සහල් උපරිම මිල කිලෝව 66යි.. වැඩි මිල වෙලද සැල් වටලයි..

February 3, 2017 at 4:40 pm | lanka C news
සහල් උපරිම මිල කිලෝව 66යි.. වැඩි මිල වෙලද සැල් වටලයි..

වැඩි මිලට සහල් විකුණන සියලු වෙළෙඳ සැල් අද සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වැටලීම් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් තීරණයක් ගත්තා සහල් කිලෝඑකක් රුපියල් 66.00ට දිය යුතුයි කියලා. ඒ නිසා වෙළෙන්දන් පැත්තෙන් අපි සළකා බලා සහල් ආනයනයේ දී තිබෙන බද්ද රුපියල් 15.00 දක්වා අඩු කළා. ඒ අවස්ථාවේ දී වෙළෙන්දන් කීවා එයාලට දෙන්න පුළුවන් රුපියල් 75.00 බැගින් පමණයි කියා. නැවත අපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මුදල් ඇමති රවී කරුණානායක මහතා, මලික් සමරවික්‍රම මහතා ඇතුළු අමාත්‍යවරු සාකච්ඡා කරලා බදු මුදල රුපියල් 5.00 දක්වා අඩු කළා. මේ අනුව සහල් කිලෝ එකක් රුපියල් 66.00 ක මුදලකට අළෙවි කළ හැකියි. අපි පාලන මිලක් දාලා තියෙනවා. නමුත් වෙළෙන්දන් කිසිවෙකුත් පාලන මිලට සහල් අලෙවි කරන්නේ නැහැ. ඒ අය හාල් විකුණන්නේ වැඩි මිලට.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ රජයට සහල් ආනයනය කර වෙළෙඳපොළ මිල පාලනය කළ හැකි වුව ද රටේ ගොවියා හා වෙළෙන්දන් ගැන සිතා සහල් ආනයනය නොකළ බවයි. නමුත් ඉදිරියේ දී සහල් තොග සඟවා සහල් මිල කෘතිම ලෙස ඉහළ දැමීමට ව්‍යාපාරිකයන් කටයුතු කරනවා නම් සහල් තොග ආනයනය කිරීමට නොපමාව කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

‘‘සතොස ශාඛා 320ක් දිවයින පුරා තියෙනවා. සතොස මගින් අපේ පාරිභෝගිකයන්ට පාලන මිලට ඒ කියන්නේ උපරිම රුපියල් 66.00 බැගින් සතොස ශාඛා මගින් මිලදී ගත හැකියි. සහල් වැඩි මිලට විකුණන සියලු වෙළෙඳ සැල් සහ ගබඩා අපි පරීක්ෂා කරලා නීතිය ක්‍රියාත්මක කරනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට මා මේ සම්බන්ධ නියෝගය ලබා දී තබෙන්නේ. අද සිට නීතිය තදින් ක්‍රියාත්මකයි’

– සජීව විජේවීර

23 views

10 Comments to “සහල් උපරිම මිල කිලෝව 66යි.. වැඩි මිල වෙලද සැල් වටලයි..”

  1. lion says:

    ලංකාවේ සහල් නිෂ්පාදනයෙන් සියයට 30%
    ත් 40% ත් අතර ප්රමාණයක් බීර නිෂ්පාදනය
    සදහා එක්තරා ව්යාපාරික ආයතනයක් මිලදී
    ගන්නා බව වාර්තාවේ.

    “ලක් සහල්” නමින් එක්තරා ආයතනයක්
    දිනකට සහල් ලොරි 10ක් පමණ
    පොළොන්නරුවෙන් රැගෙන යන නමුත් එම
    නමින් වෙළෙද පොලේ සහල් නොමැත.
    දිනකට කිලෝ හාර ලක්ෂ පනස් දහසක්
    පමණ බියර් නිෂ්පාදනයට යොදා ගැනීම
    නිසා මේ වනවිට රට සහල් මිල ඉහළ ගොස්
    සහල් හිඟයක් ඇතිවී තිබේ

    • Samsudeen says:

      රිෂාඩ් කියන්නේ සතොස හාල් වලින් බිලියන දහයක් . එනම් රුපියල් මිලියන දහදාහක් හොරකම් කරපු විලපත්තුව විනාශ කරපු ලෝක හොරෙක්.

    • බන්ඩයියා says:

      ටොන් පච

      • JOHN says:

        හම්බයා රටම අන්දනවා ….තම්බිගේ තොප්පිය කරකවනවා …මෝඩ සිංහලයා තාම නිදි

    • JOHN says:

      අරලිය වී ගබඩාවටද ? සිරිසේනගේ මල්ලි නේද බියර් හදන්නේ ? විල්පත්තුවේ ගස් හොරාත් දැන් සුදනා වෙන්න හදනවා
      මුන් ඔක්කොම හොරු ….,පල් හොරු යමපාලනයම වංචාවෙන් පිරිලා

  2. gadol says:

    හාල් මිල අහස උසට යද්දී මත්තල වී ටික බියර් හදන්න විකුණලා.

    • Sapu says:

      ගොවි පුතා ගමරාල රජ උනා
      ඩඩ්ලිගේ අරලිය සහල් ගබඩා පිර උනා
      සහල් මාෆියාවක් ඇති උනා
      අපේ ගොවියාට කෙල උනා

  3. saradieal says:

    හාල්වලින් පෙරා දෙන බීර ඇමතිවරුන්ගේ බාර්වලින් ලබා ගත හැකි ය. හැබැයි මතට තිත

  4. JUDE says:

    මුස්ලිම් රටවලින් පමණක් සහල් මේ රටට ගෙනාවා ..ඇමතිට හොදට ගසා කනවා ..ඔය සහල් කෑමට ගන්න සිංහලයෝ ලෙඩ්ඩු වෙනවා ,ඔය සහල් වල ආසනික් වැඩිලු ..බලාගෙන

  5. ExUNPer says:

    In free economy, prices should change naturally based on supply and demand.
    Government is supposed to change only the control parameters.

Main News