සහල් නිෂ්පාදනයෙන් ඉවත් වීම හැර විසදුමක් නෑ.. – මරදගහමුල සහල් වෙලද සංගමය
February 12, 2017 at 7:08 am | lanka C news
රජය විසින් සහල් සදහා නියම කර ඇති පාලන මිල හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව සිටින බවත් ඊට විසදුමක් නොලැබෙතොත් සහල් නිෂ්පාදනයෙන් ඉවත්වීමට සිදුවන බව මරදගහමුල එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය කියයි.
ඔවුන් පෙන්වා දෙන්නේ රජයේ වී කිලෝවක් රුපියල් 44.60ක් වන බවත් ඒවායින් සහල් කිලෝවක් නිපදවා විකිණීමට සිදුවන්නේ රුපියල් 82කට බවත්ය.
මේ තත්වය මත සහල් නිෂ්පාදනයෙන් ඉවත්වීම හැර අන් විසදුමක් නැති බවද සංගමය අවධාරණය කරති.