සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

January 8, 2022 at 3:50 pm | lanka C news
සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

මුදල් අච්චු ගසා සහන දෙන්න යාමෙන් ඇතිවන උද්ධමනය ගැන ආණ්ඩුව සිතා බැලිය යුතු බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම් සහන දෙන්න සිදු වන්නේ මුදල් අච්චු ගැසීමෙන් බවද ඔහු පැවසීය.

අද වන විට මේ රටේ ජනතාව දැවැන්ත උද්ධමනය මුහුණ දෙමින් සිටින බවත් එයින්ද වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ අඩු ආදායම්ලාභීන් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් ජනතාවට යුතු බවත් ඒ ආකාරයට ජන මනස හදන විට ජනතාව තත්වය අවබෝධ කොටගෙන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් වනු ඇති බවත් ඔහු කියා සිටියි.

නමුත් ඒ ආකාරයෙන් ජනමනස හදන්නට ආණ්ඩුව අසමත් වී ඇති බවත් ඔහු පැවසීය.

සති අන්ත පුවත්පතක් වෙත ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

114,374 views

16 Comments to “සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..”

  1. අපේ රට says:

    ඇත්ත කතාව,රටෙ මිනිස්සු යුද්ධය කාලෙ මිනිස්සු පටි තදකර ගත්තෙ වැඩක් වෙනනිසා හා ජනතාවට එය පෙන්නුව නිසා.
    මෙ කතාවත් එවගෙ රටට කියන්න.
    ලග ඉන්න අවස්‍ය්හාවාදි හිපාටු වවුලන්නට නොරැවටෙන්න.

    • Amaris says:

      සිම්බාබේ රටේ උද්ධමනය උච්චම අවස්තාවට පැමිනි වකවානුවේ එක්තරා පුද්ගලයෙක් විල්බරෝ එකක සල්ලි පුරවා පාන් රාත්තලක් ගෙන ඒමට කඩයක් සොයා යනවලු. අතරමගදී ඔහු කොල්ල කරුවන්ට හසුවෙලා. කොල්ලකරුවෝ මුදල් නෝට්ටු කානුවට විසිකර විල්බරෝ එක රැගෙන පල්ගොසින්.

      • ජුණ්ඩා says:

        රොඩේසියාව, සිම්බාබ්වේ කියලා නමත් වෙනස් කරගෙන ස්වාධීන වෙන කොට එංගලන්තෙ එවුන් සම්බාධක දැම්ම වෙලාවෙ, බටහිර මීඩියා කාරයො හදාපු අතේ රෝලක් බං ඒ කතාව.
        ඇත්ත කතාව ඒකෙ අනිත් පැත්ත. රොබට් මුගාබේ සිංහයෙක් වගේ තමුංගෙ ජනතාව රැක ගත්ත විදිය බටහිර මීඩියාකාරයො වසං කළා. අර අපේ හමුදාව ගැන news create කරනවා වගේ.

  2. රජ විරුවන් says:

    සල්ලි අච්චු ගහල හරි සල්ලි ගස් වලින් කඩල හරි රජ විරුවන් ට ( රජයෙ සේවකයන් ට ) දෙන්න ඕනේ මේ අවුරුදු 2කේ වෙච්ච මහන්සි යක් පුදුම හිතෙනවා

  3. Banda says:

    ………….රජයේ ආදායම් වැඩි වෙන්නෙ නැතිනම් වෙනත් වියදමක් කපා හැරෙන්නේද නැතිනම්……..
    ……🤥🤥🤥🤥🤥🤥🤥

  4. LalithM says:

    20 සංශෝධනයට අත උස්සපු එකෙක්වත් මහජනතාව ඇමතීමට නුසුදුසුය.ඔව්හු තම තනතුර ප්‍රතිලාභ සඳහා රටේ අනාගතය පාවාදුන් පව්කාරයන්. තරුණ ඡන්ද පාවාදුන් ශාපය ඉක්මනින් පලදෙනු නියතයි.

  5. ගොඩයා says:

    දැන් එතකොට අපිද ආණ්ඩුව කරන්නේ. මේවා අපිට කියන්නේ මොකද. ගිහිල්ල කියපිය තොගේ මහ එකාට.

    • Rosh says:

      උබට ගොඩයා කියලා නම දාපු එකාට තෑග්ගක් දෙන්න ඕනේ.

  6. Boris Vanculenberg says:

    Mr. Minister what you say is right! But do you know the fate your cabinet colleague had to face for talking the truth? One wonders this is the democratic pledge given prior to election campaign!!

  7. BariSil says:

    Next in the line?

  8. Amaris says:

    සිම්බාබේ රටේ උද්ධමනය උච්චම අවස්තාවට පැමිනි වකවානුවේ එක්තරා පුද්ගලයෙක් විල්බරෝ එකක සල්ලි පුරවා පාන් රාත්තලක් ගෙන ඒමට කඩයක් සොයා යනවලු. අතරමගදී ඔහු කොල්ල කරුවන්ට හසුවෙලා. කොල්ලකරුවෝ මුදල් නෝට්ටු කානුවට විසිකර විල්බරෝ එක රැගෙන පලාගොසින්.

  9. sunimal says:

    රැ 12 ට අත් සන්කර තෙල් ටැංකි ටික වසර 50 ඉන්දියාවට දන් දීලා දැන් සුදනා වෙන්න හදනවා. කපටියා. නරින්ට රැවටුන කාලේ ගියා

    • Sahib says:

      දන්න දෙයක් කියපන් ජෙප්පෝ.

      2003 ගිවිසුම අනුව ටැංකි 99ම ඉන්දියාවට දී තිබිය දී විරෝධය පළ නොකල අය ඒ ටැංකි 99න් 85ක්ම ලංකාවේ පාලනයට ගන්නා විට ඊට විරෝධය පළ කරන්නේ ඇයි? දෙවන ලෝක යුද සමයේ දී හැරුණු විට පසුගිය වසර සීයටම කිසිම අවස්ථාවක ප්‍රයෝජනයට නොගෙන දිරාපත් වීමට ඉඩ හැර තිබුණු තෙල් ටැංකි සංකීර්ණය අපේ රටේ ප්‍රයෝජනයට ගන්නා විට විරුද්ධ වෙන්නේ ඇයි? අපේ නිලධාරින්ට තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළු වෙන්න ඉඩ නොදුන්නාට විරුද්ධ නොවුණු අය එතැන ජාතික කොඩිය ඔසවනවාට විරුද්ධ වෙන්නේ ඇයි? මේ පෙන්වන්නේ දේශප්‍රේමය ද නැතිනම් ඉන්දියානු ප්‍රේමය ද

  10. Asoka says:

    දැන් එතකොට අපිද ආණ්ඩුව කරන්නේ. මේවා අපිට කියන්නේ මොකද. ගිහිල්ල කියපිය තොගේ මහ එකාට

Main News