සහරානගේ මුල්‍ය පාලක යයි ඔ්ළුවිල් සරසවියේ කථිකාචාර්ය අත්අඩංගුවේ..

May 11, 2019 at 4:40 pm | lanka C news
සහරානගේ මුල්‍ය පාලක යයි ඔ්ළුවිල් සරසවියේ කථිකාචාර්ය අත්අඩංගුවේ..

පාස්කු ඉරිදා දිනයේ එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයන් වලට නායකත්වය දුන් සහරාන්ගේ මුල්‍ය කළමනාකාරවරයා බව සඳහන් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔ්ලුවිල් හි පිහිටි නැගෙනහිර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකි.

මොහුගේ බැංකු ගිණුමට පසුගිය කාලයේ වරින්වර රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබී ඇති බව පරීක්ෂණ වලින් හෙලිවී ඇත.

ඔ්ළුවිල් විශ්ව විද්‍යාලයේ අරාබි භාෂාව උගන්වන බව කියන මෙම කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ය.

44,995 Viewers

4 Comments to “සහරානගේ මුල්‍ය පාලක යයි ඔ්ළුවිල් සරසවියේ කථිකාචාර්ය අත්අඩංගුවේ..”

  1. ෆාතිමාගේ සිංහල අයියා says:

    තුර්කියේ Kemal Atartuk එක්තරා කාලයකදී කාන්තාවන්ට ඔනෑම ඇඳුමක් අඳින ලෙසත්, ගනිකා වෘත්තියේ යෙදෙන්නන් හට ප්‍රසිද්ධ ස්ථාන වලදී බුර්කාව හඳින ලෙසත් දැනුම් දී තිබුනි. ලංකාවේද එය ක්‍රියාත්මක කරන්න කාලයයි මේ. අපගේ සහෝදර මුස්ලිම් කාන්තාවන් ගනිකාවන් ලෙස හංවඩු ගැසීමෙන් වලක්වාලන්නට ඔවුන්ගේ බුර්කාව ඉවත් කල යුතුයි. ජනපතිතුමනි, අහිංසක මුස්ලිම් කාන්තාවන්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට මුහුණු ආවරන තහනම් කලාට ස්තූතියි Daily Telegraph ඇසුරිනි

  2. SL says:

    ඔලුවිල් සරසවියේ ලංකාවේ සාමාන්‍ය නීතිය නැහැ , පෝයට නිවාඩු දෙන්නේ නැහැ , සිකුරාදාට නිවාඩු .මේ නීති තියාගෙන වැඩ කරන්න කවුද ඉඩ දුන්නේ ?? චන්ද කෑදර දේශපාලක පරයෝ නොවේද ??

    • sathya says:

      If this is true, it’s ridiculous. All Universities should pursue a single rule.
      If this is true, immediately take action to correct it

  3. පරණ හොරුන් බලයට පත් නොකරමු says:

    රෝග බීජයට මුලදීම බෙහෙත් කළා නම් රෝගය ඔඩු දිව්වාට පසුව සැත්කම් කරන්න සිදුවන්නේ නැත. අන්තවාදී ආගම් මුලදීම නීතියකින් තහනම් කළානම් පසුව කඩු සටන් කරන්න සිදුවන්නේ නැත.