සල්ලි නැතිනම් ණය ගන්න වෙනවා.. නැතොත් තියෙන දෙයක් විකුණන්න වෙනවා.. මැදමුලනෙන් හෝ මිරිහානෙන් සල්ලි ගේන්නේ නෑ…- බන්දුල

June 8, 2021 at 3:00 pm | lanka C news
සල්ලි නැතිනම් ණය ගන්න වෙනවා.. නැතොත් තියෙන දෙයක් විකුණන්න වෙනවා.. මැදමුලනෙන් හෝ මිරිහානෙන් සල්ලි ගේන්නේ නෑ…- බන්දුල

නිවසක වුවද ආදායමට වඩා වියදම වැඩි වෙද්දී ණය ගැනීමට සිදුවන බවත් එසේ නැතිනම් තියෙන දෙයක් විකුණා දැමීමට සිදු වුණ බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට ද වී ඇත්තේ එය බවත් කුමන ආණ්ඩුව රට පාලනය කළ ද ආදායමට වඩා වියදම ඉහළ තත්ත්වයක ඇති බවද ඒ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව විසින් හසුරුවනු ලබන්නේ ජනාධිපතිවරයා මිරිහානෙන් ගෙනෙ මුදල් හෝ අග්‍රාමාත්‍යවරයා මැදමුලණෙන් ගෙනන මුදල් නොව භාණ්ඩාගාරයේ ඇති රටේ මහජනයාගේ බදු මුදල් යයිද ඔහු සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

42,991 views

44 Comments to “සල්ලි නැතිනම් ණය ගන්න වෙනවා.. නැතොත් තියෙන දෙයක් විකුණන්න වෙනවා.. මැදමුලනෙන් හෝ මිරිහානෙන් සල්ලි ගේන්නේ නෑ…- බන්දුල”

  1. Gorilla says:

    මේරට බේරගන්න නම් රට පාලනය කරන (දේශපාලකයෝ, නිලදාරීන්) නාකි හුටංල ටික ගෙදර යවල 40-30 ගණන් වල ඉන්න තරුණයන්ට බලය දෙන්න ඔනේ. නාකින්ට අලුතෙන් හිතන්නවත් කාර්ය‍යක්ෂමව වැඩකරන්නවත් බැ.

Main News