යාපනේ තරුණයෙක් සරුංගලය සමග අඩි 40ක් උඩ ගොස් බිමට වැටෙයි….[Video]
December 21, 2021 at 11:20 am | lanka C news![යාපනේ තරුණයෙක් සරුංගලය සමග අඩි 40ක් උඩ ගොස් බිමට වැටෙයි….[Video]](https://lankacnews.com/wp-content/uploads/2021/12/4545-5.jpg)
යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ පූලෝලි ප්‍රදේශයේ තරුණියින් පිරිසක් ඊයේ (20) දින සරුංගල් යවමින් සිටියදී විශාල සරුංගලයක් සමග තරුණයෙකු අඩි 40 ක් පමණ ගුවනට ඇදගෙන ගොස් ඇති බවට වාර්ථා වෙයි.
අදාල තරුණියින් පිරිස විශාල සරුංගල් කිහිලයක් ගුවනට යැවීම සඳහා එහි නූල් එකම කඹයක බැඳ ඇති අතර සරුංගල් අතර තිබූ විශාල සරුංගයක් එකවරම සුලං හේතුවෙන් ගුවනට යාමෙන් කඹය අල්ලා සිටි තරුණයෙකුද කඹය සමග ගුවනට ඇදගෙන ගොස් ඇත.
එහිදී බිම සිට අනෙක් තරුණයින්ට කඹය අල්ලා ගැනීමට හැකි වූ අවස්ථාව වන විටත් සරුංගලය සමග ඇදී ගිය තරුණයා අඩි 40 ක් පමණ උසකට ගොස් තිබූ අතර තරුණයා සමග කඹය ඇදීම දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ අතර එතෙක් ගුවනට ඇදී ගිය තරුණයා කඹයේ එල්ලී සිටීමද විශ්මය ජනක විය.
කෙසේ වෙතත් සරුංගලය සමග කඹයේ එල්ලී සිටි තරුණයා අඩි 10 ක් පමණ උසක් ආසන්නයට ඇදගැනීමට බිම සිටි තරුණයින් සමග් වූ අවස්ථාවේදී කඹයේ එල්ලී සිටි තරුණයා බිමට පැන ඇති අතර එම අවස්ථාවේම තරුණයා පේදුරුතුඩුව රෝහලට රැගෙන ගොස් ඇත.
කෙසේ වෙතත් බිමට පැන්න තරුණයාට එතරම් හානියක් සිදු නොවී සුලු තුවාල පමණක් සිදුවීමද වාසනාවක් බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ
මෙය ආරක්ෂිත මෙවලම් පැළඳගෙන ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස ලංකාවේ ප්‍රචලිත කල යුතුය. මෙවැනි ක්‍රීඩා පිටරටවල් වල ඇත. සංචාරකයින් අතර ද විශාල ලෙස ප්‍රසිද්ධියක් ඇත. කෙසේ වෙතත් සරුංගලයක් ලෙස පුද්ගලයෙකු යෙදීම සුදුසු නොවේ.
ජනාධිපතිවරනේ දී මාධ්‍ය වලින් ගෝටා සර් උඩ අරියෙත් මේ වගේ.
දැන් බිම වැටිලා පස්ස බිම අනිලා ඉතිරු වෙලා ඉන්න බයියෝ ටික එකතුවෙලා තෙල් ගාන සීන් එකක් තියෙන්නේ
අඩේ.. ඒ කාලේ මතක් වුනා නම් බෝම්බ ටිකකුත් එල්ලලා එවනවා..