සසර පුරා පලදෙන පින්කමක්.. ආබාධිත රණවිරුවන් කරේ තබාගෙන ගොස් ශ්‍රිපාදස්ථානය වන්දනා කරවයි..

March 10, 2019 at 4:40 pm | lanka C news
සසර පුරා පලදෙන පින්කමක්.. ආබාධිත රණවිරුවන් කරේ තබාගෙන ගොස් ශ්‍රිපාදස්ථානය  වන්දනා කරවයි..

ජාතික රණවිරු සේවා අධිකාරිය යටතේ පාලනය වන රාගම සහ මහරගම රණවිරු සේවනේ ආබාධිත සේබළුන්ව ශ්‍රි පාදස්ථානය වන්දනා කරවිමේ පින්බර වැඩසටහනක් ඊයේ (09) රාත්‍රියේ සිදු කෙරිණ.

හෝමාගම සහ කොට්ටාව ලියෝ සමාජය විසින් යුද්ධයේදි පුර්ණ කාලිනව  ආබාධිත වු යුධ හමුදා සෙබළුන් පිරිසක් මෙසේ ශ්‍රිපාදස්ථානය වන්දනා කරවිමට කටයුතු කර තිබුණි.

ජාතික රණවිරු සේවා අධිකාරියේ අනුමැතිය ඇතිව ලියෝ සමාජයේ සමාජිකයන් විසින් එම ආබාධිත යුධ හමුදා භටයින් නල්ලතන්නිය දක්වා බස් රථ වලින් ප්‍රවහනය කර නල්ලතන්නියේ සිට ශ්‍රි පාද උඩු මළුව දක්වා එම ආබාධිත සෙබළුන්ව පුටු මත වාඩි කරවා කර මතින් ඔසවාගෙන ගොස් ශ්‍රි පාස්ථානය වන්දනාමාන කරනු ලැබුහ.

ලියෝ සමාජය විසින් ප්‍රථම වතාවට සංවිධානය කර තිබු මෙම වැඩසටහනට සමගාමිව ඉදිරියේදිත් තවත් ආබාධිත යුධ හමුදා සෙබළුන් ශ්‍රි පාදස්ථානය වන්දනාමාන කරවිමට කටයුතු කරන බවයි එම ලියෝ සංවිධානයේ සමජිකයෙකු කියා සිටියහ.

84 views
Main News