සල්ලි හදිසියක්.. බිලියන 57ක සුවිශාල බැදුම්කර නිකුතුවක්.. බෑනාගේ මගඩි සමාගම සූදානම්.. දෙසැම්බරයේ බිලියන 145ක බැදුම්කර විකුණයි..
December 24, 2016 at 8:40 am | lanka C news
මුදල් වර්ෂයක් අවසානය ඕනම ආයතනයක් සියලු ගිනුම් කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත්තත් රටේ මහා බැංකුව නත්තලට පස්සේ එනම් දෙසැම්බර් 27 හා 28 පිලිවෙලින් භාණ්ඩාගාර බැදුම්කර රුපියල් මිලියන 57000 ක් සහ භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 11500 ක් එකතුව රුපියල් බිලියන 68.5 ක් වෙන්දේසියේ අලෙවි කිරීමට දැන්විමක් පල කොට ඇත. 11.5 පමණ ඉහල පොලියක් මේ සදහා ගෙවීමටද මහ බැංකුව සූදානමින් සිටී.
මෙය දෙසැම්බර් මාසයේදී මෙතෙක් ලබාගත් රුපියල් බිලියන 78 ට එනම් මිලියන 78000 කට අමතරවය. ඒ අනුව දෙසැම්බර් මස 28 දින දක්වා පමණක් රුපියල් බිලියන 146.5ක් මහා බැංකුව මහජනතාවගේ මුදල් මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙන්දන් මාර්ගයෙන් මිලදී ගෙන ඇත.
මෙම 27 වන දිනට අදාල බැදුම්කර වෙන්දේසිය සිදු කෙරෙන අතර 2017 ජනවාරි 02 වැනි දිනට පෙර ගෙවීම් සිදු කල යුතුයි.මෙම බැදුම්කර නිකුත්ව මහ බැංකුව විසින් සිදු කරනු ලබන සුවිශාලතම බැදුම්කර වෙන්දේසියක්ද වෙයි.
මෙහි වැදගත් කරුණ වනුයේ රටේ මෙන්ම පාර්ලිමේන්තුවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් හිටපු මහා බැංකුවේ අධිපති අර්ජූන් මහේන්ද්‍රන් ගේ බෑනාගේ සමාගම පර්පෙචුවෙල් සමාගම ද මහා බැංකුවේ ගැනුම්කරුවන්ගේ ලැයිස්තුවේ නිරුපද්‍රිතව පෙනි සිටීමයි.
මේ අනුව පැහැදිලිව පෙනෙනුයේ රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය අති විශාල ලෙස දේශීයව වැඩි පොලියට ණය ලබා ගන්නා බවයි. ආර්ථික විශ්ලේශකයින් කැට තබා කියන්නේ අනිවාර්යයෙන්ම ලබන වසරේදී ශ්‍රී ලංකාව දැඩි මුල්‍යමය අර්බුදයකට ගමන් කරමින් සිටින බවයි.
මහ බැංකුවේ බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සෘජුව චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දඬුකදේ ගැසිය යුතුම බව ඇමති ලක්ෂමන් සෙනෙවිරත්න මහතා පවසයි.
කොළඹදී පැවති ශ්‍රීලනිප මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
අරක්කු ටීවී සහ අරක්කු රේඩියෝ මගින් ඉදිරියේදී ජනතාවට අරක්කු නිවුස් ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව කියා සිටියේ වාචික පිලිතුරු අපේක්සායෙන් යෙුමු කර තිබූ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අරක්කු ව්‍යාපාරිකයෙකු විසින් මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට මේ වන විට කටයුතුසමූදානම් කෙරමින් ඇතැයිද කී ඇමති රාජිත එම නව මාධ්‍ය ජාලයේ සේවය කිරීමට ‘මව්බිම’ පුවත්පතේ මාධ්‍යවේදීන් ගණනාවක් ඉවත් වී ගොස් තිබෙවන බවද සදහන් කරයි.
දැනටමත් ‘මව්බිම’ පුවත්පතට මෙතෙක් රජයෙන් දී තිබූ සියලුම දැන්වීම් අත්හිටුවා ඇ
Me Sinhala apage ratai. Our country protected Noble Buddhism for more than 2500 years with the lifeless efforts of Great Priests. To day ????
සමස්ත ජනතාවම උකස් කරමින් ඔවුන්ගේ අනාගත වත්කම් පවා ණය ලෙස අයකර ගනිමින් යහපාලන නායකයන්ගේ යාලු හිත මිත්‍රාදීන්ගේ ග්‍රහණයට රටේ සමස්ත ආර්ථිකයම ලක් කර ගනිමින් සිටින යහපාලන රජය ගෙදර යැවීමට අවශ්‍ය පියවර වහාම ගත යුතුය…
නැතහොත් අනාගතයේ හෝ කිසිදු රජයකට මෙම ක්‍රියාවන් නිසා සිදුවන ආර්ථික ආගාධයෙන් රට ගොඩ ගැනීමට නොහැකි වනු ඇත.