සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…

June 2, 2019 at 9:20 am | lanka C news
සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…

අබූ උබයිදා නැමැති ත්‍රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක් නැති වුවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම දැන් අප්‍රසන්න වන තරමටම අපට ඇසී තිබේ. මේ මනෝ විකෘතික ඝාතකයා නිසා මේ වන විට බරපතළම අර්බුදයකට ලක් වී ඇත්තේ මේ රටේ මුස්ලිම් මිනිස්සුය.

ඒ බව අපට කියන සජීවී සාධකය දැන් අප අබියසය. ඔහු අබූබක්කර් මුහම්මදු මුසාෆීර්ය. මේ මිනිසා සොයාගෙන අපි කාත්තන්කුඩියට ගියෙමු.

වසර දෙකකට කලින් ලේ වැකි සිරුරින් යුතුව දුක්ඛිතව මඟ වැටී සිටි මේ තරුණයාගේ රුව මාධ්‍යවල පළ වූවා මතකය. ඒ වර්ෂ 2017 මාර්තු 10 වන දින ආලියා මන්සන්දියේ දී සහරාන් හසීම් ප්‍රමුඛ මැර පිරිසක් එල්ල කළ ප්‍රහාරයේදී ය. එහිදී සහරාන්ගේ තියුණු කඩු ප්‍රහාරයෙන් ද, සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ගේ පිහි පහරින්ද කැපුම් තුවාලවලට ලක්ව දිවි බේරාගත් මුසාෆීර් තම රුධිරයෙන් කී කතාව මේ රටේ මහා සමාජයට ඇසුණේ නැත. ඔවුන්ට එය මුස්ලිම් සමාජයේ ඇති වූ තවත් එක් ගැටුමක් පමණක් විය. ඒ නොඇසි කතාව මහා ලේ ගංගාවක් සේ මේ රට ගිල්වා දමමින් ගලාගෙන ගියේය.

එදා නෑසූ කන්ව සිටි අප දැන්වත් අබුබකර් මහමුදු මුසාෆීර්ගේ කතාව ඇසිය යුතුය. ඒ මේ ම්ලේච්ඡත්වයට එරෙහිව සටන් කළ සැබෑ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ හැඩය හඳුනාගැනීම සඳහාය. අබූබක්කර් මුහම්මදු මුසාෆීර් ඒ මාරක ප්‍රහාරය එල්ල වුණු අතීත සිදු වීම පිළිබඳ සිය හඬ අවදි කරන්නේ මෙසේය.

“ඒ වර්ෂ 2017 මාර්තු 10 වෙනිදා. කාත්තාන්කුඩි ආලියා මංසන්දියේදී ගමේ බහුතරයක් වෙසෙන අපේ සුන්නි මුස්ලිම්වරුන් නියෝජනය කරන සූෆි මුස්ලිම් නැමති සංවිධානය විරෝධතාවක් පැවැත්තුවා. ඔවුන් විරෝධතා ව්‍යාපාරය පැවැත්තුවේ සහරාන්ගේ තවුහීද් ජමාත් සංවිධානයට එරෙහිවයි.

ඒ වෙන කොට කාත්තන්කුඩියෙදි සහරාන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුණේ අබ්දුල් රමීස් මව්ලවිතුමා. සහරාන්ගේ කමකට නැති අන්තවාදී වැඩවලට සාධක සහිතව විරුද්ධ වුණේ එතුමා.”

“රැස්වීම තියන තැන මමත් හිටියා. ටික වේ ලාවයි ගත වුණේ. තැඹිලි පාට ටී ෂර්ට් ඇදගත් කණ්ඩායමක් කඩු පිහි අරගෙන එකපාරමට අපි ඉන්න තැනට කඩා වැදුණා. මම ඔවුන්ව හඳුනා ගත්තා.

ඒ කණ්ඩායම මෙහෙයවූයේ අයි.එස්.අයි.එස් එකට එකතු වුණ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හසීම්.

ඔහුගේ සොහොයුරා වුන සායින්දමරුදු ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත්තු රිල්වාන් ද ඇතුළු 100ක වගේ පිරිසක් එතැනට ආවා.”

“සහරාන්ගේ මල්ලි වන සායින්දමරුදු නිවසක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මියගිය රිල්වානුයි නියාස් සහ අජුවත් කියල දෙන්නෙකුයි මුලින්ම මගේ මස්සිනාට පහර දුන්නා. පස්සෙ මං ළඟට දුවගෙන ඇවිත් මාව වට කරලා අල්ල ගත්තා. මට හෙල්ලෙන්නවත් ලැබුණෙ නෑ.

ඔවුන් ජිහාඩි සටන දිනේවා. අල්ලාහ් අක්බර් කියාගෙන පළමු කඩු පහර මට එල්ල කළා. රිල්වාන් තමයි මට මුල්ම කඩු පහර දුන්නේ. නියාස් සහ අජුවත් කියන දෙන්නත් කඩුවලින් කෙටුවා. එකෙක් ගලකින් මට පහර දුන්නා. මම හිටියෙ මරණ බයේ. නිරායුධ අපි මොනවා කරන්නද? ඒ එක්කම සහරාන් කෑ ගහලා මෙහෙම කිව්වා.

“ජිහාඩ් සටන කාත්තාන්කුඩියෙන් ඇරඹුවා. ජිහාඩ් පිළිගනිව්…”

ඔහුත් එක්කම සහරාන් එක්ක හිටපු පිරිසත් එකවරම කෑ මොර දුන්නා.

මම දුවන්න උත්සාහ කළා. දුවාගන්න බෑ. කලන්තෙයි. මුළු ඇඟේම ලේ වැක්කෙරනවා. මම ගිහින් පැත්තකින් ඉඳගත්තා.”

එදා මුන්ගේ ඉලක්කය වුණේ ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය නියෝජනය කරන සූෆි මුස්ලිම්වරු. එයාලගේ හැසිරීමට විරුද්ධ මව්ලවි අබ්දුල් රමීස් මව්ලවිතුමන්ව ඝාතනය කරලා එයාලට විරුද්ධ අනිත් අයත් ඝාතනය කරන්නයි එයාලට ඕන වුණේ. නමුත් එයාලට ඒ දෙය කරන්න බැරි වුණා. ආලියා හන්දිය කියන්නේ සහරාන්ට එරෙහිව දැඩි පිරිසක් හිටපු පෙදෙසක්.”

“මම මුලින්ම කිව්වෙ. සියලු දෙනාම ආවෙ තැඹිලි පාට ටී ෂර්ට් ඇඳගෙනයි. මේ ම්ලේච්ඡයා සහරාන් අපිව කඩුවලින් කැපුවෙත් හිනා වෙවී. මේ මිනීමරුවන්ගේ පහරදීමෙන් මගේ ශරීරයේ තැන් හතරක තුවාල සිදු වුණා. මොවුන්ගෙන් ජීවිතය බේරාගෙන පුළුවන් විදිහට පැනගනිද්දි එතැන හිටපු අය මාව රෝහල් ගත කළා. මාව බලන්න ආවෙත් මගේ පවුල නඩත්තු කරගන්න ඒ දවස්වල උදව් කළෙත් අබ්දුල් රමීස් මව්ලවිතුමන් විතරයි. අද ඔය කෑ ගහන කවුරුත් එතැන හිටියේ නැහැ.”

අබුබකර් මහමුදු මුසාෆීර්ගේ මුහුණ දෙස බාගෙන සිටියෙමි. ඔහු මේ අන්තවාදී ආගමික වියරුව පිළිබඳ උපන් පිළිකුල එළිපිට කියමින් හිඳී. සහරාන් රටේ පොදු සමාජයට භීතිය ගෙනාවේ පාස්කු බෝම්බයත් සමඟය. එහෙත් ඔහු සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය මත අතිශය දරුණු පීඩාවක්, භීතියක් පතිත කරගෙන සිට වසර ගණනාව සම්බන්ධව අප නොවිමසූ අයුරු පිළිබඳ උපදින්නේ විස්සෝපයකි.

සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ ආගමික ඇදහිල්ල ව්‍යසනයට ලක් කරමින් කාත්තන්කුඩිය කේන්ද්‍ර කරගෙන සිය උම්මන්තක ආගමික අන්තවාදය ව්‍යාප්ත මේ විකෘති ම්ලේච්ඡයා, අන්තවාදී නැඹුරුවක් සහිත තව්හිද් ජමාද් සන්දර්භයෙන් පවා ඉවත් කර දැමූවේ ඇයිදැයි පාස්කු බෝම්බය පුපුරා යන තුරු අප තැකීමක් කළේ නැත. එහෙත් ඔහු කියන්නේ මේ අන්තවාදී ව්‍යසනය තවමත් නිමා වී නැති බවය. එහි බිහිසුණුකම තවමත් ඔවුන්ව ස්පර්ශ කරමින් ඇති බවය.

“ මේ ටික ඔබට කියන්න ඕන. එදා කඩු කිණිසි අරන් ඇවිත් මට පහරදීපු සහරාන්ගේ අනුගාමිකයන් දෙන්නෙක් මීට සති දෙකකට පමණ පෙර කාත්තාන්කුඩියේ ගැවසෙනවා මම දැක්කා. අවස්ථා කීපයකදි ඔවුන්ව මා දුටුවා. හඳුනා ගත්තා. සහරාන් සහ රිල්වාන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවාගෙන මැරුණා. ඒ සංවිධානෙ තහනම් කියනවා. ඔවුන්ගේ අනුගාමිකයො අත්අඩංගුවේ කියලා කියනවා. ඒත් එදා මට පහර දීපු සහරාන්ගේ දකුණු අත වගේ ඉඳලා මිනී මරන්න ආව අජුවත් සහ නියාස් මෙහෙම බය නැතිව එළිපිට ඇවිදිනවා පෙනිලා යනවා.

එහෙම ඉන්නෙ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න බෑ. මුන් තමයි කාත්තන්කුඩියේ අන්තවාදය වපුරලා මරණ බය ඇති කළේ. මේ අය අතරින් තමයි මරාගෙන මැරෙන බෝම්බකාරයො හැදුණෙ. ඔවුන් නිදැල්ලේ. අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඒකයි. ඇත්තම කියන්නම්. අපි තවම බියෙන්.”

“ මේ සිද්ධියට පස්සේ ඊට විරුද්ධව නැඟෙනහිර පළාතේ කාත්තාන්කුඩියේදී 2017 මාර්තු මාසය පුරාවටම විරෝධතාවක් පැවැත්වුණා. කාත්තාන්කුඩියට මෙතරම් පිළිකාවක් වෙච්චි සහරාන් හෂීම්ට එරෙහිව ඉස්ලාම් පූජකවරුන් මෙන්ම බොහෝ සංවිධාන බුද්ධි අංශ වෙත පැමිණිලි සහ තොරතුරු දුන්නා. සහරාන් හෂීම් අයි.එස් සංවිධානය හා සම්බන්ධ වී සිදු කරගෙන යන අන්තවාදය වැළැක්වීමට පියවර ගන්නැයි ඉල්ලුවා. බුද්ධි තොරතුරු ඉහළ තැන්වලට ගියාද නැද්ද කියන්න දන්නෙ නෑ.”

ඔහු කියන්නේ ඔහු අත්දුටු යථාර්ථය ය. තව්හිද් ජමාද් මැරයෝ තවමත් කාත්තන්කුඩියේ හොල්මන් කරමින් සිටිති. මේ මිනිසුන් තවමත් තැතිගෙනය. ඔවුන් පමණක් නොව මුළු සමාජයම එක ඕපාදූපයකින් අකර්මණ්‍ය වන තරමට මිනිසුන්ගේ විශ්වාසය බිඳී ගොස්ය.

ඒ පසුබිම දේශපාලන ගොදුරු බිමක් බවට පත් කරගැනීමට බොහෝ පිරිස් කටයුතු කරමින් සිටිති.

යළිත් අප රටක් ලෙස අසමත්ය. රටේ සමස්ත දේශපාලනය මුළුමනින්ම අසමත්ය. නිරුවත්ය. මුස්ලිම් සමාජයෙන් පැමිණි සියලු අනතුරු හැඟවීම් පයිසයකට මායිම් නොකර රට මළ ගෙයක් වූ පසු එහි වගකීම සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය වෙතම මුදාහරිමින් අශික්ෂිත ජාතිවාදය වපුරවමින් සිටිනා අප මොන විදිහේ හිපාටුවන් දැයි අපේ හදවතට තට්ටු කර විමසිය යුතුව ඇත.

එහෙත් ඒ වෙනුවෙන් පුහුණු කළ මනසක් අප සතුව නැත. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයටත් වඩා බිහිසුණු යථාර්ථය එයය.

******************

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ ජිහාඩ් පිළිපදින්නෙ නැති සමස්ත මුස්ලිම්වරුන්ට

එම්.එස්.එම්.සීමාක් සින්නලෙබ්බේ.
(කළමනාකාර කමිටුව,අල්හාජ් අබ්දුල් ජවාඩ් ආලිම් වලියුල්ලා කමිටුව )

“සහරාන් 2011 වසරේදී දාරුල් අඩාර් නැමති සංවිධානයක් ගොඩනඟාගෙන හිටියා. ඒකෙන් අයින් වෙලා තමයි ජාතික තවුහීද් ජමාත් නමින් අලුත් සංවිධානයක් හැදුවේ. සහරාන් ජිහාඩ් අන්තවාදියෙක් කියලයි, අන් ආගමිකයින් මරාදැමීමට උත්සහා දරනවා කියලයි, තමන් දෙසන ඉස්ලාමය නොපිළිගන්නා මුස්ලිම් මිනිස්සු මරන්න ගියා කියලයි, රජය පොලිස්පති ඇතුළු සියලු ආරක්ෂක අංශවලට 2017 වසරෙදීම ලිඛිතව දැනුම් දුන්නා.”

“ මෙම පුද්ගලයා 2013 වසරේ ඉදලා ජිහාඩ් මූලධර්මය ව්‍යාප්ත කරන්න උත්සහා දැරුවා. සහරාන් අන්තවාදය ව්‍යාප්ත කරනවා කියලා පැමිණිලි 20ක් විතර කාත්තාන්කුඩි පොලිසියට කරලා තියෙනවා. වර්ෂ 2013-14 කාලයේදී මේ පුද්ගලයාට එරෙහිව නඩු දෙකක්ද පැවරී තිබුණත් ඔහු ඒ නඩු දෙකෙන්ම නිදහස් වුණා.”

“ කාත්තාන්කුඩියේ බදුරියා මස්ජීදයට සහරාන් දවසක් හොරෙන් රිංගල අන්තවාදය වපුරන්න ගියා. ඒකට ගම්වාසීන්ගෙන් එල්ල වුණ විරෝධය නිසා නැවතත් පොලිස් පැමිණිල්ලක් සහරාන්ගේ නමට වැටුණා. මුස්ලිම් දේවස්ථානයක් තිබියෙදී ඊට මීටර් 20 පමණ ඈතින් ජිහාඩ් දේවස්ථානයක් සහරාන් විසින් හදන්නේ 2016 දීයි. ඒ නව කාත්තාන්කුඩි එස්.සී.ආර්.මාවතේ.”

“ සහරාන්ගේ අන්තවාදයට ලොකු විරෝධයක් මතු වුණත් ඔහුගේ දේශනවලට හසුවූ පිරිස් 250ක් 300ක් විතර හිටියා. ඔවුන්ගේ ඔළු සෝදා ජිහාඩ් සටන්කරුවන් විදිහට ඇදගෙන තිබුණා. සහරාන්ගේ මේ අන්තවාදී ක්‍රියාවන්ට සූෆි මුස්ලිම් සංවිධානයේ අබ්දුර් රවූෆ් මිස්බායි මව්ලවි තුමන් දැඩිව විරුද්ධ වුණා. මේ නිසා සහරාන් ඔහු විසින් තමන් දේශනා කරන ධර්මය නියම ඉස්ලාම් ධර්මය බවත් එය නොපිළිගන්නා සියලු මුස්ලිම් වැසියන් මරා දැමිය යුතු බවටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.”

ඒ වගේම මඩකලපුව මීරා මුස්ලිම් විදුහලේ පාසල් දැරියන් සංස්කෘතික වැඩසටහනක ගී ගැයුවයි කියල විදුහල්පතිවරයාටත් ගුරුවරුන්ටත් දරුවන්ටත් පහත් අන්දමින් කතා කර ඔවුන් ඝාතනය කළ යුතුයි කියල ප්‍රචාරය කරල තිබුණා. මේ ඔහුගේ ධර්මය ඉස්ලාම් ධර්මය නොවෙයි.

2016.12.09 වනදා සහරාන් කාත්තාන්කුඩියේදී අන්ජාතීන් මරා දැමිය යුතුයි කියලා ඔහුගේ පල්ලියේදී කතා කීවා . ජාතික කොඩියට ගීයට නිගරු කළා. වර්ෂ 2017.2.17 දිනයේ කාත්තාන්කුඩි හිස්බුල්ලා ශාලාවේදී අයි.එස්.අයි.එස් සංවිධානයට සහාය පළ කරමින් අයි.එස්.නායකයගේ ගුණ වයමින් අයි.එස් ප්‍රතිපත්තිය අනුගමනය කරන බවට ප්‍රතිඥාවක් දුන්නා. ජිහාඩ් අරගලය කාත්තාන්කුඩියෙන් අරඹන බවට ප්‍රතිඥා දුන්නා.

2017.2.17 ජාතික කොඩිය ප්‍රතික්ෂේප කළා. මුස්ලිම් ජිහාඩ් රටක් අවශ්‍ය බව ප්‍රකාශ කළා. වර්ෂ 2017.3.3 වනදින කාත්තාන්කුඩි ජුම්මා දේශනයේදී ජිහාඩ් අන්තවාදය ගැන කතා කළා. මීට පස්සෙ, එනම් 2017.03.10 ආලියා මංසන්දියේදී සූෆි මුස්ලිම්වරුන් විසින් තවුහීද් ජමාත් නායක සහරාන්ගේ අන්තවාදයට එරෙහි විරෝධතාවක් තිබ්බා. එය මැදට පැනලා තමයි කපා කොටා දැමීම් හා පහර දීම් සිදු කර තිබු‍ණෙ.

සහරාන් කියන ආකාරයට හෝ අයි.එස්.ගහන පදයට නටන්න මේ රටේ මුස්ලිම්වරුන් සූදානම් නැහැ කියන එක ඒ කාලයේදීම මුස්ලිම්වරුන් ඔප්පු කර පෙන්නුවා. ජිහාඩ් අන්තවාදය මුළු දිවයිනේම තහනම් කළ යුතුයි. සහරාන් පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළේ ජිහාඩ් නොපිළිපදින සමස්ත මුස්ලිම් ජනතාවටම එරෙහිවයි.

– silumina

77,587 Viewers

19 Comments to “සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් කියන කතාව…”

  1. Asaranaya says:

    යථාර්තය දැන් එලිවෙමින් පවතියි. මේ රටේ සම්ප්‍රදායක මුස්ලිම්වරු මීට සම්බන්ද නැත. 1% පමණවූ අන්තවාදීන් නිසා දැන් සම්ප්‍රදායක මුස්ලිම්වරු මේ රටේ අසරණ වී ඇත. මහ ජාතිය දැන් ඔවුන් දිහා බලන්නේ ඔවුන්ද ත්‍රස්තවාදීන් ලෙසය.

    • සිංහල බන්ඩා සහ .... says:

      අනතවාදීන් කවුද සූෆි කවුද කියා දන්නේ මුස්ලිම් සමාජයමය්. කලු ලෝගු අඳින්නේ දිග රැවුල වවන්නේ අන්තවාදීන් නම් කොළඹින් බාගයක් අන්තවාදීන් බවය් මට පෙනෙන්නෙ.

      • ගස් ගැමියා says:

        ඔයාගේ හැගීම් නමලා පස්සෙන් තියාගෙන චූ කරලා නිදාගන්න හොඳේ👍

  2. Exclusive says:

    මිහිමත ඇති සියළු ආගම මිනිස් සංහතිය විනාශ කිරීමේ දරුණුතම ආයුධ බවට අයිස් ලන්තය විසින් ප්‍රකාශයට පත් කරන ලදී, පසුගිය මාර්තුවේ අයිස්ලන්ත පාර්ලිමේන්තුවේදී මේ සදහා වන පනතට බහුතර ඡන්දයක් හිමිවිය
    ඒ අනුව ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම, යුදෙවු ආගම, හින්දු ආගම සහ බුද්ධාගම ආදී ආගම් න්‍යෂ්ටික අවි , විෂ වායු, සහ ජීව අවි ඇතුලත් විනාශකාරී ආයුධ ගණයේම ලා සැළකෙනු ඇත.
    සියලු ආගම් විනාශ කාරී අවි ලෙස නම් කරන අතර තුරේ අයිස්ලන්තය විසින් ඇදහිල්ල යනු මානසික ව්‍යාධියක් බවද ජනතාව වෙත දන්වා සිටියි.
    වර්ථමානයේ ආගමින අන්තවාදීන් විසින් ලෝකය විනාශ කරමින් සිටින විට අයිස්ලන්තයේ මෙම තීරණය අන්තවාදීන්ට දැඩි ප්‍රහාරයකි.

    • දේවක says:

      ට්‍රම්ප්ට මල පැනල අයිස් ලන්තෙට තර්ජනය කලාලු.

      • යොහාන් says:

        වෙබ් එකේ තියෙන හැම දෙයක්ම ඇත්ත කියල හිතන මෝඩයෝ’ම තමයි ඉස්සර පත්තරේ තිබුණු දේවල් /රුපවාහිනියේ පෙන්නන්න දේවලුත් හරි කියල හිතුවේ .
        අයිස්ලන්තේ ගැන මේ බොරු ප්‍රවුර්තිය ලියල තියෙන්නේ එවැනි බොරු කතා සාදා දමන වෙබ් අඩවියක .සමහරු ඇත්ත නැත්ත නොසොයා මේ කතාව ලෝකේ පුරා යැවුවා .සමහරු බොහොම ආසයි මේ මොන ආගමටත් වඩා බුදුදහම ලංකාවෙන් ඉවත් කරන්න එක අපි දන්නවා
        මෙන්න ඇත්ත කතාව දැනගන්න
        http://evangelicalfocus.com/editorial/3843/editorial_fake_news_journalism_Iceland_banned_religion

    • Truth says:

      අපි බෝට්ටුවෙන් පැනලා යමු අයිස්ලන්තෙට…
      ආගම් හා ඒවා දෙසන බහුභූතයොයි සමාජෙට මහ වදයක්.

  3. Love nature says:

    ඔය ආගම අත්හැරලා බෞද්ද ආගම ගැන ඉගන ගත්ත නම් මේ කරදර සියල්ලම නිදහස් නේ මුස්ලිම් වරු මේ ගැන දැන් සිතා බැලිය යුතුය

    • Ela Kolla says:

      බෞද්ද ආගම Kiyanney Geval Kudu karala Kadaval Ginithiyena dahamada.මුස්ලිම් වරු නිදහස් සිතා බැලිය යුතු බෞද්ද ආගම ගැන ? කරදර සියල්ලම Pethirenney sulutharayak anthavadeen nisa siyaluma argamvala.

  4. Love nature says:

    තම ආගම ලැබෙන්නේ උපතිනි. තමන්ට දැනුම් තේරුම් ඇතිව අනෙකුත් ආගම් අධ්‍යනය කර ඉන් පසුව ආගම තෝරනවා නොවේ. හින්දු ආගම ලොව පැරණිම ආගමකි. දෙවනුව බුද්ධාගමද ‍ තෙවනුව ක්‍රිස්තියානි ආගම ද ඉන් පසුව මුස්ලිම් ආගමද මිනිසුන් විසින් භාෂාව යොදා ගොඩ නගා ඇත. ආගම ඇත යැයි කීමට හෝ පෙන්වා දීමට ඔබට ඇත්තේ භාෂාව පමනි. භාෂාව මිනිස් කිර්මානයකි. එය දෙවියන් විසින් මවාදී නැත. දෙවියන් මැවූ කියිවක් නැත. සොබාදහම ගැන නොදත් තමන්ට නොතේරන දේ, දෙවියන් විසින් කලා යැයි පවසීම අතිතයේ සිටි මිනිසුන් විසින් දේශනා කල මනස්ගාතයකි.

    • බන්ඩා says:

      ඩාවින් ගේ පරිනාම වදයය් දෙවිවියන් ගේ මැවීමය් යන දෙකම හොඳ⁣ට කියවලා තීණයක් ගන්න හැකියාවක් මුස්ලිමුන්ට (ඒක දේව වාදීන්ට) නැහැ. ඒකය් ප්‍රශ්නෙ?

  5. Jadapaalakaya says:

    Rata metharam bayanaka thathwayaka pawathiddi, eeniya naayakayan kiyaganna ewun polgawada kiya asiya yuthi!

  6. john the baptice says:

    ඉස්‌ලාම් ආගම හැරගිය පුද්ගලයන්ගේ සංවිධානයක්‌ වන පූර්ව මුස්‌ලිම් ජාතිකයන්ගේ සංගමය පුවත්පත් නිවේදනයක්‌ මගින් සියලු මුස්‌ලිම් ජාතිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සීමාව ඉක්‌මවා ඉස්‌ලාම් ආගම විශ්වාස කිරීමෙන් හෝ ඇදහීමෙන් භයානක ප්‍රතිඵල අත්විය හැකි බැවින් ඉන් ඉවත් වන ලෙසය.

  7. Mahesh says:

    මෙතෙක් මුස්ලිම් සමාජය විසින්ම වසාගෙන සිටි සත්‍ය දැන් එලි වී ඇත. මෙසේ මුස්ලිම්වරුන් විසින්ම එය හෙළි කිරීම ගැන අප ඔවුන්ට ස්තුති යුතුය. මෙයින් පැහැදිලිවම එලියට පනින සත්‍ය නම් සහරාන් වේවා, අයි එස් අයි එස් වේවා, බොකෝ හරාම් වේවා, මේ සියලුම ත්‍රස්තවාදීන් අනුගමනය කරන්නේ ඉස්ලාමික ඉගැන්වීම් වලම අන්තර්ගත වී ඇති අන්‍යාගමිකයින් සහ ඉස්ලාමික ඉගැන්වීම්වලට පටහැනිව ජිවත් වන සියල්ලෝ ඝාතනය කර දැමීමට නියෝග වී ඇති ඇති එම ඉස්ලාමික ඉගැන්වීම් ඇත්තේ කුරාණයේ (උදා. කුරාණය 8:39, 9:05, 2;216, 8:12…වැනි දරුණු ගනයේ ත්‍රස්තවාදී ඉගැන්වීම් තවත් සිය ගණනක් ඇත) සහ සුන්නාහ් (මුස්ලිම්වරුනට නියම කොට ඇති සම්ප්‍රදායන් – උදා. සහීහ් බුහාරි 1:2:24 මෙවැනි දරුණු ත්‍රස්තවාදී සුන්නාහ් ඉගැන්වීම් දහස් ගණනක් ඇත ) ඉගැන්වීම් වලය. ඉස්ලාමික සංවිධාන සහ මුස්ලිම්වරුන් විසින් කියන පරිදි, මෙම ත්‍රස්තවාදී ඉගැන්වීම් කිසිලෙසකින්වත් නබිගේ කාලයේ සිදු වූ යුද්ද වලට සිමා කල ඉගැන්වීම් නොවේ. කුරාණයේ ඉගැන්වීම් සදාකාලයටම බව කුරාණයම නියෝග කර කියා සිටි. එසේ නොමැති නම් ඒවා තිබිය යුත්තේ කුරාණයේ නොව වෙනම වූ ත්‍රස්තවාදීන්ගේ අත් පොතකය (Terrorists Manual) . මෙම දරුණු ඉස්ලාමික ඉගැන්වීම් බල ගැන්වෙන්නේ ඔවුන් විසින් අන්‍යාගමික දේශයක ස්වදේශිකයිනට් අභියෝග කිරීමට තරම් බලයක් ගොඩ නැගුනු පසුයි.
    ඒ අතර සාමාන්‍ය සහ අන්යාගමිකයින්ට හිරිහැරයක් නොවන මෙන්ම සාමකාමී ඉගැන්වීමද ඇත. මේ දෙවර්ගයේම ඉගැන්වීම් එකම ආගමේ තිබීමම මුස්ලිම්වරුන් විසින් අවුරුදු 1400 ක් පුරා මනුෂ්‍යත්වයට සහ මේ ලෝකයට කල සියලු විනාසයන්ට එකම හේතුවයි.
    කාත්තන්කුඩියේ සුෆී මුස්ලිම් කණ්ඩායමට පහර දෙන්නේද ඉස්ලාමික ඉගැන්වීම් වලට අනුවය. ඒ සුෆී මුස්ලිම්වරුන් විසින් අනුගමනය කරන සමහර චාරිත්‍ර ඉස්ලාමයට පටහැනි නිසාය (උදා. මළවුන් සඳහා ස්මාරක තැනීම සහ ඒවාට ගෞරව දැක්වීම් ඉස්ලාමික ඉගැන්වීම්වලට අනුව තහනම්ය, එවැනි ඉස්ලාමයට තහනම් දේ කරන්නෝ නියම මුස්ලිම්වරු නොවන බැවින් ඔවුන්ට පහර දී මර දමා හෝ භුමියේ නියම ඉස්ලාමය පමණක් ස්ථාපිත කිරීම “නියම මුස්ලිම්වරුන්ගේ” බන්ධනීය ඉස්ලාමික වගකීම (කුරානය 8:39) ලෙස ඉස්ලාමය නියෝග කර ඇත) .
    එබැවින්, සුෆී මුස්ලිම්වරුන් ඉතා සුළුවෙන් හෝ ඉස්ලාමයට පටහැනි දේ කිරීම නිසා මෙසේ ඔවුන්ව මරාගෙන කන්නට “ආගමානුකුල / Pious මුස්ලිම්වරු ” ක්‍රියා කරන්නේ නම්, බෞද්ධයින්ව ඔවුන් විනාස කරන්නේ කෙතරම් කුරිරු ආකාරයටද යන්න වටහා ගන්නට උවමනා නම්, කරුණාකර කුරාණයේ 9:05, 8:12 සහ 5:33 වැනි ඉගැන්වීම් කියව බලන්න. සමුහ වශයෙන් කරන මනුෂ්‍ය ඝාතන, බෙලි කැපිම, අතපය කපීම, එක පැත්තක එක අතක්ද ඊට ප්‍රතිවිරුද්ධ පැත්තේ එක කකුලක්ද කපා දැමීම වැනි දරුණු ඉගැන්වීම් ඉස්ලාමික ඉගැන්වීම් වල අන්තර්ගත කොට ඇත. ඒ අනුව ඔවුන් ක්‍රියාත්මක වේ.
    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු, සාමකාමිව ජීවත්වීමට කැමති මුස්ලිම්වරු දහස් ගණනින් අප ඉදිරියේ කියා පෑවේ ඔවුන්ද ත්‍රස්තවාදයට, ම්ලේච්චත්වයට විරුද්ධ බවයි. බෞද්ධයෝද කතෝලිකයෝද හින්දුන්ද සියල්ලෝම කියන්නේද එයමය.
    එබැවින්, කල යුත්තේ ඉස්ලාමයේ ඇති මෙම දරුණු ම්ලේච්ච ඉගැන්වීම් මෙරට පමණක් නොව මුළු ලොව පුරාම තහනම් කොට පාරම්පරික සාමකාමී මුස්ලිම්වරුන් සඳහා ඔවුන් විසින් අදහන ඉස්ලාමයේ ඇති සාමකාමී ඉගැන්වීම් පමණක් ඉතිරි කිරීම නොවේද?
    ප්‍රතිපලය : සාමකාමී මධ්‍යස්ත පාරම්පරික මුස්ලිම්වරුන් අදහන සාමකාමී ඉස්ලාමික ඉගැන්වීම් ඇදහීමට අන්තවාදී මුස්ලිම්වරුන්ටද, ඉස්ලාමික ත්‍රස්තවාදීන්ටද සිදුවීම නිසා ඔවුන් සියල්ලෝම සාමකාමී මුස්ලිම්වරුන් බවට පරිවර්තනය වී ත්‍රස්තවාදය, ම්ලේච්චත්වය ඉවත් වී මනුෂ්‍යත්වය පමණක් ඉස්ලාමයේ ඉතිරි වීම සහ විනාශවිමට නියමිත මනුෂ්‍ය ජිවිත සුරක්ෂිත වී, රටට නැවතත් සාමය උදාවීමයි.

    ඇඩ්මින් වෙත: මෙය ඉතා වගකීමකින් ලියන ලද ලිපියකි. කරුණාකර මනුෂ්‍යත්වයේ නාමයෙන් මෙම කොමෙන්ටුව කුණුකුඩයට නොදා රටේ යහපත වෙනුවෙන් සහ වගකිවයුතු බලධාරීන්ට මෙම ප්‍රශ්නයට විසඳුමක් කරා යෑමේ මාර්ගය ලෙසින්ද සලකා මෙය පල කරන්න. ස්තුතියි.

  8. Asaranaya says:

    ඕනවට වැඩිය ආගමක් බදාගෙන සිටීම කිසිම ජාතියකට සුදුසු නැත. ආගමක් ඇත්තේ මිනිසා යහ මගට යැවීමට විනා මිනිසා විනාශය කරා ලං කීරීමට නොවේ.

  9. crazy says:

    This country needs a new pollical leadership and a new political culture. Nagananda’s proposition seems to be the best and most practical solution. Nagananda stands a chance to seize a sizable voter chunk if he could launch a successful awareness campaign. Wimal is another potential leader. Gota has lost his credibility to a certain extent as he is representing the Rajapaksa pollical dynasty whose hands got dirty in nourishing Rishad and aiding and abating the spread of Muslim extremism. A coalition of Wimal, Naga and Lonely Gota with the blessings of Buddhist and Catholic clergy will surely secure a greater victory to this country.

    • Janaka from Matara says:

      I think you are right. All this is because of the leadership of this country – so selfish, so scheming & therefore so destructive. Nagananda is different in that he became a politician not because he wants anything for himself, but he sees things are so wrong in this country.

  10. Janaka from Matara says:

    ..but I don’t think Nagananda can or should ever work with fraudsters like Wimal or Gota. We will be at squire one all over again.

    • Crazy says:

      What must happen is Wimal and them rally around Naga’s strategy. With their experience they will be very resourceful to Naga.

Main News