සහජීවන දෙවැනි සමුළුව අම්පාරේදී..
October 1, 2018 at 5:30 pm | lanka C news
ශ්‍රී ලංකාවේ ජාතික ආගමික සහජීවනය තහවුරු කිරීම පිණිස සර්වආගමික නායකයන්ගේ උපදේශකත්වය සහ සර්වපාක්ෂික සහභාගීත්වයෙන් යුතුව ස්ථාපිත කෙරුණු පාර්ලිමේන්තු කමිටුව විසින් පවත්වනු ලබන දෙවන ප්‍රාදේශීය මහා සමුළුව “තිරසාර සහජීවනය උදෙසා ජාතික ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ” යන්න තේමා කොට ගනිමින් අද අම්පාරේ දී පැවැත්වින.
විශාල වාර්ගික හා ආගමික විවිධත්වයකින් යුත් ජන සංයුතියක් සහිත අම්පාර දිස්ත්‍රික්කය මෙවර පැවැත්වූ දෙවන ප්‍රාදේශිය මහා සමුළුව සඳහා තෝරා ගැනීම සෑම අතින්ම යෝජ්‍ය බව ජාතික හා ආගමික සහජීවනය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අදහස වූ අතර, මෙවර සමුළුවේදී ඉහත තේමාව පදනම් කරගනිමින්. භාෂා ප්‍රතිපත්තිය, අධ්‍යාපන ප්‍රතිපත්ති සහ අධ්‍යාපන ක්ෂේත්රය තුල සිදුවිය යුතු ව්‍යුහාත්මක වෙනස්කම්. අම්පාර දිස්ත්‍රික්කය තුල ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ ජාතික හා ආගමික සංහිදියාවට අදාල අත්දැකීම් සහ ගැටළු. පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරින.
පෙ.ව 08.30ට අම්පාර මොන්ටි හෝටෙල් ශ්‍රාවණාගාරයේ දී අාරම්භ වූ සමුළුව සඳහා සියළු ආගම් නියෝජනය කරමින් ප්‍රධානතම ආගමික නායකකාරකාදින් මෙන්ම කථානායක, විපක්ෂප නායක ඇතුළු මැතිඇමතිවරු රැසක් ද ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීහු ද එක් වූහ.
– කථානායක මාධ්‍ය අංශය
අන්තවාදීන්ට පුරාවස්තු ඩෝසර් කිරීමට ඉඩදී නිහඬව සිටින ආණ්ඩුවක් සමග මොන සහජීවනයද?
උතුරට බුදු පිළිමෙත් ‘වානා’ ඒත් දකුණට සංහිඳියාව ලැජ්ජයි
Redda thamai…. APita saha jeewane… Anith unta una magulak… Kujeethai… Yaha panane…. Tho nodakin…