සහජීවනය පතා මන්නාමේ සිට බිම පෙරලෙමින් ශ්‍රී මහා බෝධියට පැමිණේ.. සිංහල වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

March 17, 2019 at 12:40 pm | lanka C news
සහජීවනය පතා මන්නාමේ සිට බිම පෙරලෙමින් ශ්‍රී මහා බෝධියට පැමිණේ.. සිංහල වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…

සියලු ජාතීන් අතර සාමය සහජීවනය ඇතිවේවා යැයි ප්‍රාර්තනය ඇතිව දෙවියන් වෙනුවෙන් විශේෂ භාරයක් වූ ක්‍රිෂ්ණන් ඩයස් නැමත්තා මන්නාරමේ සිට ප්‍රධාන මාර්ගයේ බිම පෙරලෙමින් ගමන් අරඹා අද (17) සවස වන විට අනුරාධපුර ශ්‍රීමහාබෝධීන් වහන්සේ වෙතට ලගා වීමට පියවර ගෙන ඇත.

දේශීය වෛද්‍ය වරුයෙකුද වන ක්‍රිෂ්ණණ් ඩයස් නැමති දමිළ වැසියා පෙබරවාරී 05 වනදා සිය භාරය ඔප්පු කිරීම සඳහා මන්නාරම තල්අඩි තිරුකේදීස්වරන් කෝවිලෙන් ගමන් ආරම්භ කල අතර එදින සිට මන්නාරම මාන්තෙයි, අඩම්පන් ,උයිලන්කුලම්, මුරුන්ගන්, මුඩු දේවස්ථානයටද ඉන් අනතරුව සෙට්ටිකුලම් හරහා මැදවච්චියටත් අවසානයේ අනුරාධ පුරයටත් පැමිණියේ මාර්ගයේ බිම පෙරලෙමිණි.

දින 39 කට පසුව අද දිනයේදී අනුරාධපුරයට ලගා වන අතර අද සවස වන විට ශ්‍රීමහා බෝධීන් වහන්සේගේ දමීපයෙන් භාරය අවසන් වීමට නියමිතව ඇති අතර ඔහු සිය භාරය ඔප්පු කිරීමට මාර්ගයේ පෙරලෙමින් පැමිණෙන විට අසල් වාසීන් විසින් පෙරලෙන මගෙහි පැදුරු රෙදි දමා සහය දැක්වීම සිදු කරනු ලබයි .

එමෙන්ම මැදවච්චිය හා අනුරාධපුරයට පිවිසි ක්‍රිෂ්ණණ් ඩයස් නැමත්තාට සිංහල ජනතාවගෙන්ද උණුසුම් ප්‍රතිචාර ලැබුනු අතර සිංහල ජනතාවද ඔහු පෙරලෙන ගමන් මගට පැදුරු හා රෙදි කඩ දමා සහය දැක්වීම සිදු කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

13,025 Viewers

4 Comments to “සහජීවනය පතා මන්නාමේ සිට බිම පෙරලෙමින් ශ්‍රී මහා බෝධියට පැමිණේ.. සිංහල වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක්…”

  1. LION says:

    සහජීවනය ඕනේ නම් සියලුම දෙමළ වැසියන් සිංහළ බාෂාව අනිවාර්යෙන් ඉගන ගත යුතුය

    • Saman says:

      උබේ අම්මා සත්තුවත්තට ගිහින්ද බන් උබ ලයන් වුණේ? 😀 😀

    • Kamal says:

      LION ඊට කලින් උබ ජොබ් එකක් හොයා ගනින්. ඩේටා කාඩ් දාගන්නෙ දෙමාපියන්ගෙ සල්ලි වලින් නේද?

  2. Dayani says:

    Now we highly appreciate this single, non racist Tamil Doctor.!!! These are the Tamils we want in our country.!!! Not those useless Tamil politicians, LTTE terrorists in exile, those who are brainwashed by certain Tamil politicians and people.!!
    We welcome any minority willing to live in peace and harmony.!!!
    Thank you very Dr. Krishnan Dias, you are a hero.!!!