සහල් කිලෝ 03ක් පවුලකට සති දෙකකට ප‍්‍රමාණවත්..- බන්දුල

April 6, 2021 at 3:00 pm | lanka C news
සහල් කිලෝ 03ක් පවුලකට සති දෙකකට ප‍්‍රමාණවත්..- බන්දුල

සහල් කිලෝ ග්‍රෑම් තුනක් සති දෙකක කාලයකට එක් පවුලක පරිභෝජනයට ප්‍රමාණවත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සතොස විසින් මේ දිනවල ලබාදෙමින් ඇති සහන මල්ල සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙම සහන මල්ල හේතුවෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කැළඹීමක් ඇතිව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට හැකි බවද පැවසූ ඔහු වෙනත් ආයතන විසින් එම භාණ්ඩ ඊට වඩා අඩු මිලට ලබාදීමට කටයුතු කරමින් ඇතැයිද කියා සිටියේය.

කෙසේ නමුත් සතොස විසින් ලබා දෙන භාණ්ඩ වගකීමක් සහිතව ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ ඇතුළත් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

‘මේ එක පවුලකට සාමාන්‍යයෙන් හාල් කිලෝ තුනක් තියෙනවා. සීනි කිලෝවක්. මේ කාලපරිච්ඡේදය සති දෙකක වගේ කාලෙකට ප්‍රමාණවත් වෙනවා කියලා අපි හිතනවා පවුලකට’ යයිද ඇමතිවරයා පැවසීය.

29,980 views

37 Comments to “සහල් කිලෝ 03ක් පවුලකට සති දෙකකට ප‍්‍රමාණවත්..- බන්දුල”

  1. Citizen says:

    වහලුන්ට බඩ පිරෙන්න කෑම දෙන්නෙ නැහැනෙ. ඇමතිතුමා කියන්නෙ ඇත්ත. ඇමතිතුමා ඇත්ත කිවුවත් පොහොට්ටු වහල්ලු පිලිගන්න කැමති නෑ. ඔන්න බලන්න අයෙත් බඩගින්නෙ ඉදල හරි වහල්ලු ටික පොහොට්ටුවට ජන්දෙ දෙනව.

  2. George says:

    Bulldog Bandula

  3. On The Spot says:

    වෙළඳ ඇමති බන්දුලගේ කථාව නිවැරදිය​.ඔහු පවසා ඇති පරිදි මේ ප්‍රමාණය වැඩි තරම් බව වැටහෙන්නේ පවුලකට මාසයකට දෙදහස් පන්සීයක් සෑහෙන බව මීට කලින් ඔහු විසින්ම තැබූ වාර්ථාව හා සසඳා බැලීමේදීය​.ඇමති බන්දුල ගැසට් ගසා වාර්ථා තැබූ පුද්ගලයෙකි.ඔහු දැන් බැනුම් අසා වාර්ථා තබන්නට සුදුසුකම් ලබා ඇත​.

  4. gonsira says:

    Bandula baeeyo sahal kilo 3 nata sahal ata keeyak tiyenawada kiyapan, mulinma mole pareeksha koloth hada neda.

  5. B. Anthony says:

    ආචාර්ය තුමෝ! කට වහගෙන හිටියොත් කාඩ් එක බේරගන්න පුලුවන් වෙයි කියළා හිතෙන්නෙම නැද්ද? දුකයි අප්පා!

Leave a Comment

Main News