සහල් මාෆියාව පිටුපස ජනාධිපති…

January 18, 2017 at 7:06 am | lanka C news
සහල් මාෆියාව පිටුපස ජනාධිපති…

අද රටේ පවතින්නේ සහල් මාෆියාවක්. මේවනවිට සහල් වෙළදපොල කරවන්නේ ජනාධිලතිවරයාගේ සොහොයුරා ඇතුලු  අතලොස්සක්. එසේ එක් පුද්ගලයෙකුට මෙවැනි  කලහැකි නම් රජයක් කුමකටදැයි  ජනතාව ඉදිරියේ පවතින ප්‍රශ්ණයක්.බැදුම්කර  වංචාවට කොටුවී සිටින අගමැතිවරයා මෙයට නිහඩයි. මේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා සිටිනවා. ගොවිජනතාව මහ මගට බහින කාලය වැඩි ඈතක නැතැයි සමස්ථ ලංකා ගොවිසම්මේලනයේ සභාපති සහ පළාත් සභා මංත්‍රි නාමල් කරුණාරත්න මහතා පැවසීය.

හෙතෙම මෙසේ පැවසුවේ මධ්‍ය සහ කුඩා පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයෙහි මෙහෙයවීමෙන් දඹුල්ල සියපත හෝටල් සංකීර්ණයෙහි පැවති මාධ්‍ය හමුවකදීය.මෙහිදි සභාපතිවරයා වැඩිදුරටත් මෙසේද සදහන් කලේය.වීඅලෙවි මංඩලය අද වනවිට හොර ගුහාවක්වෙලා. එම ගබඩාවලින් වී දෙන්නේ හැරිසන්  ඇමතිවරයා තෝරාගත් පිරිසකට පමණයි.ඔහු කියන්නේ කැබිනට් අනුමැතිය යටතේ  රජයේ ගබඩාවලින් වී නිකුත්කරන බවයි. නමුත් දැනට සත්ව ආහාර නිෂ්පාදනයන්  සදහාද මෙම ගබඩාවලින්  වී ලබාදී තිබෙනවා. එසේ ලබාදී ඇත්තේ වී කිලෝව රුපියල් විසිඅටට (රු.28/=). ඇතමුන් මෙසේ රුපියල් විසිඅටට ලබාගත් වී රුපියල් පනස්තුන  (රු.53/=) බැගින් විකුණලා.මෙයින් දැනටමත් රජයට රුපියල් කෝටි 290 ක් පාඩුවෙලා.

ඇතැම් වීමෝල් වලට රජයේ ගබඩාවලින් වී නිකුත්කර ඇති නමුත් ඒවායේ මැෂින්වත් සවිකරලා නෑ. මොවුන් අළුත් වී පවා සත්ව ආහාර සදහා විකුණනවා.මේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා සිටිනවා. මෙම තත්වය මර්ධනයකල නොහැක්කේ ඒ නිසයි. වී අලෙවි මංඩලය විසින් මිළට ගෙන ඇති වී වසර දෙකක් ගබඩාවල තබාගත හැකියි. එසේ තිබියදි මේ ආකාරයෙන් වී තොග සත්ව ආහාර සදහා විකුණන්නේ ඇයි? මේ මගින්  විශාල කොමිස් ගැහිල්ලක් සිදුවනවා. මෙම වංචාව පිටුපස කැබිනටි මං ලයේ බොහෝ අයද සිටිනවා.

එදා රාජපක්ෂ පාලන සමයේද සහල් මාෆියාව පවත්වාගන ගියා. එසේ සිදුකලෙත් අද සිටින පිරිසමයි.එබැවින් මෙම තත්වය කිසිදු පාලකයෙකු විසින් මර්ධනය කරන්නේ නෑ. හැරිසන් ඇමතිවරයා එදා මට පැවසුවා කුරුණෑගල සහ රත්නපුර පෙදෙස්වල වී ගැණුම්කරුවන් දෙදෙනෙකුගේ අයදුම්පත් අවලංගුකල බව. නමුත් මේගැන පසුව බලන විට දෙවන ලැයිස්තුවේ ඔවුන්ගේ නම් තිබුනා. මෙවැනි වංචාකරන්නේ ඇයිද යන්න මහත්  ගැටළුවක්. මෙම ක්‍රියාවන්ගෙන් පැහැදිලිවන එක් දෙයක් තිබෙනවා. එනම් වී අලෙවි  මංඩලයේ ඉහළ නිලධාරින්ට මෙන්ම හැරිසන් ඇමතිවරයාටද කොමිස් මුදලක් යන බව. පසුගිය රජය මෙන් මේ රජයත් බාගන කෑමට පටන්ගන ඇති බව හොදහැටි පැහැදිලියි. පවතින මෙම තත්වය යටතේ වෙළදපොලේ සහල් මිළ ඉහළයාම සම්බන්ධයෙන්

ජනාධිපතිවරයා ඇතුලු ඇමති මංඩලයම වගකිට යුතුයැයි සභාපතිවරයා අවසාන වශයෙන් පැවසීය.

සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ උපසභාපති මුදිත පෙරේරා මහතාද මෙසේ පැවසීය.

‘කවුරු මොනවා කීවත් රටේ සහල් හිගයක් නෑ. වී අලෙවි මංඩලය සතුව වීතොග  තිබෙනවා. නමුත් එය දෙන්නේ තෝරාගත් පිරිසකටයි. මේ නිසා මධ්‍ය සහ කුඩා පරිමාණ   වීමෝල වැසීයන තත්වයට පත්වෙලා. මෙම තත්වය යටතේ පුද්ගලයින් පනස්දහසකට  (50000) පමණ රැකියා අහිමිවීයාමේ තත්වයක් උදාවෙලා. මේ රජය හැරිසන් ඇමතිවරයා කස්කල ලැයිස්තුවකට වී අලෙවි කරනවා. මෙමගින් වී අලෙවි මංඩලයේ නිලධාරින් පියල් කෝටි ගණන් වංචාකරලා. මේවනවිට රටේ වී ටික  තියෙන්නේ ලොකුමෝල් හිමියන්ගේ ගබඩාවල. සහල් මිළ පාලනය කරන්නේ මේ පිරිසයි. මේ නිසා දිනෙන් දින සහල් මිළ ඉහළයනවා. පාරිභෝගීකයා මේ නිසා පත්ව ඇත්තේ මහත් විපතකටයි. සමස්ථ ලංකා ගොවිසම්මේලනයේ අනුරාධපුර දිස්ත්‍රික් උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතාද මෙසේ සදහන් කලේය.අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී අලෙවි මංඩලයට අයත් ගබඩාවලින් වී ලබාගැනීම සදහා  ගැණුම්කරුවන් 16 දෙනෙකුගේ ලැයිස්තුවක් තිබෙනවා. එහි සත්ව ආහාර සදහා වී ලබාගන්නා අයද සිටිනවා. මේ ලැයිස්තුව සකස්වන්නේ හැරිසන් ඇමතිවරයාගේ ඕනෑ එපාකම් මතයි. මෙය සම්පුර්ණයෙන්ම වංචාවක්. සමස්ථ ලංකා ගොවිසම්මේලනයේ ලේකම් ටී.ඩී.සරත් මහතාද මෙසේ පැවසීය.දැනට රටපුරා පවතින සහල් මාෆියාව නිසා පාරිභෝගිකයන් විදින පීඩාව සම්බන්ධයෙන්

රජය දැනුවත්කර ඇතත් එයට කිසිදු ප්‍රතිචාරයක් නෑ. මේවනවිට වී අලෙවි මංඩලයේ සිදුකෙරෙන වී නිකුත්කිරීම යටතේ රජයට රුපියල් කෝටි 400 ක පමණ පාඩුවක් සිදුවෙලයි තිබෙන්නේ. අල්ලස් කොමිසමට මේගැන මිණිලිකලත් කිසිදු ක්‍රියාමාර්ගයක් මෙතෙක් ගෙන නෑ. මේවනවිට මෙරටට සහල් ආනයනය කල නැවක් අතුරුදහන්වෙලා. රටේ සෑම ඛේදවාචකයින්ම රටේ පාලකයෝ ආදායමක් ලබාගන්නවා.අද පාලකයෝ රාජ්‍ය  දේපල භාවිතා කරන්නේ ඔවුන්ගේ බූදලයක් ලෙසයි. වර්තමානයේ සහල් මාෆියාව පිටුපස ජනාධිපතිවරයා ඇතුලු ඇමති මංඩලය සිටින බව ඉතා පැහැදිලියි. මහ පරිමාණයේ  වීමෝල්කරුවන් ආරක්ෂාවන්නේ ඒ නිසායැයි හෙතෙම අවසාන වශයෙන් පැවසීය.

සමස්ථ ලංකා ගොවි සම්මේලනයේ කාරක සභික සුනිල් රණවීර මහතාද මෙහිදි කථා කලහ.

මහින්ද උදයසිරි
දඹුල්ල

33 views

7 Comments to “සහල් මාෆියාව පිටුපස ජනාධිපති…”

  1. Boo says:

    වෙන්න බෑ , කවුදෝ කියල තිබුනා අපේ ජනාධිපති තුමා හරීම හොඳය, දැන් දැන් කටේ කිරි දත් එනවය, යාන්තමින් දන ගගා ඇවිදින්න හිටගන්න උත්සාහ කරනවය, ටික ටික හොඳ වැඩ මාසෙකට එක ගානේ කරන්න පටන් අරන් කියල. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමද සහල් මාෆියාවක් පිටිපස්සේ ඉන්නේ?

  2. ජෙයන්ති says:

    `සහල් මාෆියාව පිටුපස ජනාධිපති….’ මම හිතුවෙ මිනිහා විජේකල පිටුපස කියල.

  3. Nalika says:

    Ane ane wassata baya goviralage wada.

  4. sarath says:

    pasugiya rajaya kale sahal mafiyawak thibuna kiyala hithamuko.aath rupiyal 60 ta sahal ona tharam thibuna.munage wayasa aurydy 2y.rupiyal 40 kin mila ihala gihin.

  5. උකුස්සා says:

    මේ වී කාගේදැයි ….මේ වී කාට දැයි …ඔබ දැන් දන්නවා ඇති ..සිතු පැතු අන්දමට පොළොන්නරුවේ අරලිය සහල් වලට හම්බන්තොට වී ගබඩාවේ සහල් තොගය අයිති වුනේ කොහොමද ? අද මෙලෙස රටේ ආර්ථිකය අගාදයට යන්නේ දේශපාලුවන් නිසා නේද ?මේ මංකොල්ලය ගැන නීතිය ක්‍රියා නොකරන්නේ
    ජනපතිගේ බල පෑමෙන් ද? …අපි අපේ පවුල හදාගන්න කම් .සහල් මාෆියාව ජනපති නම් ..රටේ ජනතාව නිදාගන්න….කොහොමද යහපාලන ප්‍රතිපත්ති ?
    .සිරාගේ අණ …ඒක නම් කාපල්ලා තණ කොළ ..ක්‍රෝටන් කොළ ..හෙළයෙනි නැගිටපියව් …යමපාලනය නෙරපා දමව්

  6. Vimarshana says:

    හාල් හිඟයට හේතු දක්වන බොහෝ දෙනෙකුට ඊට බලපෑ ප්‍රධාන කරුණු දෙකක් අමතකවී ඇත. එකක් නම් ප්‍රේමදාස ජනාධිපතිවරයා වී අලෙවි මණ්ඩලය සතුව් තිබු ගබඩා ඇගලුම් කම්හල් වලට හා වෙනත් කටයුතු වලට විකුණා දැමිම නිසා ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීමට රජයට නොහැකි වීමයි. දෙවැන්න ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අනුරාධපුරයේ සෑදු ලංකාවේ විශාලතම සහල් සැකසුම් මධ්‍යස්ථානයේ යන්ත්‍ර සුත්‍ර, පරණ යකඩ වලට විකිණීමයි. ආර්ථික ඝාතකයන් දෙදෙනෙකු විසින් හිතා මතා කරන ලද මෙම අපරාධ නිසා අද මුළු මහත් ජනතාවට එහි වන්දිය ගෙවීමට සිදුවීම කාගාටුදායකය.

Main News