සල්ලි හොයන්න රජයේ දේපල විකිණීම ඉතාම වැදගත්.. – ආචාර්ය මහ බැංකු අධිපති
February 9, 2017 at 10:00 am | lanka C news
මෙරට විදේශ සංචිත ඉහල නැංවීම සදහා රජයේ ආයතන විකිණීම මේ අවස්ථාවේදී සිදු කිරීම අතිශය වැදගත් කාර්යයක් වී ඇතැයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
හම්බන්තොට වරාය ඡීනයට අලෙවි කිරීමෙන් ඩොලර් බිලියනයක්ද මත්තල ගුවන් තොටුපොළ විකිණීමෙන් ඩොලර් මිලියන 250-300ත් අතර මුදලක්ද ලැබෙන බව ඔහු එහිදී පෙන්වා දුන්නේය.
එසේම හෝටල් හා වෙනත් දේපළ විකිණීමෙන්ද රජයට යම් මුදලක් උපයා ගත හැකි යයිද ඔහු කියා සිටියේය.