සහල් ගන්න දීර්ඝ පෝලිම්….
June 11, 2022 at 12:40 pm | lanka C news
රතු සහ සුදු සහල් සදහා රජය මගින් (10) දින රාත්රියේ සිට පාලන මිලක් නිකුත් කිරිමත් සමග හැටන් සතොස ශාඛාවෙන් සහල් මිල දි ගැනිමට පාරිභෝගිකයන් දිගු පොලිම් වල රැදි සිටිහ.
සතොස ශාඛාව මගින් රතු සහල් කිලෝවක් රු 210 උපරිම සිල්ලර මිලකට ලබාදුන් අතර , එම පාරිභෝගිකයන්ට තිරිගු පිටි කිලෝ 3 ක් සහ සිනි ග්රැම් 500 නිකුත් කිරිමට එම සතොස ශාඛාවේ සේවකයින් පියවර ගෙන තිබුණි.
සුදු සහල් තොග එම සතොස ශාඛාවට ලැබි නොමැති බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.
මේ අතර රතු සහ සුදු සහල් සදහා පාලන මිලක් රජය මගින් නිකුත් කර තිබුණද එම මිලට සහල් මෝල්කරුවන් විසින් තමන්ට සහල් නිකුත් නොකරන බවත්, ඒ අනුව තමනට රතු සහ සුදු සහල් කිලෝවක් රු 240-250 අතර උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට සිදු වි ඇති බවයි හැටන් නගරයේ සහල් වෙලෙදුන් කියා සිටින්නේ.
තවද තමන්ගේ ඉල්ලුමට සරිලන සහල් සැපයුමක් සහල් මෝල්කරුවන්ගෙන් නොලැබෙන බවත්, සහල් මිල වැඩිවිම හමුවේ පාරිභෝගිකයන් සහල් මිල දි නොගන්නා බවයි වෙලෙදුන් කියා සිටියේ.
– හැටන් රංජිත් රාජපක්ෂ
ඉතිං එහෙනං හාල් දෙන්නෙ නැති හාල් මෝල් ගිනිතියලා ඒවයෙ අයිතිකාරයෝ මරාපල්ලා. ඒකනෙ දැන් ක්රමේ, නැද්ද? අර පෙට්රල් දෙන්නෙ නැති ෂෙඩ් වලට කලා වගේ. තමන්ට කරන්න බැරිනං ජෙප්පන්ට කියාපල්ලා. උන් කරයි, එච්චරනෙ උන්ට පුලුවං.
නිරූපමා රාජපක්ෂ ඇන්ටිගෙන් අහලා
හාල් ගෙන්න පිට රටින් ඩොලර් ණය අරන් ඒව හොරා කාපල්ලා. ඒකනේ කරමේ..
නැද්ද?
YRm (white raw rice)
1kg 255/=