සල්ලි තියෙනවා කියා කයිවාරු ගසා වැඩක් නෑ.. අපට සල්ලි නෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- දයාසිරි

June 22, 2021 at 3:00 pm | lanka C news

සල්ලි තියෙනවා කියා කයිවාරු ගැහුවට ප්‍රශ්න ප්‍රශ්නය විසඳන්න බැරි බවත් ශ්‍රී ලංකාව විශාල අර්බුදයක සිටින බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

සත්‍ය වශයෙන්ම අද වන විට ශ්‍රී ලංකාවට ඇත්තේ විදේශ සංචිතය ඩොලර් බිලියන හතරක් බවක් අප සිටින්නේ ඩොලර් හිගයක බවත් ඒ මහතා පවසයි.

කවුරු හිටියත් මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවෙන බවත් ජනතාවට සත්‍ය තත්ත්වය පැවසිය යුතු බවත් ඒ මහතා කියා සිටී.

ඉන්ධන මිල වැඩි කිරීම විශාල ප්‍රශ්නයක් වුවත් ආණ්ඩුවක් ලෙස විශාල අර්බුදයකට මුහුණ දී සිටින වෙලාවක වෙන විකල්පයක් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ කිසිවකුගේ බඩවියත රැක ගැනීමට නොවන බවද ඔහු පැවසීය.

කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පල කලේය.

37,606 views

12 Comments to “සල්ලි තියෙනවා කියා කයිවාරු ගසා වැඩක් නෑ.. අපට සල්ලි නෑ.. ජනතාවට ඇත්ත කිව යුතුයි..- දයාසිරි”

  1. Jagath says:

    පුතා කිව්වේ සල්ලි තියෙනවා ඕනේ තරම් කියලා

    • සිරා says:

      Bison ගවයයි ‌Jonny පෝනියයි කිව්වේ අපට ඕනේ තරම් සල්ලි තියනවා..රටේ මූල්‍ය අර්බූදයක් නෑ කියලා

  2. ගොනාට අo says:

    රට වහනවා ඇරෙන්න වෙන කිසිම විකල්පයක් නැති අහංකාර කමින් පිරුණ ඔලුවක් සහ කිසිම බුද්ධිමත් බවක් නැති බොල් චරිත නායකත්වය දරණ හැරුණ හැරුණ අතට හොරකම් කරණ පවුලේ ගුඩ්ඩෝ සෑම අහුමුල්ලකම රිංගගෙන ඉන්න ප්‍රජාතන්ත්‍රවාදය කියන අකුරුවල තේරුමවත් නොදන්නා ජනාධිපතියෙක් සහ පවුලේ ගුඩ්ඩන්ගේ බලයට යටවුන ආණ්ඩුවකින් බොරු කයිවාරු ඇර වෙන මොනවා බලාපොරොත්තු වන්නද?

  3. The man says:

    Daysiri bayawanna appa china salli di thawama land sale dala na ewsanna. Apita raja magul ganna puluwan land sale set karama.

  4. මරා says:

    එතකොට වාහන ගෙන්නුවේ තොපේ අප්පුච්චගෙ සල්ලි වලින් වෙන්න ඇති නේද?? එහෙම නැත්තං ඩේසී ආච්චිට ආපහු සල්ලි මල්ලක් ඇවිල්ලද දන්නෙ නෑ….

    • Ravana parapura says:

      බංගලිදේශයෙන් ණය ගත්තේ ආණ්ඩුවට මුදල් වැඩි නිසාද ?

  5. අනිත්‍ය නිසා දුක says:

    ඉන්ධන මිල අනිත්‍ය වුන ගමන් දුක එනවා. මිල නිත්‍ය මට්ටමක පවත්වා ගත්තොත් දුකක් එන්නෙ නෑ.

    ඒක නිසා, දැන් වත් ඉන්ධන මිල වසර 5කට බලපාන පරිදි නිත්‍ය කරණ බවට ගැසට් එකක් ගහන්න.

    එතකොට මිනිස්සුන්ට තව වසර 5ක් දුකක් නැතුව ඉන්න පුලුවන්.

    • පොඩි එකා says:

      තොට පිස්සු ද යකෝ?
      අනිත්තෙ නිසා දුක එනවා කියාඅ මේකුං තව අවුරුදු පහකට ලීටෙරේ දාහ ගානෙ කියලා නිත්‍ය මිලක් ගැසෙක් කොරොට් තොට දුක වෙනුවට සැප එයිද?
      තොපි ගංජා ගහලා බන පොත් කියවන්ඩ එපා මොංගලොයො. ලංකාවෙ උං වගේ ටෝක්ස් දෙන්ඩ එපා.

  6. Sun says:

    The reason for this disaster is mismanagement of money or going to their pockets.

  7. බන්ඩා says:

    රට ආර්ථික වශයෙන් අන්තිම අමාරැ අඩියක බව නොතේරෙන්නෙ හරක්ට පමනය්.

  8. ඉන්ධන මිල වැඩි කලේ නාස්තිකාර පාලකයන්ට වාසි ගන්න. මහජනයාට කියන්න බැරි තරම් අමාරු වෙලාවේ කිසිම ලජ්ජාවක් නැතිව වාහන ගේන්න උත්සාහ කලේ.එක ගොන් ඇමති කෙනෙක් ක්‍රෙඩිට් ලයින් එකක් ගැනත් කිව්වා. මිනිස්සු ඔච්චර මෝඩ නැහැ දැන්.

  9. චන්ද දායක says:

    ඔයා දන්න බම්බුව. සල්ලි තියෙනවා.