සල්ලි ඩබල්-ටි‍්‍රබල් කරන බහිරව පූජාවක්… දැමූ සල්ලි වැලි වෙයි…

April 16, 2021 at 3:00 pm | lanka C news
සල්ලි ඩබල්-ටි‍්‍රබල් කරන බහිරව පූජාවක්… දැමූ සල්ලි වැලි වෙයි…

බහිරවයාට පූජාවක් පවත්වා මුදල් මුදල් දෙගුණ තෙගුණ කර දෙන බව පවසමින් ව්‍යාපාරිකයන් ලක්ෂ ගණනක මුදල් වංචා කළ ඔහුගේම ආයතනයේ කළමනාකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහු අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන විසිඑක් වන දා තෙක් රිමාන්ඩ් කිරීමට මීගමුව අධිකරණය විසින් නියෝග කර ඇත.

තමනට භූත ආරූඪයක් ඇතැයි පවසමින් එම මුදල බහිරව තට්ටුවක තබා බහිරවයා ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් මුදල් දෙගුණ තෙගුණ කර ගත හැකි යැයි සැකකරු ව්‍යාපාරිකයන්ට සඳහන් කර තිබේ.

ඒ අනුව එම බහිරව පූජාව සඳහා සැපයිය යුතු ද‍්‍රව්‍ය ගැනද ව්‍යාපාරිකයාට දැනුවත් කර ඇත.

එම බහිරව පූජාව සිදු කරන අතරතුර සැකකරු ආරූඪයෙන් ව්‍යාපාරිකයාට පහරදීමට තැත් කරද්දී ව්‍යාපාරිකයන් නිවසෙන් පලා ගොස් තිබේ.

පසුව ගොස් බලද්දී අදාළ මුදල තිබූ කවරයේ වැලි පමණක් තිබී ඇති අතර සැකකරු පවසා ඇත්තේ තමා කිසිවක් නොදන්නා බවත් එය දන්නේ බහිරවයා පමණක් බවත්ය.

පසුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අතුරුදහන් වූ මුදල මෙතෙක් හමුවී නැත.

21,867 views

6 Comments to “සල්ලි ඩබල්-ටි‍්‍රබල් කරන බහිරව පූජාවක්… දැමූ සල්ලි වැලි වෙයි…”

  1. PaniSumane says:

    Kegalle, Kaali amma kiyala coronawata pani hadapu Dammika mason baasge sahodarayek wenna athi!

    • SUHADA MAWATE-BOC-GU-PIMPI-CHAMARA says:

      සල්ලි ඩබල්-ටි‍්‍රබල් කරන PIMPI පූජාවක්, Mama karanamki. Nangila ennako salli kaayo innawa…
      Salli tama appaaaaaaaaa………

  2. kavirathna says:

    sinhala-bahuddha

  3. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පොහොට්ටුවෙ කට්ටඩ් සන්විදානෙකුත් තියෙනව නේද කට්ටඩිත් වියත්තු කරල ගත්තු ආණ්ඩුවක් මේක බයියට නම් උනුත් වියත්තු තමා.

  4. New Allah says:

    Mata Yaknga kalath oya tikama thama. Mama Aththatama Vishwaye Nehe, okkoma boru. Harak innakam mage gola bala Mullalata raja magul. Bahirawa kathath ovagema thamai hallo

  5. ජනනායක ස'ගෙ MCC සිතියම සොයා ගත් කෙනාට සහන මල්ලක් නොමිලේ says:

    නලින් සිල්වා තානාපති තුමාගෙන් අහුවනං කියයි නොපෙනෙන ජීවීන්ගේ බලයෙන් සල්ලි ඩබල් කරන්න පුළුවන් ක්‍රම තියෙනවා කියල.

Main News