සහල් කවරයේ මී කුණක්.. පොලොන්නරුවේ ප‍්‍රසිද්ද මෝලක නිෂ්පාදනයක්..

June 10, 2020 at 10:00 am | lanka C news
සහල් කවරයේ මී කුණක්.. පොලොන්නරුවේ ප‍්‍රසිද්ද මෝලක නිෂ්පාදනයක්..

නිවසට ගෙන එන ලද සහල් ගොනියක මිය ගිය මීයෙකුගේ මළ කඳක් සහ මිය ගිය මැස්සන්ගේ ශරිර කොටස් විශාල ප‍්‍රමාණයක් තිබි ඇති අතර නිවසියන් එම හාල් උරය පරික්ෂා කර ඇත්තේ සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා බව තොරතුරු අනාවරණය විය.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ හෙම්මාතගම අක්කර සියය අම්බලව ප‍්‍රදේශයේ පදිංචි එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතාය. දෙදරු පියෙකු වන ඒ මහතා තමන්ට ලගම ඇති නගරය වන ගම්පොළ නගරයේ සුපිරි වෙළෙඳ සැලකින් එම සහල් මිලදි ගෙන ඇත. ලංකාවේ පොළොන්නරුව ප‍්‍රදේශයේ නිෂ්පාදිත ලංකාවේ සෑම ප‍්‍රදේශයකටම අලෙවි කරන ප‍්‍රසිද්ධ නාමයක් සහිත එම නම යොදා ඇසුරුම් කරන ලද සහල් ගම්පොළ සුපිරි වෙළෙඳ සැලින් ලබා ගෙන ඇති අතර සිද්ධිය වු දිනයේදිම ඒ බව ගම්පොල පිහිටි වෙළෙඳ සැල වෙත දුරකථනයෙන් නිවෙස් හිමි ප‍්‍රසන්න මහතා විසින් දැනුම් දුන් පසු ඊට සහල් උරයක් නැවත ලබා දෙන බව පැවසු බව ඒ මහතා මාධ්‍ය වෙත පැවසිය.

කුලි වැඩ කර දරුවන් සහ බිරිඳ සිය මව ජිවත් කරවන එම්.ජි.ප‍්‍රසන්න කුමාර මහතා එහි ගිය මාධ්‍යවේදින්ට පෙන්වා දෙන ලද්දේ තමන්ගේ වයස අවුරුදු දෙක හමාරක කුඩා දරුවෙකුද සිටින නිසා මේ සියලූ දෙනා මෙම සහල් ආහාරයට ගැනිමෙන් යම් රෝගාබාධයකට ලක් වුයේ නම් ඊට වගකියන්නේ කවුරුන්ද යන්නයි.

සහල් උරය විවෘත කර පසු එයින් දුගඳක් වහනය විම නිසා සැක සිති සහල් උරය බිමට හලා බැලිමෙන් මේ සියලූ දේවල් ආනාවරණය වු බව පවසන ඒ මහතා මේ සම්බන්ධයෙන් සහල් මිලයට ගත් ගම්පොල වෙළෙඳ සැලටත් එයින් ලබා දුන් පොළොන්නරුවේ සහල් මෝලටත් කතා කර ඇත.

ඔවුන් විටක මෙතුමාට පවසා ඇත්තේ ලබා දිය හැකි ආර්ථික වශයෙන් බලාපොරොත්තු වන මුදලක් හෝ නැතිනම් සහල් නැවත ලබා දිමට කැමැතිනම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි.

නමුත් ඒ සියල්ලටම වඩා ප‍්‍රසන්න මහතා මේ වෙනුවෙන් සාධාරණ ඉල්ලිමක් සියලූ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටි. ඔහු පවසන්නේ සමහර වෙළෙදුන් නිසා ආහාර වලට වස විෂ අංඩගු වි මිනිසුන් අමාරුවේ කුඩා දරුවන් ලෙඩ විම වැලක්විමට වැරදි කරුවන්ට නිතීය ක‍්‍රියාත්මක කරවන ලෙසයි.

පසුව මාධ්‍යවේදින් ඒ මහතාට දන්වා සිටියේ් මේ සම්බන්ධයෙන් ආදාල ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා දැනුවත් කරවන ලෙසයි. ඒ අනුව දුරකථන මාර්ගයෙන් දැනුවත් කිරිමෙන් පසුව මෙම සහල් උරය පරික්ෂාවට ලක් කර අදාල වෙළෙදුන්ට නිතීය ක‍්‍රියාත්මක කිරිමට කටයුතු කරන බවද පැවසිය.

ගම්පොල සුපිරි වෙළෙඳ සැලින් සහල් ගෙන එන ලද ප‍්‍රසන්න මහතා පොළොන්නරුව සහල් මෝල් ආයතනයට දුකරකථනයෙන් ඇමැතුමක් ලබා ගත් අවස්ථාවේ එහි සිටි මහත්මයෙකු පවසා ඇත්තේ අපගෙන් සහල් ගෙන එමෙන් අනතුරුව ගම්පොල වෙළෙඳ සැලින් ඇසුරුම් කර ඇති බවට සැකයක් මතු වන බවයි. කෙසේ හෝ එලෙස ඇසුරුම් කර පොළොන්නරුවේ ප‍්‍රසිද්ධ සහල් මෝලෙහි නම සහිත බෑග් වල සහ එහි ස්ටිකර් යනආදිය අලවා අලෙවි කර ඇත්නම් එය වැරදි ක‍්‍රියාවක් වන අතර ඊට වගකිව යුත්තන්ගේ අවදානය යොමු විය යුතුව පවති.

– සමන් විජය බණ්ඩාර

51,357 Viewers

13 Comments to “සහල් කවරයේ මී කුණක්.. පොලොන්නරුවේ ප‍්‍රසිද්ද මෝලක නිෂ්පාදනයක්..”

  1. kkuruwita says:

    හැම එකාම බෝලෙ පාස් කරන එක විතරයි කරන්නෙ !

    • King Bull says:

      🐁 දාන්න ඇත්තෙ ගෙදර ඉන්න 🐱 වෙන්න ඇති.

    • කාන්තාර පළඟැටියා says:

      මට නම් මේක විශ්වාස කරන්න බෑ…. මහාපරිමාණ සහල් නිෂ්පාදනය කරන අය භාවිතා කරන යන්ත්‍ර සූත්‍රවලින් මීයන් උරවලට වැටෙන්න විධිහක් නෑ..මේක මේ මනුස්සයා ගොතපු එකක්.. ඒක නම් මට සහතිකයි

  2. rat says:

    එළුවො, බැටළුවො, ගස්ලබු corona positive උන නිසා WHO විශ්වාස නෑ තව පරීක්ෂණ කරන්න කියල මැඩගස්කර් හර්බල් පානය ගෙන්වපු tazania ව දැන් covid නෑ කියල නිවේදනය කරල. ඇත්තටම මුන්ට මේක අප්‍රිකාවෙ වෙනම පතුරුවන්න ඕන කමක් තිබ්බද දන්නෙ නෑ. ඒ රටේ ජනාධිපති බුද්ධිමත් එළුවන්ගේ ගස්ලබු සාම්පල වලට මිනිස්සුන්ගෙ නම් වයස් ස්ත්‍රී පුරුෂ දාල test කරන්න lab එකට යවල technicianල නොදැනුවත්ව.

  3. MD says:

    Loku sahal molata apahasa kirime uwamanawen kala deyak wennath puluwan.Niwaradi Parikshana kara Dadi daduwan denna.Mewa Sahasika Aparada.sellam karanna denna epa.1 th Nithiya 2 th Nithiya 3 th Nithiya

  4. sinhale le says:

    ගම්පොල මුසල්මානුවෝ මේවගේ වැඩ කරනවලු සැම වෙළද සැලක්ම පරික්ෂා කල යුතුය.

  5. හැලීගේ ධූම කේතුව says:

    කුලී වැඩ ලු කරන්නේ. සුපර් මාකට් එකෙන් ලු බඩු ගන්නේ. එක පාර හාල් කිලෝ 50 මිටිය ක් ලු ගන්නේ. පොළොන්නරුවේ හාල් ගම්පොළදි ආයේ පැකට් කරාලූ.. අනේ මන්දා බොරුවක් වත් අහුවෙන්න නැතුව කියා ගන්න බැරි වැඩබැරි ආණ්ඩුව. එක්සපයාර් වෙන්න ලඟයි වගේ.

    • හිරනිකර් බබා says:

      එක්ස්ෆයර් වෙලා තියෙන්නෙ උඹේ බැක්සයිඩ් එක.
      ඒක අපේ රන්ජන් අයියට හරි මන්-ගල සර්ට හරිදීල රෙපයාර් කරගණින්.

  6. ඩඩ්ලි අංකල් says:

    ප්‍රසන්න කුමාර මහතා කියන්නේ ඔය හාල් බෑග් එකට මැරිච්ච මියෙක් දන්නේ නැතුව මැරිච්ච අලියෙක් දාලා දෙන්න කියලද ? එහෙම උනා නම් මමත් ඔය කතාව විශ්වාස කරනවා.

  7. sunimal Ayya says:

    මෛත්‍රීපාලට යූ එන් පී එකත් එක්ක යහපාලන ජෝගිය නටන්න ගිහිල්ලත් උනේ ඕක නේද?.. දැන් ගඳයි ගඳයි කිව්වට මිනිස්සු දන්නවා යූඑන්පී එක ගඳයි.. මැස්සො වගේ ජවිපෙ හා අනිත් අපිරිසිදු සත්තු වටේ කැරකෙනවා..

  8. Radha says:

    ඔය මීකුණ විකුණලා කෝටිපතියෙක් වෙයන්…. එක එකාට ලෙඩ අදින්නේ නැතිව

  9. damian says:

    ආණ් ඩුවේ රස්සාවක් කරන මට වඩා කුලී වැඩකරන මහත්මයා කන්නේ පැක් කරන ලද​සුපිරි හාල් බව දැනගැනීම මෙතන ඇති සතුටු දායක දෙයයි.

  10. sena says:

    මගෙ මතය අනුව මේතන සහල් මොලෙ නම සදහන්කර නැ අවංකව හො ජනතාවට අදරෙනම් නම සදහන් කල යුතුය නමක් නැ ගමක් නැ මේය වෛරයෙන් හො ඉර්සියාවේන් කරපු ප්‍රකාශයක් වන්න පුලුවන්