සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

May 7, 2020 at 8:02 am | lanka C news
සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

වෙසක් දිනයට ප්‍රථම ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රු 2000 දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යයාලයට පැමිණි ජෙෂ්ඨ පුරවැසියන් (06) දිනත් ආපසු හරවා යැවිමට හැටන් තැපැල් කාර්යයාලයේ නිලධාරින් කටයුතු කෙරුණි.

(05) දිනයේත් හැටන් තැපැල් කාර්යයාලයේ වැඩිහිටි දිමනාව ලබා ගැනිමට වැඩිහිටියන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිසද (05) දින හැටන් තැපැල් කාර්යයාලයේ නිලධාරින් ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුණි.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල විසින් මේ මසට අදාල වැඩිහිටි දිමනාව ගෙවිමට අදාල චෙක් පත් තැපැල් කාර්යයාලට එවා නොමැති නිසා වැඩිහිටි දිමනාව (11) දින තෙක් ගෙවිමට නොහැකි බව පවසමින් හැටන් තැපැල් කාර්යයායේ නිලධාරින් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි පිරිස දැනුවත් කර ආපසු  හරවා යැවිණ.

– හැටන් රංජිත් රාජපක්ෂ

96 views

13 Comments to “සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..”

  1. lotus says:

    ගෙදර ඉ නිකන් ඉන්න අයට, වැඩ කරන අපේ බදු සල්ලි වලින් පිනට ගෙවන එක නවත්තල දාන්න ඕන. අපි මොකටද ගෙදර නිකන් ඉන්න අයට ගෙවන්නේ? 5000 සහනාධාරෙ විතරක් දුන්නනම් හෙිදෙම ඇති.

  2. Abhaya says:

    ඉතාමත් දුක්මුසුයි ඒ අවටවත් නැතිවුනාද කාරුණික මහතෙක් මේ 6 දෙනා වෙනුවෙන් පිහිටවන්න? අපත් ඔබත් යම් දවසක මේවගේ වයෝවුර්ධ වුවිට දැනෙන හැඟුම් අදම ඇතිකරගන්න. ඔබ සියළුදෙනාටම සුබ සම්මාසම්බුධු වෙසක් දිනයක්!!!

    • Shanika says:

      Mongalda oyata….news eka hariyata kiyawanda ayiya……6 denek kathawak methana nahane…..

      • Abhaya says:

        සමාවන්න වැරදි නෙවෙන්නේ කාටද මා දොසක් කියා නැ නේද මෙතැන? කෙසේහෝ මාගේ මේ අර්ථය ඔබ තේරුම්ගන්න යහපත් පුරවැසියෙක් විදියට උත්සහා ගන්න. නිතරම අනුන්ව විවේචනය නොකර.ඔබට සෙත්

        • Shanika says:

          Ayiye methana 6 denek neweyi loku pirisak…400 ..500 k….echchara gaanakata 2000 gaane denda puluwan kaatada? 6 wenida thamayi meeka une..oya eeka patalagena mage hithe….. kohoma unath samawenda hode

    • PAbhaya says:

      රුපියල් 2000 යනු කෙතරම් සොච්චම් මුදලක්ද ? අනිත් එක මේ වයෝවුර්ධ අම්මලා තාත්තලා..ඇත්තටම මේ ආණ්ඩුවේ නරුමයන්ට හදවතක් නැති හැටි. කෙතරම් ලජ්ජා සහගත වියුතුද මේ ලෙස ජිවිතයේ සැන්දෑ සමය ගතකරන අසරණ මිනිසුන්ට සලකන කැත. හිතන්න මිනිසුනේ කවදා හරි ඔබටත් මෙහෙම වේවි. ගොන් බය්යන්ට මගුලක් කරගන්න කියා අරඹමු අපි පොදු අරමුදලක් පිහිට වන්න මේ අයට .

  3. APerera says:

    Probably because the “Ship carrying money” (according to a Golden Minister) with foreign aids had got delayed. So we are compelled to tolerate this situation. Thank you, that so called Minister for educating us.

  4. සරා says:

    කලබල වෙන්න එපා සියල්ලට මුදල් ලැබෙනවා.ලංකාවෙන්ම දිලා නැත්තේ හැටන්වල විතරයි නම් ඇයි මේක ප්‍රවෘත්තියක් විදියට පල කලේ?පවුල් ලක්ෂ 73කට 5000.00 ගානේ බෙදුව නම්.ඔය මුදල තව දින කිහිපයකින් ලැබේවි.

  5. Xman says:

    කාලකන්නි රටවල ඉපදුනහම ඔහොම තමය් , මේ වෙසක් පෝය දවසේවත් කල්පනා කරපල්ලා ධර්මිෂ්ට ගතකරලා මීලග ආත්මයක් තිබේනම් මේ වගේ හිඟන රටක නොඉපදී Australia, Canada වගේ Seniors ලට කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක උපදින්නට. වාසනාව තියන අයට මේ ආත්මයේදීම යන්න පුළුවන්.

    • Abhaya says:

      ඔබ හරි දැන් මේ රටේ මනුෂ්‍සත්වය අඳුනන පුද්ගයින් නැහැ හරිම කණගාටුයි.මොනවා කරන්නද කර්මයට අනුව දුක සැප දෙකම මේවුන් විසින් කල කුසල් අකුසල් මත ද්‍යිවය විසින් ඔවුන්ගේ ජිවිත රටාව තීරණය කරණු ඇත.මිත්‍රයා,ඔබට සෙත්වේවා!!

    • Lanka says:

      Ayi dan ITHALI., ENGLAND, AMERICA, EUROPE list eken ayiwelada? Un ehe indala mehe enda andana hati dakkama papuwa hoose gaala yanawa

    • හූ ..ඌ..! says:

      ඔව් ඔව් වෙන්ටිලේටරේ ගලවලා වයසක අයට වහා ස්වර්ගස්ථ වීමෙ පහසුකං සපයනව . 😁 හොඳ රටවල් එහෙම තමා.😁

Main News