන්න. අපිටනන් අමුතුවෙන් කියන්න ඕන නැහැ. අපි දන්නව ‌සියලුම දේශ පාලුවො මේ තත්වෙට වග කියන්න ඕන කියල. ඒ දේශ පාලුවො පත්කල අපිත් වගකියන්න ඕන මේ තත්වෙට රට පත් කරනකන් හිටියට.

  2. Asoka says:

    උඹලට බැරිනම් ඕක ළමයෙකුට දීලා තොලොංචි වෙලා පලයන්කෝ . ආයේ මේ සර්වලෝක පුට්ටු දාන්න ස ට පක්ෂ හොරුන් එවුන් එකතුකරන්නේ

  3. Kdtv says:

    තවත් පොරකුකුල්ලු වගෙ කොටා ගන්නේ නැතුව, තරුන මන්ත්‍රිල එක්ක රටට වි.විනිමය ගේන තිරසර විදියක් කතාකරපල්ල.
    දැන් රට බොම්බෙන් යද්දිත් තවම දේශපාලනේ.
    බොලා ඔක්කොටම තෙරෙන්නේ නයගන්නයි,බැන බැන ඉන්නයි.

  4. LalithM says:

    ණය ගෙන රටේම ජනතාව ලවා චීනෙට ඉන්දියාවට කඹුරවන්න ජනපති සහ රජයක් ඕනද?

Main News