සහජීවනය යුරෝපයටත් පැතිරෙයි.. කොටි තහනමත් ඉවත් කරයි..

July 27, 2017 at 12:00 pm | lanka C news
සහජීවනය යුරෝපයටත් පැතිරෙයි.. කොටි තහනමත් ඉවත් කරයි..

කොටි සංවිධානය යුරෝපා සංගමයේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඊයේ දිනයේ සිට ඉවත් කිරීමට යුරෝපා අධිකරණය නියෝග කර ඇත.

යුරෝපා අධිකරණය සදහන් කරන්නේ කොටි සංවිධානය 2009 වසරේදී පරාජය වීමෙන් පසු නැවතත් ඔවුන්ගෙන් ප්‍රහාර එල්ල වේ යයි සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නැති වීම නිසා මෙම පියවර ගත් බවයි.

කෙසේ වෙතත් යුරෝපා සංගමය පවසන්නේ අධිකරණය විසින් එසේ නියෝග කර ඇත්තේ 2011-2015 තහනමට අදාලව බවත් 2015-2017 පනවා ඇති තහනමට එය බාධාවක් නොවන නිසා කොටි තහනම තව දුරටත් පවතින බවය.

20 views
Main News