සලාක බෙදන ආර්ථිකය වෙනුවට ආර්ථිකය ගොඩදාන සූත්තරේ ගෝටා හෙලි කරයි..

September 4, 2019 at 4:40 pm | lanka C news
සලාක බෙදන ආර්ථිකය වෙනුවට ආර්ථිකය ගොඩදාන සූත්තරේ ගෝටා හෙලි කරයි..

එ්කබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමුළුවක් කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැත්විනි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති සමුළුවේදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

කම්කරු ව්‍යාපාරයේ ශේෂ්ඨ නායකයින්ගේ කැපකිරීම් තුලින් අද තිබෙන කම්කරු අයිතීන් දිනා ගෙන තිබෙනවා. වාසුදේව නානායක්කාර වගේම ඒ. ඊ ගුණසිංහ, බාලා තම්පෝ වැනි නායකයන් ඒ වෙනුවෙන් විශාල කැපකිරීම් කළා. අනාගතයේදී කම්කරුවන්ට විවිධ අලූත් අභියෝගයන්් ඉදිරිපත් වීමේ හැකියාව තිබෙනවා. මේ අතර රැුකියාවේ සුරක්ෂිතභාවය තවමත් ප‍්‍රශ්නයක්. ගෝලීකරණය, නවීකරණය, යන්ත්‍රෝපකරණ භාවිතය නිසාත් වැඩකරන ජනතාව අභියෝගයට ලක්ව තිබෙනවා. ආර්ථික ණය හා මූල්‍යමය කඩාවැටීම් වලදී ඒ බර දරාගන්න සිදුව තිබෙන්නේ වැඩකරන ජනතාවටයි. ආර්ථිකය වැටෙන අවස්ථාවක රටක් ඉදිරියට යන්නේ වැඩකරන ජනතාවගේ කැපකිරීම් මතයි. අද අපි දෙපා තබාගෙන මේ ලෝකයේ් ජීවත්වන්නේ වැඩකරන ජනතාව නිසයි. ඔවුන්ගේ කැපකිරීම් නො වන්නට මනුෂ්‍ය වර්ගයාට ගල් යුගයෙන්  ඉදිරියට ඒමේ හැකියාවක් නැහැ.

කාර්මික විප්ලවයෙන් පසුව කම්කරු ජනතාවට ප‍්‍රධාන ශක්තිය වුනේ වෘත්තිීය සමිති ව්‍යාපාරය. සංවර්ධනය සඳහා බාධක බලවේගයක් ලෙස සමහරු වෘත්තිය සමිති ව්‍යාපාරය හඳුන්වන්නට උත්සාහ කලත් කම්කරු ව්‍යාපාරය ඇරඹූ කාලයේ ඇති වූ එඩිතරභාවය නොවන්නට අද පවතින සමාජ සංවර්ධනයේ ඇති වන්නේ නැහැ. වෘත්තිය සමිති ව්‍යාපාරය හේතුවෙන් සංවර්ධනයේ අවසාන ඉලක්කය මානව සන්තෘෂ්ඨිය බවට පත්ව තිබෙනවා.

සංවර්ධනය සීමිත පිරිසක් වෙනුවෙන් නෙවෙයි. සමස්ත සමාජය වෙනුවෙන්. අපේ රජයක් යටතේ ජනතා කේන්ද්‍රිය ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන්නේ සමාජයේ සෑම කොටසකටම සංවර්ධනය ගලා යන ආකාරයටයි. අද ඔබ අභියෝග රැුසකට මුහුණ දීලා තිබෙනවා. ආසියාවේ දියුණු රටවල පවා රාජ්‍ය ආයතන සමගයි පෞද්ගලික ආයතන ඉදිරියට යන්නේ. බටහිර සමඟ ඉතා කිට්ටුවෙන් වැඩ කරන විවෘත ආර්ථිකය සමඟ කිට්ටු ඇසුරක් ඇති ජපානය වැනි රටවලට පවා රාජ්‍ය අනුග‍්‍රහය නැතිව ආර්ථිකය ඉදිරියට ගෙනයන්න නොහැකියිි. සිංගප්පූරුව වැනි රටක වුවත් රාජ්‍ය අනුග‍්‍රහය සහිතව ක‍්‍රියාත්මක වන ආයතන තිබෙනවා. අපේ රටේ විවිධ රජයන් යටතේ රාජ්‍ය ආයතන බිහි වුණා .ඒවා ලාභ නොලබන්නේ දේශපාලන පක්ෂ කරන වැරදි නිසා මිසක් වැඩකරන ජනතාවගේ වරදින් නෙවෙයි. වැරදි පාලකයන් යෙදවීම නිසා, නිසි කළමනාකරණයක් නොකිරීම නිසා ඒ ආයතන පාඩු ලබනවා. මේ සෑම ආයතනයක්්ම ලාභ ලැබිය හැකි කාර්යක්ෂම ආයතන බවට පත්කර ජනතාවට සේවය සැපයිය හැකියි. මේ ආයතන ලාභ ලබන්නේ නැතැයි කියමින් පෞද්ගලීකරණය කිරීම වැරදියි. අපේ රජය තුළ තවදුරටත් රාජ්‍ය ආයතන ස්ථාපිත කරනවා මිස ඒවා පුද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නැහැ . ආයතන කාර්යක්ෂම කිරීම මගින් සේවක සුභසාධනය කළ හැකියි. මේ රාජ්‍ය ආයතනවල සේවකයා සුරක්ෂිත කර ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන එන්න නම් මේ ආයතන කාර්යක්ෂම කළ යුතුයි.

මම ලේකම්වරයෙක් සමයේ අපි දකින විශාල සංවර්ධනය ඇති කළේ රාජ්‍ය සේවකයා සමඟයි. වැඩකරන ජනතාව සමගයි. අපි ඒ අයට අරමුණක් දැක්මක් ලබා දුන්නා. ඔවුන්ට හරි අරමුණක් නායකත්වයක් දුන්නොත් රට ගැන හිතලා වැඩ කරන බව මම අත්දැකීමෙන්ම දන්නවා.

නගර සැළසුම් කරන නිලධාරීන්, සේවකයින් , මම හතට අටට ගියත් ඔවුන්ගේ ක‍්‍රියාදාමය ගැන සාකච්ඡ කරන්න රැදී සිටිනවා. ඔවුන්ට නිසි නායකත්වය ලබා දීමයි කළ යුත්තේ. අපේ නිලධාරීන් පුහුණු කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය ආයතන ආරක්ෂා කළ යුතුයි.

අපි කැපවීමෙන් රැකියාවක් කරන්න කරන්නේ, අපට යම් බලාපොරොත්තු තිබෙන නිසයි.  යහපත් රජයක් කියන්නේ මොකක්ද කියලා ප‍්‍රශ්න කළොත් ජනතාව කියන්නේ හොදින් ජීවත් වෙන්න. රැකියාවක් කරන්න, නිදහස තියෙන,පහසුවට ගෙයක් මිලදී ගත හැකි ,හොඳ සෞඛ්‍ය සේවයක් තිබෙන, දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදිය හැකි තත්ත්වයක් ඇති කරන රජයක් බවයි.

අද වන විට රටේ ජනතාවගේ සුරක්ෂිත භාවය වැදගත් තැනකට ඇවිත් තිබෙනවා. ජනතාව ඉල්ලන්නේ ආරක්ෂාවයි. තමන්ගේ රැකියාවට යන්න, දරුවන්ට පාසලට යන්න, සුරක්ෂිතභාවය  ඇති කරන්න කියලයි ජනතාව මගෙන් ඉල්ලා සිටින්නේ. රටක ආර්ථිකය ඉදිරියට යාමෙන් තමයි ඔබ සැම බලාපොරොත්තු වන ආදායම් තත්ත්වය ලබා ගන්න හැකි වෙන්නේ. ඒ සඳහා ආර්ථික වශයෙන් ඉදිරියට ආ යුතුව තිබෙනවා. අපේ දේශීය කර්මාන්තකරුවා, ව්‍යාපාරිකයා, ගොවියා රැක ගනිමින් ඉදිරියට යා යුතුය.

ඒ වගේම විවිධ රටවලින් ආයෝජන ගැනීමේදී ඒවා වෙළෙඳ ගනුදෙනු මිස ඉන් ඔබ්බට රටේ මරමස්ථාන පාවාදෙන ගිවිසුම් වලට නොයා යුතුයි. හම්බන්තොට වරාය ඉදි කරන්න අපේ රජය ණයක් ගත්තා මිසක් අපි වරාය පාවා දුන්නේ නැහැ. භූ ගෝලීය දේශපාලන අතින් ලංකාව වැදගත් ස්ථානයක තිබෙනවා. ඒවායෙන් ප‍්‍රයෝජන ගෙන දියුණු වෙනවා වෙනුවට අපේ ස්වෛරීභාවය නැති කරන තැනට අද රජය පත් වෙලා. ආර්ථිකයෙන් ඉහලට එන්න අපිට මේ දේවල් වැදගත් වෙනවා. සංචාරක ක්ෂේත‍්‍රයේ දියුණු කිරීමේ හැකියාව තිබුණත් පාස්කු බෝම්බ ප‍්‍රහාරයත් සමග සංචාරක ක්ෂේත‍්‍රය කඩා වැටිලා. දේශීය හෝ විදේශීය ආයෝජකයින්ට ස්ථිර ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. මහින්ද රාජපක්ෂ රජයේ ආයෝජන මේ රජය විසින් වසර දෙකහමාරක් නතර කර තැබීම නිසා, මේ රජයේ අ¥රදර්ශී පාලනය නිසා ආර්ථිකය, වගේම ජාතික ආරක්ෂාවත් කඩා වැටුණා. යටිතල පහසුකම් සංවර්ධනය තුළින් විශාල රැුකියා ප‍්‍රමාණයක් උත්පාදනය කර ජනතා අතට මුදල් ඒම වැඩි කළ හැකියි. ජාතික ආරක්ෂාව හරහා ඇතිවුණු ස්ථාවරත්වය නිසයි එදා පිටරට ආයෝජකයන් මෙරට ආයෝජනයට ඉදිරිපත් වුණේ. දේශීය ව්‍යාපාරිකයන් ව්‍යාපාර ඇරඹුවේ. පාස්කු ප‍්‍රහාරය නිසා රටට සිදුවුණු දේ අපි දුටුවා.

ආර්ථිකය හෝ අධ්‍යාපනය හෝ සාමාන්‍ය ජනතාව සමඟ ඉදිරියට යාම වැදගත්. පහළ මට්ටමේ ආදායමක් තිබෙන අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා  වගේම ඔවුන්ගේ ආදායම් ඉහළ මට්ටමකට ගෙන විත් ජීවත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කරනවා. අපි ආර්ථික සැලැස්ම සකස් කරන්නේ වැඩකරන ජනතාව ගැන හිතලා. අපි වැඩකරන ජනතාව නගා සිටුවිය හැකි පාලනයක් ඇති කරමු.

ඒ වගේම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉදිරිපත් කරපු යෝජනාව කාලෝචිතයි. සමස්තයක් ලෙස රට ඉදිරියට ගෙන යා හැකි යෝජනා එහි ඇතුළත් වෙලා තිබෙනවා. අපේ රජයක් තුළ මේ යෝජනා සියල්ලටම ක‍්‍රියාත්මක කරන්න අපි එකඟයි.

– GR midea

224 views
Main News