සල්ලි නෑ.. අලූත් අධිවේගී මාර්ග ඉදිකිරීම නවතා දමයි..
March 8, 2017 at 7:06 am | lanka C news
අධික ණය බර හේතුවෙන් අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව නතර කර දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව රත්නපුර හා දඹුල්ල අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව නවතා දැමෙන නමුත් දැනට වැඩ ආරම්භ කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු ඉදිරියට කරගෙන යා රජයේ අදහසයි.
කෙසේ වෙතත් තමන්ගේ වියදමින් මෙම අධිවේගී මාර්ග ඉදිකිරීමට කිසියම් සමාගමක් එකග වන්නේ නම් එම මාර්ගවල ආදායම පසර 15ක් දක්වා එම සමාගම්වලට ලබා දීමේ එකගතාවය මත ඉදිකිරීමට අවසර දීමට රජය තීරණය කර තිබේ.
විෂය භාර ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතාද මෙම තොරතුරු සනාථ කරමින් පවසන්නේ රටේ ණය බර ඉහල මට්ටමක ඇති බැවින් අධිවේගී මාර්ග ඉදිකිරීම තාවකාලිකව අත්හිටවූ බවයි.