සල්ලි අච්චු ගහන සමාගම බලන්න අගමැති රනිල් යයි..

December 15, 2017 at 6:48 pm | lanka C news
සල්ලි අච්චු ගහන සමාගම බලන්න අගමැති රනිල් යයි..

තවත් මාස කිහිපයකින් විදේශ ගමන් බලපත්‍රය සඳහා මයික්‍රෝ චිප් තාක්‍ෂණය ඇතුළත් කෙරෙන අතර ඒ අනුව තමන්ගේ ඇඟිලි සලකුණ, ඡායාරූපය සහ තවත් තොරතුරු ගණනාවක් ඊට ඇතුළත් කෙරෙන බවත් එය නව දියුණුවක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) බියගම ආයෝජන කලාපයේ පිහිටි තෝමස් ඩිලාරූ (De La Rue) ආයතනයේ නිරීක්‍ෂණ චාරිකාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

තෝමස් ඩිලාරූ සමාගම සහ ශ්‍රී ලංකා ආණ්ඩුව සිදු කරන හවුල් ව්‍යාපාරයක් බවත් මෙය, 1986 වසරේ දී මම බියගම ආයෝජන කලාපය ආරම්භ කළ අවස්ථාවේ ගෙනා මුද්‍රණාලයක් බවත් අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළේය.

ඉදිරියේ දී සැමරීමට නියමිත, නිදහසේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් මෙම මුද්‍රණාලයේ දී මුදල් නෝට්ටු මුද්‍රණ කටයුතු මේ දිනවල දී සිදු කරන බවත් ඒ වගේම දැනට ඝානාවේ සහ වෙනිසියුලාවේ මුදල් නෝට්ටු ද මෙහි මුද්‍රණය වෙමින් තිබෙන බවත් කී අග්‍රාමාත්‍යවරයා එම කටයුතුවල රහසිගත භාවය ආරක්‍ෂා කළ යුතු වූ නිසා මාධ්‍යවේදීන්ට මෙම ස්ථානයට ඇතුළුවීමට අවසර නොලැබුණු බවත් කීය.

“මෙම ආයතනය මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාවට අවශ්‍ය මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහායි. අද වන විට ශ්‍රී ලංකාවට මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ 25% ක් පමණක් වන අතර ඉදිරියේ දී ඉතිරි 75% ද අලුතෙන් මුද්‍රණය කිරීමට නියමිතයි. ගිය වසරේ දී අපේ මහබැංකුවේ නිලධාරීන් එංගලන්ත මහ බැංකුවේ කටයුතු පිළිබඳව සොයා බලා, එම මහ බැංකුවේ භාවිතා කරන යන්ත්‍ර සියල්ල මේ ආයතනය සඳහා ද ගෙන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ ඇණවුම් මේ ආයතනය වෙත ලබා දීමෙන් පසු අනාගතයේ දී වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමේ ඇණවුම් ද මෙම ආයතනයට ලැබෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා”.

“නව විදේශ ආයෝජන ගෙන ඒමට පමණක් නොව, දැනට තිබෙන ව්‍යාපාර වෙළඳපොළ තරගකාරීත්වයට මුහුණදීමට හැකි ආකාරයට හැඩගස්වා ඒවාහි නිෂ්පාදන අපනයනය කිරීම සඳහා පෙළඹවීමට ආණ්ඩුවක් ලෙස අප කටයුතු කරනවා. එමගින් තවත් අවුරුදු කිහිපයකින් මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය මීටත් වඩා ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප අපනයන ඉහළ දැමීමට කටයුතු කළ යුතු අතර එමගින් දැනට තිබෙන ආදායම්වලට වඩා විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වෙනවා”.

ඉදිරියේ දී මහනුවර, බිංගිරිය, මාවතගම, කළුතර, ගාල්ල, හම්බන්තොට, මොණරාගල ආදී ප්‍රදේශවල විශාල ආයෝජන කලාප ඇති කරන අතර එමගින් එම ප්‍රදේශ දියුණු කිරීමට කටයුතු කරන අතර ම මෙම කටයුතු සඳහා අවම වශයෙන් වසර දෙක තුනක් ගත වන බවත් නව ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ආයෝජකයන් කෙරෙහි විශ්වාසයක් ඇති වී තිබෙන බවත් බියගම, කටුනායක වැනි ආයෝජන කලාපවලට වඩා වැඩි තාක්‍ෂණයකින් යුතු ආයෝජන කලාප විශාල සංඛ්‍යාවක් මෙරට තුළ ඇති කර, එම කර්මාන්ත සඳහා 21 වැනි ශත වර්ෂයේ මැද භාගයට ඔබින තාක්‍ෂණය ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීයයි.

– biz.adaderana.lk

256 views

10 Comments to “සල්ලි අච්චු ගහන සමාගම බලන්න අගමැති රනිල් යයි..”

  1. JOY says:

    යහපාලන ආණ්ඩුව පත් වී මුල් දින සියයෙන් අඩක් ගත වන්නටත් පෙර සිදුකළ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ද බටලන්ද මුදල් අච්චු ගහන සමාගමක් බැලීමට යාම ගැන සැලකිලි මත් විය යුතුයි … ආන්දෝලනාත්මක බැදුම්කර වංචාවට සම්බන්ද පුද්ගලයින් තාමත් නිදැල්ලේ ? අද මේ රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි පුදුමයි

    • Kuveni says:

      Ranil is a mastermind in gentleman robberies and may be he is planning to finance the local government election since he cannot rob the Central Bank for the second time.

  2. Mahasona says:

    මහ බැංකු කොල්ල කෑ රනිල්ගේ සල්ලි තණ්හාව තාමත් ඉවර වී නැති හැඩයි ..මේ පාර හොර සල්ලිද අච්චුගහන්න හදන්නේ? කල්පනාවෙන් තවත් ලොකු අනතුරක් අත ලගයි වගේ

  3. NARAYANA says:

    Biggest robbery of bank bond he is looking further robbery programm to work out

  4. Alapaluwa says:

    This is another plan of patta hora.This is going to be another disaster second to non.

  5. ලිච්ඡවී වික්‍කමසිංහ​ says:

    යහපාලනය ළදරු වියේදීම මහ බැංකුව කොල්ල කෑවේය​.කොල්ල කෑ උන් කියන්නේ එය කොල්ල කෑමක් නොව පුස් කමින් තිබූ සල්ලි විනාශ කිරීම සඳහා අර්ජුන් ඇන්ඩ් කොම්-පැණියට දුන් බවය​.අර්ජුන් ඇන්ඩ් කම්පැණි යනු සල්ලි ගිලින මැෂින් නිෂ්පාදනයේ පුරෝගාමීන් බව දීපව්‍යාප්ත සමීක්‍ෂණයකින් හෙලිවී ඇත​.දැන් මහ බැංකුව හිස් වී ඇත​.එක්කෝ එහි මත්තල මෙන් වී ගබඩා කර පිරවිය යුතුය​.අපට දැන් පුරවන්නට තියා කන්නටවත් වී ඇටයක් නැත​.දැන් කල යුත්තේ බියගම කොම්පැණියෙන් සල්ලි අච්චු ගස්සවා මහ බැංකුව පිරවීමය​.ඉන් පසු නැවතත් මුන්වම පෙල ගස්සවා බැංකුව හිස්කරවීමය​.ඒකට කියන්නේ ලිච්ඡවී ක්‍රමය කියාය​.

  6. ඇලෝසියස් යේස් සර් says:

    ඇලෝසියස් යේස් සර් අච්චු ගහමු බෙදමු.චන්දෙට කැමැත්තට.

  7. Danu says:

    DON’T LET HIM STEP ANYWHERE CLOSE TO MONEY MOST WANTED BANK ROBBER

  8. Mangala says:

    Note to LA De Lanka management; Be really careful, you will realize later your printed money got disappeared without any trace.

  9. රනිය says:

    දෑන් මූ ගෙම්බා වාගෙ බඩ ගෙඩිය දාල මහ බෑන්කුව හොරකම්කරල කාල. ඉස්සර මූ ඈන්දෙ බේල් කෝට් දෑන් මහ බෑන්කුව හොරකම්කරාට පස්සෙ මූ ෆුල් සූට් ගහනව හොරකම් කරපු අපේ සල්ලි වලින්. තව අපිට කෙබරත් බානව

Main News