සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…

November 13, 2021 at 6:22 am | lanka C news
සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…

‘සහරාන්ට පඩි ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් පිළිගත්තා. නමුත් 2010 ට පෙර සරත් ෆොන්සේකා මහතා හමුදාපති කාලේ සහරාන්ගේ සහය ලබාගත්තේ නැති බව සරත් ෆොන්සේකා මහතා මේ පාර්ලිමේන්තුවේදි කිව්වා’

පාස්කු ප්‍රහාරය පිළිබදව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසීය.

‘මම කියන්න කැමතියි සහරාන්ට පඩි ගෙව්වා කියලා මහින්ද රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපරාමයේදී පිළිගත්තා. කෙහෙළිය රඹුක්වැල්ල මහතා පුවත්පත් සාකච්ඡාවකදී සහරාන්ට පඩි ගෙව්වා කියලා පිළිගත්තා. ඒ වගේම සරත් ෆොන්සේකා මහතා මේ පාර්ලිමේන්තුවේදී කිව්වා එතුමා හමුදාපති කාලේ කිසිම දවසක සහරාන්ගේ සේවයක් ලබාගත්තේ නෑ කියලා. ඒ සියල්ල ලබාගත්තේ 2010 න් පස්සේ කියලා එතුමා මේ පාර්ලිමේන්තුවේදි කියලා තියනවා’

– මාධ්‍ය ඒකකය

17,572 views

14 Comments to “සහරාන්ට පඩි ගෙව්වා කියා අගමැති මහින්දත් ඇමති කෙහෙළියත් පිළිගත්තා…”

  1. Sun says:

    Lot of countries like Norway, Sweden are paying for their agents in different ways. At one stage Norway supplied arms to Tigers and they were happy to continue the war as they can make profit. That is the democracy of some countries. Duality….

  2. චන්ඩි කොල්ලා says:

    කිරිපල්ල කිතිකැවෙන කැවෙන පාරට මේ ලොන්තපෝල් මොනවාහරි කියනවා! බාලාංශ පන්තියක එකෙකුට තරම් වත් මොලයක් නැහැ බුද්ධි අංශයක් කියන්නේ මොකක්ද කියලාතේරුම් ගන්න!

  3. Gamarala says:

    කිරිඇල්ල කියනවා හන්තානේ කන්ද දුවට ලියා දුන්නේ තමන්ට අයිති නිසාලු ලැජ්ජයි

  4. ඕන ගොනා says:

    ලසනත ව්ක්‍රමතුංග ඝාතනකය කලේ සරත් ෆොන්සේක කියල රනිල්ලුත් ඔය පාර්ලිමේන්තුවේදිම කිව්වා.