සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…
January 6, 2022 at 3:00 pm | lanka C news
රටපුරා බොහෝ ප්රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ.
පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ ගොස් ඇත.
ඇතැම් ප්රදේශවල සහල් වර්ගවල හිගයක්ද ඇති වී තිබේ.
රුපියල් 140 ට අලෙවි වූ නාඩු සහල් වර්තමාන වන විට රුපියල් 165 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කිලෝවක් රුපියල් 160කට අලෙවිවූ සම්බා සහල් කිලෝවක් රුපියල් 180 මිල ඉක්මවා ගොස් ඇත.
රුපියල් 120-125ක් අතර මිලකට අලෙවි වු සුදු කැකුළු කිලෝව රුපියල් 140 දක්වා මිල වැඩි වී තිබෙන අතර රුපියල් 110 ක පමණ මිලකට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 125 ඉක්මවා ගොස් තිබේ.
කීරි සම්බා කිලෝව රුපියල් තුන්සීයකට ආසන්න වී ඇත.
සහල් වෙළඳුන් සඳහන් කරන්නේ වෙළඳපොළට ලැබෙන සහල් තොග අඩුවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි.
රජය සහල් හිල පාලනයෙන් මේ වන විට ඉවත් වී ඇති අතර සහල් වෙළඳුන් විසින් මිල තීරණය කරමින් සිටී.
ගෙදර අඟහිඟ කම් නිසා කන්න නැතුව
බඩ ගින්නේ දරුවෝ අඬනකොට
දැන් කෙලින්ම කැවුත්ත පුපුරන්නේ සර්
බඩු මිල සුප්පා සර් සුප්පා
pohora sahanadaraya nawattapu ekamai honda.
kawadawath mehe minissunta nikan denna epa. awastawa awama kelinawa.
හැම මගුලක් ම ගනන් වැඩි කරලා විකුනන්නෙ. කාට කියන්නද ?
5000 දුන්නෙ ඕකට තමා. බඩ පුරා කාපල්ලා.
ඩුබායි සිංගප්පූරුව වී වවන්නේ නෑ.ඒත් හාල් මීට වඩා මිල බොහෝ අඩුයි.අපේ ආණ්ඩුවම කලු කඩයක්. සමහර ඇමතිවරුම තමා පිටුපසින් සිට මිල ඉහල දමන්නේ. අරගලයක් අත ලඟ වගේ.
Ea ratawla mun wage nugaththu rata palanaya karanne nane
කටාර් වල වි වගා කරන්නේ නෑ, ඒත් ලංකාවට වඩා සහල් ප්රමිතියෙනුත් වැඩියි මිලත් අඩුයි, මෙහේ ක්රියාත්මක වන්නේ සාධාරණ වෙලදාමක් නොව මාෆියාවකි.
The moment the salary increase was announced the price of goods went up again making it more difficult for the people. So what is use of a government like this. The real food inflation might be well over 22% now.