සහල් ටොන් ලක්‍ෂයක් ඉන්දියාවෙන්…?

March 15, 2021 at 5:30 pm | lanka C news

මෙරට මෝල් හිමියන් සහල් සඟවා වැඩි මිලට විකිණීමට උත්සාහ කළහොත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් විදේශයෙන් ආනයනය කිරීමට සිදුවන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

මෙරට ප්‍රධාන මොල් හිමියන් රජයේ පාලන මිල නොසලකා කටයුතු කරන්නේ නම් සහ ආනයනය හැර වෙනත් විකල්පයක් නැති බවද ඔහු සඳහන් කරයි.

බොහෝ දුරට එළැඹෙන සිංහල අලුත් අවුරුදු සමයේ දී ඉන්දියාවෙන් සම්බා සහල් ගැන්වීමට රජය අදහස් කර ඇතැයිද වාර්තා වේ.

17,382 views
Main News