සහරාන්ලා ගැන සෙවු බුද්ධි නිලධාරියා ආණ්ඩුව සිර කරයි… [Video]

May 29, 2019 at 10:47 pm | lanka C news
සහරාන්ලා ගැන සෙවු බුද්ධි නිලධාරියා ආණ්ඩුව සිර කරයි… [Video]

දෙරණ වාදපිටිය වැඩසටහන වෙන්වූයේ ත්‍රස්තවාදය සහ අන්තවාදය සම්බන්ධයෙනි. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක අබේසිංහ රන්ජන් රාමනායක මහත්වරුන් මෙම විවාදයට ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් එක්වූ අතර‍ පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහ කාංචන විජේසේකර මන්ත්‍රිවරුන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් සංවාදය හා එක්විය.

විවාදය ආරම්භ කරමින් කාංචන විජේසේකර මන්ත්‍රිවරයා බුද්ධි අංශ නිලධාරීන් සිරගත කිරීම බුද්ධි අංශ ප්‍රධානීන් ඉන් ඉවත් කර තානාපති සේවයට යෙදවීම වැනි කරුණු තුළින් රටේ ජාතික ආරක්ෂාව රජය විසින් පහතට ඇද දැමීම පිළිබඳ චෝදනා එල්ල කළේය.

විවාදයට එක්වූ උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ව කරුණු ඉදිරිපත් කළේය. 2018නොවැම්බර් 30 වනදා වවුනතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමේ සිදුවීමේ සිට ඉස්ලාමීය අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශන වල යෙදී සිටි පී.වී.එස්.ජේ. කුමාර නම් රණශූර පදක්කම් වලින් පිදුම් ලැබූ නාවික හමුදා ප්‍රධාන සුළු නිලධාරියා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙහිදී අනාවරණය කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වු මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියේ එම නිලධාරියා ජාතික ආරක්ෂාව වෙනුවෙන් සංවේදී රාජකාරියක නියැලී ඇති බව නාවික හමුදා මූලස්ථානය විසින් දැනුම් දී තිබියදී එය නොසලකා හරිමින් මේ අත්අඩංගුවට ගැනීම් සිදුකළ බවයි.

එමෙන්ම ඊලාම් යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ රජය විසින් ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව ම සොයා බැලීම සඳහා යුධ හමුදා අටවන බුද්ධි බලකාය පිහිට වුව ද එක්සත් ජාතික පක්ෂ රජය විසින් ඉස්ලාමීය අන්තවාදය පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුත්තෙන් හමුදා බුද්ධි අංශ ඉවත් කර පොලීසියේ නාලක සිල්වා යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එම වගකීම පැවරූ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා හෙළිදරව් කළේය.

නැගුනු චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල විරෝධතාවක් ආණ්ඩුව පාර්ශ්වයෙන් වැඩසටහන පුරාවටම දක්නට නොලැබුණි.

සම්පූර්ණ වීඩියෝව මෙතනින්

83,844 Viewers

11 Comments to “සහරාන්ලා ගැන සෙවු බුද්ධි නිලධාරියා ආණ්ඩුව සිර කරයි… [Video]”

  1. Sadu Banda says:

    This is day of politics of UNP leadership. By and large that release Terrorist and give pardons to all terrorist of Muslim and other are friends of UNP encouraging by JVP and TNA. According Wicks of UNP that Muslim Thauf Jamad of local Muslin terror -outfit having no relationship with 2/4 masscue 400 people lives.It was accountability of ISIS of Global terrorist . Fine logic of New politics advocated by UNP leadership?

    • විසදුම says:

      මේ photo එකේ ඉන්න එකා අමු මෝඩ පාටයි. උඹලට පෙනෙන්නෙ නැද්ද ?

  2. විස්කි මැඩම් says:

    මේවා අසාධාරණ වැඩ නේද? මොවුන් අසාධාරණ වැඩ කරන්නේ ඔබේ කතිරයේ බලයෙනි. ඔබත් මේවට හවුල්.

  3. saman says:

    Two Questions to Azzam Ameen (BBC)
    Do you agree Yusuf al-Qaradawi is a terrorist? (FYI: UK has banned him as a terrorist. You work for UK BBC)
    Why did your father go to Doha and met Yusuf al-Qaradawi?

  4. එක්නැලිගොඩ says:

    රටේ ආරක්ෂාවට ගිය කලක්. පාස්කු ප්‍රහාරයට රට ඇද දැමුවේ ආණ්ඩුව යි.

  5. දයා says:

    විවාදයේ රන්ජන් මාර සංයමයෙන් හිටියේ. සූරවීර කම් ඔක්කොම බැහැල. ආණ්ඩුවෙ වරද ඇස්පණාපිට ඔප්පු කරද්දි වෙන මොනව කරන්නද ඉතින් ගලේ පහරපු බළළ වගේ ඉන්නව ඇරෙන්න.

  6. දැන් මේ රටපාලනය වෙන්නෙ මුස්ලින් ආණ්ඩුකාරයන්ට,මුස්ලින් ඇමතිලා මන්ත්‍රී ලාට ඕන විදිහටයි.වඳ සාෆි ගෙ පැත්ත ගත්ත ගවයො ගැන හිතද්දි මේවා පැහැදිලියි

  7. CizZorooo says:

    Dina 52 MaRa SiRa kumantranaya me samata wagakiwa youthui.

  8. Kumari says:

    සහ්රාන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලු ඩී අයි ගී නාලක සිල්වා බොරු චෝදනා මත හිරගතකලේ ඇයි කියල හිතාගන්න පුළුවන් බුද්ධියක් නැති කමම රටට සාපයක්.

  9. Buddhadasa says:

    President should free this Mr Kumara and there should be an investigation to why he was arrested.

Main News