සහල් මිල පාලක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..

January 12, 2022 at 9:20 am | lanka C news
සහල් මිල පාලක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..

කාබනික පොහොර වැඩපිළිවෙළ හොඳ වැඩපිළිවෙළක් නමුත් එය සිදු කළ ආකාරයට ප්‍රතිඵල දැන් දක්නට ඇතැයි අරලිය සහල් හිමිකරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරයි.

දැනට පවතින සහල් මිල තවදුරටත් ඉහළ නොයනු ඇති බවත් මෙය උපරිම මිල වනු ඇති බවත් ඒ මහතා පැවසීය.

සහග් මිල පාලනය කිරීම සඳහා වැඩි වැඩියෙන් වී වගා කිරීම කළ යුතු බව ද පවසන ඔහු නමුත් රටේ වී නිෂ්පාදනය අඩු වීමේ වගකීම තමන්ට බාර ගැනීමට නොහැකි බවත් එය තමන්ගේ ප්‍රශ්නයක් නොවන බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර දක්වමිනි.

131,463 views

12 Comments to “සහල් මිල පාලක ඩඩ්ලිගෙන් යලි ප‍්‍රකාශයක්..”

  1. ච්චි ගේ පූසා says:

    ඕනෑවට වැඩිය ලාභ ගන්නවා නම් *කේ ආණ්ඩුවට පුළුවන් හාල් ආනයන කරන්න . සුදුළුනුව ගේ සිට මහා උන්ගේ පුත්‍ර රත්නයන් පවා කොමිස් ඉල්ලන රටක මහජනයාට ලැබෙන්නේ ප්‍රශ්න සහ දේශපාලකයා සුදු අලි project වලට ගන්න ණය කඳු

    • STF says:

      හාල් ආනයනය කලොත් ගොවියාගෙන් තුට්ටු දෙකට ගත්ත හාල් අහස උසට වැඩි කරන්න බැරි වෙයි කියල මුදලාලි බය වෙලා.

  2. Saman says:

    රට පුරාම හොදට අව්ව වැටෙන මේ කාලෙ සූර්‍යබල ශක්තිය පාවිච්චිය හා නිෂ්පාදනය වැඩි වැඩියෙන් කරන්න බැරි ඇයි ?? සොලා පැනල් හයි කරන්න හැමතැනම …

  3. ජනජය says:

    “රටෙ වී නිෂ්පාදනය අඩුවීමේ වගකීම තමන්ට බාර ගත නොහැකි බව” , මගේ වගකීම තියෙන ඒව හංගන එක..තේරුංගනිල්ල…..මීට ඩඩ්ලි .

    • JUDE says:

      ඩඩ්ලි ඔහුගේ සහල් පිටරට යවනවා ..කිලෝ එකක් EURO 4,50 ක් ,සිල්ලර මිළ , ඔහු කොතරම් ලාබයක් ලබනවද ? ඒ සහල් රටේ ජනතාවට සාදාරණ මුදලකට දුන්නොත් නරකද ? ඩඩ්ලි විතරක් නොවේ , දෙමළ, මුස්ලිම් ව්‍යාපාර ආයතන වලින්ද රටේ සහල් පිටරට යවනවා ඔවුන් අපේ රටේ සහල් වලින් විශාල ආදායමක් ලබනවා ..සහල් හිගයට ඒවා බලපානවා

  4. සහොදරය says:

    අරලිය ,නිපුණ හා නව රත්න හාල් වර්ජනය කරමු. ඉන්දීය න් හාල් ලාබයි හොඳ යි

    • SALMAL says:

      සහොදරය, උබ ඉන්දියන් කාරයෙක්ද ? ලැජ්ජයි අපේ රටේ ජිවත් වෙමින් ඉන්දියාවට හුරේ දැමීම ..කොහොමත් සුළු ජාතින් ඉන්දියාවට කඩේ යනවා ඉන්දියාවටම පලයව්

  5. සහොදරය says:

    මුන්ගෙ තියන උදච්ච කම යන්න තව මාස 4ක් -5ක් පිට රටින් හාල් ගේන්න ඕනේ

    • cobra says:

      හාල් නැත්නම් කොස් දෙල් එළවලු කාපල්ලා ..පිටරටට ආවඩන්නේ නැතුව ..රටේ ගොවිතැන දියණු කරපියව්

  6. Eri Claud says:

    Dudley thinking that he is the great person to control the rice price. Media must not interview like this people. He is just a citizen of Sri lanka like others.

Leave a Comment

Main News