සහල් මිල තවත් අඩු වෙනවා.. ආහාර ගැන බයවෙන්න දෙයක් නෑ..

June 28, 2022 at 10:40 am | lanka C news
සහල් මිල තවත් අඩු වෙනවා.. ආහාර ගැන බයවෙන්න දෙයක් නෑ..

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය කරන ලද PMB Rice සහල් අලෙවිසැල අද (27) දින කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී විවෘත විය.

ඊට සමගාමීව මිල්කෝ සමාගමේ නිෂ්පාදන අලෙවිසැලක් ද, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ පොල්, පොල්තෙල්, කිරි ඇතුළු නිෂ්පාදන ජංගම අලෙවිසැල ද එම පරිශ්‍රයේදීම විවෘත කරනු ලැබීය.

කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම සිදුවූ අතර, එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස්, මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා යන මහත්වරු ද සහභාගී වූහ.

වෙළඳපොළ සහල් මිල ඉහළ යාම සහ ගුණාත්මකභාවයෙන් උසස් සහල් ලබාදීම අරමුණු කරගනිමින් PMB Rice නිෂ්පාදනය කළ අතර, ඒවා පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට සතොස වෙළඳසැල් මඟින් ද බෙදාහැරීමට කටයුතු යොදා ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම වී අලෙවි මණ්ඩලය මඟින් යල කන්නයේ වී මිලදී ගැනීමට ද අපේක්ෂා කරන බැවින් මෙම සහල් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා –

කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගැනීමට සිදු වුයේ ඉතාමත් අභියෝගකාරී අවස්ථාවකදීය. මින් පෙර ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය ඉන්පසු කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස වගකීම භාරගැනීම සිදු වුයේ ඉතාමත් අර්බුදකාරී අවස්ථාවක වුවත්, එම අභියෝගය ජය ගැනීමටත් සියලුදෙනා එක්ව කටයුතු කිරීම නිසා හැකියාව ලැබුණා.

මෙවර කෘෂිකර්ම අමාත්‍යාංශය භාර ගන්නා විට අප රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ විශාල ගැටළුකාරී ස්වභාවයක් පැවතුණේ ගොවි ජනතාව විසින් වගාවට අවශ්‍ය පොහොර, කෘමිනාශක නොමැතිකම නිසා ආරම්භ කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස අද වනවිට රට තුළ විශාල වශයෙන් අරගලකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ. අද අපේ රටේ උද්ඝෝෂණවලට සහ අරගලවලට ජීවය සැපයුයේ ගොවි ජනතාව බව කිව යුතුයි. කෘෂිකර්ම අමාත්‍යාංශය මා භාර ගන්නා විට යල කන්නයේ කුඹුරු වගා කර තිබුණේ, හෙක්ටයාර 2,48,000ක් වැනි ප්‍රමාණයක්. නමුත් මේ වනවිට එම ප්‍රමාණය හෙක්ටයාර 4,75,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද විවෘත වන මෙම PMB Rice අලෙවිසැල ඔස්සේ රාජ්‍ය සේවකයන්ට යම් සහන මිලකට සහල්, හයිලන්ඩ් කිරි පිටි සහ වෙනත් නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. මම වී අලෙවි මණ්ඩලයේ සභාපතිතුමාගෙන් විමසුවා මෙම PMB Rice දිගටම අඛණ්ඩව සපයන්න පුළුවන් ද කියලා. සභාපතිතුමා ඒ වගකීම භාරගත්තා. වී අලෙවි මණ්ඩලයේ සහල් සතොස වෙළඳසැල්වලටත් ලබා දෙනවා. සමහරවිට රටේ සමස්ථ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අපිට නොහැකි වුණත්, මෙම අලෙවිසැල් මඟින් කිසියම් සහනයක් ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.

මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනිමට නම් සියලුදෙනාගේ සහයෝගය අපට අවශ්‍යයි. ඒ වාගේම ජනමාධ්‍ය සහෝදරයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ හෙට ඉඳන් සමහර අලෙවිසැල්වල‍ට ගොස් වී අලෙවි මණ්ඩලයේ සහල් තිබෙනවා ද කියලා විමසා නැති වුණොත්, ඒවා විවේචනය නොකරන ලෙසයි. මොකද අපි වී අලෙවි මණ්ඩලයේ සහල් සපයන්නේ වෙළඳපොළ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමිනුයි. දැනට වෙළඳපොලේ සහල් හිඟයක් නැහැ. සහල් අවශ්‍ය තරම් තිබෙනවා.

ඒ වාගේම වවුනියාව, මුලතිව්, අම්පාර වැනි ප්‍රදේශවල මේ වනවිට අස්වනු නෙලනවා. එම වී සහ සහල් ඉදිරියේදී වෙළඳපොලට එනවා. ඒ නිසා ඉදිරියේදී සහල් මිල තවත් අඩුවෙන්න පුළුවන්. ඒ වාගේම වී මිලත්, මේ වනවිට අවම වෙමින් තියෙනවා. යල කන්නයේ වී මිලදී ගැනීමට සූදානම් වන ලෙස මම වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නා. ඒ නිසා ඉදිරි කාලය තුළ අප රටේ සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ. නමුත් අපි වී අලෙවි මණ්ඩලයේ සහල් සැපයීම දිගටම සිදු කරනවා.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් වී අලෙවි මණ්ඩලය සහ මිල්කෝ ආයතන නිෂ්පාදන කිහිපයක් මුදල් ගෙවා ලබා ගත්තේය.

– මාධ්‍ය ඒකකය

27,066 views

10 Comments to “සහල් මිල තවත් අඩු වෙනවා.. ආහාර ගැන බයවෙන්න දෙයක් නෑ..”

  1. Saman says:

    රනිල් එලවද්දි මේ සක්කිලියවත් එලවන්ඩ ඕනේ. මූ තමා මෝල්කාරයන්ගෙන් සල්ලි අරන් හාල් හිගයක් එනව කියල බයකලේ. වී ඇටයක් ඇහැට දැකල ඇති මිනිස්සු කිලෝව රු 250 ,300 වගේ මුදලට ගත්ත දැන් බයවෙලා දොඩවනව. මේ කාළකන්නිය මොන ආන්ඩුව ආවත් ගොට්ට අල්ලල මූ ඇමති. මේක හරින් වගේ හොර තක්කඩි වහාම පන්නා දැමිය යුතුයි

  2. විකට නාට්‍ය අහල ඉළ කැඩෙන්න හිනා says:

    පුරෝකථනය දෙන්න තමන් කෘෂි විශේෂඥයෙක්ද නැතිනම් ආර්ථික විශේෂඥයෙක්ද? අට පාස් ගොබ්බ දේශපාලනඥයො බක පණ්ඩිත වේසයෙන් දේවල් කියනකොට කොල්ලො කුරුට්ටන්ට නොමිලේ විකට නාට්‍යය වගේ බඩ අල්ලන් හිනා වෙනවා. කාබනික පොහොර හිනාව තාමත් අපි ලග තියන අතරවාරෙ තව හිනාවෙන්න බැරියෝ. හිනාවෙලා බඩ රිදෙනවා.

    • ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

      පිස්සුද බං. පුරෝකථන දෙන විශේෂඥයෝ ඔක්කොම NGO ඩොලර් කාක්කො..

      මීට,
      පුන්නක්කු බයියෝ

  3. Pronto. says:

    ඔය ඇත්තද? අපි සතියක් විතර බලමු!

  4. sunimal says:

    බොරුවෙන් ජිවත් වෙන වසලයා.

  5. හෙලයා says:

    මේ උට්ටො අපේ යකා අවුස්සන්නේ නැතිව අඩුම තරමෙ කට පියන් හිටපන්..

  6. සෙරෙප්පු සුප්. says:

    මෙයාටත් තියෙන්නෙ හොඳ නොවෙන පිස්සුවක්.දැන් ගමේ උන් පලයව්කො කොළඹ මුගෙ කඩෙන් බඩු ගන්න​.අනේ හුකේ අමරෙ වරෙං ගමට​???

  7. Lucky N says:

    පින්බත් ගිලින සියලු රාජ්ය සෙවකයන් වහාම පෞද්ගලික සහ රාජ්ය ව්යවසායකත්ව හවුලකින් පාලනය වන වගා බිම් කාබනික පොහොර ව්යාපෘති සහ ගොවිපලවල් වලට අනුයුක්ත කල යුතුයි. මේ හදිසියේ අපිට රොකට් හදන්න බැරි නිසා ලේසියෙන්ම අපිට පටන් ගන්න පුලුවන් එකම සන්වර්දන වැඩපිලිවෙල ඒක. ලාබ නොලබන සියලු රාජ්ය අංශ පවුද්ගලිකකරනය කල යුතුයි. බලන් ඉද්දි රට දියුනු කරන්න පුලුවන්. ලෝකේ ගොඩාක් රටවල් දියුනු වෙලා තියෙන්නේ කෘශිකර්මාන්තයෙන්. මෙහේ කෙලවරටම ඉගෙන ගත්ත එවුනුත් නවසීලන්තයේ ගිහින් ගොවිපලවල් වල වැඩ කරනවානම් රජයේ පින්බත් කෙලින නිකමුන්ට මෙහෙ ගොවිපලවල් වල වැඩ කරන්න බැරිවෙන්න හේතුවක් නෑ. උන් කැත නැතිව ගිල දමන්නේ පවුද්ගලික අංශයේ කීප දෙනෙක් රටේ සන්වර්දනයට හම්බ කරල දෙන සල්ලි. ඒ මදිවට උන් පගා මරුවෝ. උන්ට ගෙවන පඩිය රාජ්ය මුලු ආදායමින් 80%ක් විතර වෙනවා, ඉතින් රටක් මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන එකත් ලෝක පුදුමයක්. රට වලපල්ලට යන්න ප්‍රදාන හේතුව උන්. දේසපාලකයෝ උන්ගේ හෙන්චයියන්ට රජයේ රැකියා අවස්තා බුරුතුපිටින් හදල දීලා සල්ලි අච්චු ගහල පඩි ගෙවනවා. තියෙන පවුදගලික අංශයේ කම්පැනි කීපයටත් වැහෙන තරමට බදු ගහලා අර නිකමුන්ට වැටුප් වර්දකත් දෙනවා. ආබාදිත සහ මහලු පුරවැසියන්ට හැර රටේ නිශ්පාදනයන්ට දායක නොවන කිසිවෙකුටත් වැටුපක් නොගෙවිය යුතුයි. එවිට ඔවුන් ස්වයන් රැකියාවක් හෝ කිරීමට පෙලබිලා රටේ නිශ්පාදනයට ඉබේම දායක වෙනවා. එතකොට උද්දමනය නිකන්ම පාලනය වෙනවා. ඒ විදියට මේ රට ගොඩ දානවා කියන එක හරිම ලේසි වැඩක්. ඒකට ඕන කරන ස්වාබාවික සම්පත් මේ රටේ ඕනවටත් වඩා තියෙනවා. ඒවා සකසුරුවම්ව කාරයක්ශමව නිවැරදිව බාවිත වෙන බව තහවුරු කරීමට සර්ව සාදාරන දැඩි නීති පද්දතියක් ස්තාපිත කරන්න ඕන. බොලද ටෙලිඩ්‍රාමාස් සහ වැඩසටහන් ප්‍රචාරය කරන සියලු මාද්ය සන්වර්දනයේ කඩයිමක් පසුකරන තුරු වහාම තහනම් කල යුතුයි. ව්යාපාරයක් පටන් ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවස්ය කරන දැනුම සහ පසුබිම පහසුවෙන් සකසා දිය හැකි ආයතන ඇතිකල යුතුයි. දේසීයව නිශ්පාදනය කල හැකි කිසිම දෙයක් ආනයනය කිරීම තහනම් කල යුතුයි. පවුද්ගලික විශ්වවිද්යාල පුලුවන්තරම් ඇති කරලා නූතන ලෝකයේ අවශ්යතාවයට ගැලෙපෙන ශ්‍රම බලකායක් ඇති කල යුතුයි. ඒ හරහා අපේ ශ්‍රමිකයන්ට ලෝකයේ දියුනු රටවලින් වැඩි ඉල්ලුමක් ඇතිවෙන ස්‍රී ලන්කන් බ්‍රෑන්ඩ් එක නිර්මානය කල යුතුයි. ඒවාට විරුද්දවන, සන්වර්දන ව්යාපෘති කඩාකප්පල් කර දිලිදුකම වැඩි කොට රටේ ප්‍රශ්න මතම දේසපාලනය කොට යැපෙන, නිකමුන්ට වුර්තීය සමිති බලයක් දී උන්ගේ කර මතින් යැපෙන සියලු පක්ශ හදුනාගෙන රාජ්ය බලය සහ නීතිය යොදා සම්පූර්නයෙන්ම මර්දනය කල යුතුයි. එවිට මේ සුන්දර රට සන්වර්දිත රටක් වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

  8. සහොදරය says:

    පිනට කන රජයෙ සේවකයන් ට සහන මිලක්.
    මරුනේ ගෙදර ඉදන් නිකන් පඩි ගන්න වට අමතරව සහන මිලක් .

Main News