සහල්, පරිප්පු, සීනි ගන්න දීර්ඝ පෝලිම්…

May 20, 2022 at 2:12 am | lanka C news
සහල්, පරිප්පු, සීනි ගන්න දීර්ඝ පෝලිම්…

හැටන් සතොස ශාඛාවට (19) දින සහල්,රතු පරිප්පු සහ සිනි තොග ලැබිමත් සමග එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට පාරිභෝගිකයන් සතොස ශාඛාව ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටිහ.

සතොස ශාඛාව මගින් පොන්නි සම්බා කිලෝවක් රු 175 , දේශිය රතු කැකුළු කිලෝවක් රු 145 , රතු පරිප්පු කිලෝවක් රු 489 , දුඹුරු සිනි කිලෝවක් රු 170 වැනි සිල්ලර මිලකට අලෙවි කරනු ලබයි.

සැම පාරිභෝගිකයෙකුටම සහල් කිලෝ 05 බැගින් , රතු පරිප්පු කිලෝවක් සහ දුඹුරු සිනි කිලෝවක් බැගින් නිකුත් කෙරිණ.

එම ආහාර ද්‍රව්‍ය වෙලදපොලේ ඉතා අධික සිල්ලර මිලකට අලෙවි කරන නිසා හැටන් සතොස ශාඛාවෙන් එම ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිමට විශාල පිරිසක් පොලිම් වල රැදි සිටිහ.

– හැටන් රංජිත් රාජපක්ෂ

58,669 views

2 Comments to “සහල්, පරිප්පු, සීනි ගන්න දීර්ඝ පෝලිම්…”

  1. සහන් says:

    අවුලක් නෑ. පෝලිමේ ඉඳලා හරි බඩු ගන්න පුළුවන් වුණේ මහින්ද මහත්තයා යුද්ධෙ දින්න හින්දනේ

    • මහින්ද රාජපක්ෂ says:

      මම හිටියේ නැත්නං බලාගන්න තිබ්බ තොපි පෝලිම් වල ඉන්න හැටි . ඉන්න පෝලිම් නෑ අපේ හාමුදුරුවනේ . තොපි ඔක්කොම මෙලහකට මළවුන් අතර මම නොහිටින්න . කෙලෙහිගුණ දන්නැති පපාහර ජාතිය මොකට බේරගත්තද මන්ද

Main News