සවස 05.00ට ඉන්ධන අවසන්.. 300MW පද්ධතියට අහිමි වෙයි.. පැය එකහමාර ඉක්මවූ විදුලි කප්පාදුවක් අනිවාර්යයි..
January 18, 2022 at 12:01 am | lanka C news
අද පස්වරු 05.00 වන විටි ඉන්ධන අවසන්වීම මත කැලණිතිස්ස සංකීර්ණයේ සියලුම තාප විදුලි බලාගාර අක්‍රිය කරවීමට සිදුවන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සදහන් කරයි.
සංගමයේ ලේකම් ධම්මික විමලරත්න මහතා පවසන්නේ ඒ කැළණිතිස්ස සංකීරණය පද්ධතියෙන් ඉවත් වීමත් සමග මෙගාවොට් 300ක ධාරිතාවක් අහිමි වන බවයි.
එනිසා අද දිනයේ සිටම පැය එක හමාර ඉක්මවූ විදුලි කප්පාදුවට අනිවාර්යෙන්ම යාමට සිදුවන බවද ඔහු කියා සිටියේය.
ගොබ්බ මැටි මෝල් පාලකයිනී නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජක හැත්තට නියොග නිකුත් කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු.අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි වාහන ධාවනය තහනම් කරනු.. නැතිනම් වින්ස්ක්රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු.
කොහොම හරි කරලා කැලණිතිස්ස වහලා ඉඩමත් විකුණලා දාමු. ඕක රටට බරක්. ඊට පස්සේ අඩුවට විදුලිය හදන්න පුළුවන් නිවි ෆෝට්රස් එකට මාරු වෙමු. එතකොට ඉතින් ඔය විදුලිබලය ත් ප්‍රතිව්‍යුහගත කරමු.
මේව කියල වැඩක් නෑ.බලය ගන්න කියපු බොරු දැන් මතක නැතිවෙලා? අපිට ඕන කරදර නැතිව ජීවත්වෙන්න. අපි කවදාවත්ම ණයට විදුලිය හෝ තෙල් අරගෙන නෑ. ඒව පාලක සොරමුල කරපු දේවල්. එක්කෝ පුලුවන් අයට දී ඉවතට හෝ නැතිනම් විසඳුමකට යන්න ඕන.
අත් දෙක වන වනා lanka transfomars එකේ වැඩට අව යු. ඩී ජෙයවර්දන මාරික්කාර පිටුගල ලංකා විදුලි බල මණ්ඩලය සතු කොටස් හොරෙන් අයිති කර ගන්නකම් බල හිටපු කාලකන්නි ඉංජිනේරුවරු.. lanka transfomars පිහිටවපු එක ලේකනයක්වත් දැන් විදුලි බල මණ්ඩලයේ නෑ .
අන්න නඩු වලින් බේරෙන්න ලක්ෂ ගණන් අල්ලස් බෙදනවා උඹලත් ගිහින් ඉල්ලා ගනිල්ලා.