සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

November 3, 2021 at 12:40 pm | lanka C news
සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..

මරඳගහමුල සහල් වෙළෙඳපොළේ සම්බා, නාඩු, සුදු කැකුළු සහල් ගිය සතියට වඩා තවත් රුපියල් 10 කින් පමණ මිල වැඩි කර තිබේ.

එහි නිල දත්ත සටහන් කරුවා සඳහන් කරන්නේ සම්බා සහල් කිලෝ තොග මිල රුපියල් 155 දක්වාත්, නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 135 දක්වා වැඩිවී ඇති බවයි.

සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල ද රුපියල් 125 දක්වා වැඩි වී ඇති බව ඔහු පැවසීය.

සහල් කිලෝවක් කීයක් වූ අඩුවෙන් අලෙවි කිරීමට සංගමය උත්සාහ කළ ද පවතින මිල හමුවේ එය කළ නොහැකි බව මරදගහමුල සහල් වෙළෙඳ සංගමයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සභාපති රංජිත් කරුණාතිලක මහතා පැවසීය.

අද වන විට සම්බා වී කිලෝවක් රුපියල් සීයකට ද, නාඩු වී කිලෝවක් රුපියල් අසූවකට අලෙවි වන තත්ත්වයක් තිබියදී සහල් මිල අඩු කළ නොහැකි බව ද ඔහු කියා සිටියේය.

14,647 views

3 Comments to “සහල් මිල තවත් ඉහල දමයි.. නාඩු තොග මිල 135යි.. සුදු කැකුළු 125යි..”

  1. 3% ට බය බයියා. says:

    විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ගනි.69 ලක්ෂය කිරිබත් උයාගෙන කයි .විජාතිකයන් ලක් මවගේ ඇස් මස් ලේ කඩාගෙන යයි.පොහොට්ටුවේ හොර දේශප්‍රේමී කට්ටිය මර නින්දේ .මව් බිම බේරා ,ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  2. දැන් කාබනික හාල් ගෙන්නමුද 25%කොමිස් එක්ක.

  3. බිංකුණ්ඩා says:

    ළඟදි බත් කෑවදෝ… ඕ… ඕ…