සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත්නගට දඩ හා සිර දඩුවම්.. කැබිනට් අනුමැතිය..

June 20, 2019 at 8:02 am | lanka C news
සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත්නගට දඩ හා සිර දඩුවම්.. කැබිනට් අනුමැතිය..

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් අධිකරණ සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ඇමතිනී
තලතා අතුකෝරල මහත්මිය වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාර සහ වෛරි ප‍්‍රකාශවලට අදාළ නීති සංශෝධනය

සහජීවනයට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරන්නන් සහ වෛරී ප‍්‍රකාශ සිදුකරන්නන් හට දඩ හා සිර දඩුවම් නියම කිරීමට හැකිවන පරිදි දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහය සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවකට අනුමැතිය හිමිව ඇති බව ප‍්‍රකාශ වී තිබේ.ඔබ අමාත්‍යංශය විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත්තේ ජාතික ආරක්ෂාව පිළිබද ආංශික කමිටුවේ ඉල්ලීම අනුව බවද සඳහන් වේ.

අසත්‍ය ප‍්‍රවෘත්ති සහ වෛරී ප‍්‍රකාශ මේ වනවිට රටේ බරපතල ප‍්‍රශ්නයක් බවත්, එය වැළැක්වීමට අර්ථවත් පියවර කඩිනමින් ගත යුතු බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ද ස්ථාවරයයි.එහෙත් මීට අදාළව දැනටමත් යම් නීතී පවතින බවත්, එම නිතී නිසි පරිදි ක‍්‍රියාත්මකවීම සිදු නොවන බවත්, පදනමකින් තොරව විවිධ පාර්ශවයන්ගේ අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට යොදා ගන්නා බවත්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. උදාහරණ ලෙස අයි.සී.සී.පී.ආර්. පනත යටතේ චෝදනා එල්ල කර ලේඛක ශක්තික සත්කුමාර මාස දෙකහමාරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමත්,ප‍්‍රවීන ජනමාධ්‍යවේදී කුසල් පෙරේරා ලියූ පුවත්පත් ලිපියක් පදනම් කරගෙන එම පනත යටතේම පරීක්ෂණ ආරම්භ වී තිබීමත් දැක්විය හැකිය.

එමෙන්ම, යෝජිත නව නීති පිළිබද කිසිදු විධිමත් පැහැදිළි කිරීමක්ද මේ වනතෙක් සිදුව නොමැති අතර, අසත්‍ය ප‍්‍රවෘත්ති හෝ වෛරී ප‍්‍රකාශ යන්න තීරණය කරන්නේ කවුරුන්ද? ඊට අදාළ නිර්ණායකයන් මොනවාද?මේ තුළ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය නොකිරීමට අදාළ ප‍්‍රවේශයන් මොනවාද? යන සියලූ කරුණු බරපතල ලෙස ගැටලූකාරීය.

මෙවන් පසුබිමක යෝජිත නීති සංශෝධනය හරහා මෙරට අදහස් ප‍්‍රකාශ කිරීමේ සහ ජනමාධ්‍ය නිදහසට බරපතල තර්ජනක් එල්ල විය හැකි බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිරීක්ෂණයයි. එබැවින් මේ පිළිබද විධිමත් පැහැදිළි කිරීමක් වහාම රට හමුවේ තබන ලෙසත් , ඒ පිළිබඳව ඔබතුමිය සමඟ සාකච්ඡා කිරීමට කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසත්, කාරුනිකව ඉල්ලා සිටිමි.

විරංජන හේරත්
කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

13,595 Viewers

9 Comments to “සහජීවනයට, රාජ්‍ය ආරක්ෂාවට බාධාවන අසත්‍ය පුවත්නගට දඩ හා සිර දඩුවම්.. කැබිනට් අනුමැතිය..”

  1. ගාමිණී says:

    රටම හිරේ දාල හරි කමක් නෑ..සහජීවනේ ගෙන්ල්ලකො…

  2. Nuwan says:

    සිංහලයට තවත් කෙලින්න. විරුද්ද පක්ෂේ බූරුවොද ඉන්නේ?

  3. UD says:

    මේ ආන්ඩුව ආපු දවසේ ඉඳලා කතා කලේ සහජිවනය ගැන..
    මේ ආන්ඩුව නැති කලෙත් මිනිසුන් අතර තියෙන සහජිවනය
    මේ ආන්ඩුව නිසාම දැන් මිනිස්සුට සහජිවනය කියන වචනය තිත්ත වෙලා තියෙන්නේ…

  4. ගන්ජ බන්ඩා says:

    අනේ තොපේ රාජ්‍ය ආරක්ෂාව: පාස්කු දවසෙ මුස්ලිම් මරාගෙන මැරෙන උන් පල්ලි වල බෝම්බ පත්තු කලා. දැන් රාජ්‍ය නිලධාරීන්ට වරද පටවනවා. ජනතාව බලන් ඉන්නෙ තොපට පාඩමක් උගන් වන්නය්.වන්නය්.

  5. Ariyathilaka says:

    දණ්ඩ නීති සංග‍්‍රහය සහ අපරාධ නඩු විධාන සංග‍්‍රහයට සංශෝධන ගෙන එන්නේ සහජීවනයට සහ රාජ්‍ය ආරක්ෂාවට බාධාවන ආකාරයෙන් අසත්‍ය ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කරන්නන් සහ වෛරී ප‍්‍රකාශ සිදුකරන්නන් හට දඩ හා සිර දඩුවම් නියම කිරීමට හැකිවන පරිදි නම් සමස්ථ රටේම ආගමික සහජීවනයට ජාතීන් අතර සමගියට බාධ වන ලෙස සෘජුව ම පවතින මුසල්මානුවන්ගේ ආගමික ග්‍රන්ථය වන අල්-කුර්ආනයේ ඇති, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට (11 වන ව්‍යවස්ථාවට) හා දණ්ඩ නීති සංග්‍රහයට, අපරාධ නඩුවිධාන සංග‍්‍රහයට, මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයෙහි 5 වන වගන්තියට, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියෙහි 7 වන වගන්තියට, පටහැනිව පවතින ආකාරයේ ඉගැන්වීම් සහිත කුර්ආන් පාඨ වාරණයට නීති සංශෝධන නොවලහා කළ යුතුය. අල්-කුර්ආනයේ ආගමික සහජීවනය, රටක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කුරාන් පාඨ බොහොමයක් ඇත. ඒ ලෙස කුර්ආන් පාඨ තිබියදී කිරිමට යන නීති සංශෝධනය තුලින් ඒ පිළිබඳව ද මාධ්‍ය තුලින් කතා කිරීම, ප්‍රකාශනය වාරණය වීමට පුලුවන. එය රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම පමණක් නොව ආගමික අන්තවාදය පතුරවන්නන්ට නීතිමය රුකුලක් වනවා ඇත. බොහෝ කුර්ආන් පාඨ අතරින් එක් දෙකක් පහත පරිදි ය.-අල්-බකරා 244.(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මරා දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා .වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය.. (අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදයේ අල් -බකරා 190-191-192,193,244,154,155,216, 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85,66-68,74-75,76, 89, 3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන් 3.4.,158,අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. 9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111,123 යන වගන්ති ද ආගමික අන්තවාදය ප්‍රචණ්ඩත්වය පැතිරවීමට හේතු වනවා ඇත.

  6. ON THE SPOT says:

    කිරිඇල්ලගෙ කැලෑ පත්තර ලියුම් ඕකට අයිති නැද්ද ආයිබොවං?

  7. Love nature says:

    මෙය පරාජ කිරීමට සියලු පක්ෂ එකා මෙන් ඉදිරියට ආ යුතුය

  8. Love nature says:

    බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, පිවිතුරු හෙළ උරුමය ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක යන මහත්වරුන් “2015 – 2018 රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසම” වෙත පැමිණිලි ගොනු කළහ. එහිදී යසපාල කෝරළගේ මහතා තලතා අතුකෝරල අමාත්‍යවරිය විදේශ රැකියා අමාත්‍යවරිය වශයෙන් කටයුතු කල වකවාණුවක් වන 2015 අගෝස්තු මස 26 වන දින සිට ශ්‍රී ලංකාවෙන් මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදී එමගින් සිදුවී ඇති රුපියල් මිලියන 1500 ක වංචාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කර ඇත. නීතිඥ තුෂාර දිසානායක මහතා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කරන ඖෂධ මාෆියාවක් පිළිබඳ කරුණු කොමිසම හමුවේ අනාවරණය කළේය.

  9. sunimal says:

    එල්ලන කඹේ ගේන්න තලතා මාරපනගෙන් උදව් ඉල්ලලා

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය ගෙන්වා ගැනීමට සහාය ලබාදෙන ලෙසට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරය සතුව පවතින කඹය මීට වසර දොළහකට ඉහතදී පරිත්‍යාගයක් ලෙස පාකිස්තානයෙන් ලැබුණු එකක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    අදාල කඹය මිලදී ගැනීම සඳහා දැනට මරණ දඬුවම ක්‍රියාත්මක කරන පාකිස්තානය, ඉන්දියාව, සිංගප්පූරුව හෝ බංග්ලාදේශය වැනි රටක් තෝරා ගන්නා ලෙසද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සිය ලිපිය මගින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යෝජනා කර ඇති බවද පැවසේ.

Main News