සහල් මිල දෙගුණ වීම අබියස…

May 23, 2021 at 8:40 am | lanka C news
සහල් මිල දෙගුණ වීම අබියස…

නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබා නොදීමත් රසායනික පොහොර ගෙන්වීම නතර කිරීමත් හේතුවෙන් ඉදිරියේදී සහල් සහ එළවළු මිල ඉතා ශීඝ‍්‍ර‍්‍ර ලෙස ඉහළ යෑම වැළැක්විය නොහැකියි යැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ලේකම් නාමල් කරුණාරත්න මහතා පැවසීය.

කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට ගොවීන් වගා කටයුතු වල යෙදීම තරමක් අඩු වී තිබෙන බවත් හදිසියේම රසායනික පොහොර නැවැත්වීමට රජය ගත් තීරණයත් හේතුවෙන් රටේ සමස්ත ගොවි නිෂ්පාදන අඩු වන බව ද කරුණාරත්න මහතා පැවසීය.

එසේම රටේ මේ වන විට ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇත්තේ වී මෙටි‍්‍රක් ටොන් 50,000 ක පමණ ප‍්‍රමාණයක් බවත් අන් සියලූම වී තොග ලබාගෙන ඇත්තේ පුද්ගලික වී මෝල් හිමියන් විසින් බවද ඒ මහතා සඳහන් කළේය.

මේ නිසා සම්පූර්ණයෙන්ම ඉදිරියේ දී වෙළඳ ඒකාධිකාරිය පවත්වාගෙන යනු ලබන්නේ පුද්ගලික අංශය වන බවත් එහිදී සහල් මිල පාලනය කිරීමට රජයට අසීරු වන බවත් සඳහන් කළ නාමල් කරුණාරත්න මහතා එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනට වෙළෙඳ පොළේ පවතින සහල් මිල ඉදිරියේදී දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයිද අනතුරු ඇඟවූයේය.

අරුණ බෝගහවත්ත
– divaina

25,090 views

11 Comments to “සහල් මිල දෙගුණ වීම අබියස…”

  1. රතු එළියේ අතන says:

    හාල් කන්නද ඕයි ?

  2. 3% ට බය බයියා. says:

    ප්‍රාදේශීය සභාවකවත් හිටපු නැති පුද්ගලයෙකුට
    රටක් බාර දුන්නාම ඔහොම තමයි

  3. රාජන්ගනේ-යාය 7-BOC-ගු-පිම්පි-චාම‍ර says:

    බයවෙන එපා මල්ලි,
    අපි පරම්පරාවෙම්ම මාර පෝසත් ප්රකෝටි පතියෝ
    මීහරක් දැක්කුවේ fun එකටනේ මල්ලි

    ගල් bottle දෙකක් ගේන්ඩ අපට aircondition කරපු කුබුරු අක්කර 100 තියෙනවා හාල් දෙන්නම් රෙවෙනකම්
    පිනට බොඳ හාවෙක් නැද්දෝ ……….

    • LION says:

      රසායනික පොහොර ගෙන්වීම ගැන මෙතරම් කතා කරන්නේ මන්ද ? රසායනික පෝර නිසා අද අපේ රටේ වකුගඩු රෝගයෙන් දහස් ගණනක් මිය යනවා ..කොරෝනාවටත් වඩා වැඩියෙන් රසායනික පෝර නිසා මියයනවා …රසායනික පෝර මෙරටට ගෙන්වන කාලකන්ණි ගොවි ජනතාව රවට්ටනවා ,,මේ මෝඩ ගොවියෝ රසායනික පොහොර ගෙන්වන company මෆියාට රැවටිලා කෑගහනවා

      • Maha Sinhale says:

        රසායනික පොහොර වෙනුවට රසායනික පොහොර යෙදු හාල් චීනෙන් ගෙන්වයි

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මෙි වසංගත අස්සේ මුන්ට පිස්සුද අප්පා

    • Sinha le says:

      පිස්සු නැහැ ..පිස්සු කරවනවා …රසායනික පෝර ගෙන්වන පුද්ගලයින් ගොවින් අන්දනවා

  5. රැවටුනු බයියා says:

    වාහන ගේන්න සල්ලි නැති උනාම පොදු ප්‍රවාහන සේවා වල දියුණුව ගැන බයිලා ගැහුව මේ කොරෝනා කාලෙ පනහක් දාන බස් එකේ එකසිය පනහක් පටවන් අපි ගමනේ එන්නත් ගේන්න සල්ලි නැති උනාම හෙළ ඔසු බයිලෙ ගැහුව බයිලෙ වැඩ කරන්නෙ නෑ කියල තේරුනාම කොන්ගෝවෙනුත් වැක්සින් හොයනව පෝර ගේන්න සල්ලි නැති උනාම කාබනික බයිලෙ ගැහුව දැන් හාල් දෙගුණයයි එලෝලු රත්තරන් වගේ .මනෝරාජික ලෝක වල ඉදන් මහපොලවට ප්ලෑන් හදනව බයියො ඒවට හුරේ දානව බඩට බත් නැතුව

  6. Madushanka says:

    කොල්ලොන්ට් මතකද හාල් කඩේට පැනල සත්තම දාපු කාලෙ අපේ බයි මල්ලිලා ඉස්සරාට හාල් නිකන් කන්න දෙන ගානට ප්‍රශස්ති ලිව්වෙ.එක්කො හාල් වැඩි වෙන එකත් හොදයි මේ රටේ මිනිස්සු දැන් ගැරඩියෙක් අහරකුක්කෙක් කාල ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන ටික ටික.

  7. කැලනියේ ලොකු සාදු says:

    චින් ෂුයි හාල් පෙන් ජින් තා ඕ චා හෙවත් බොලාට සුබ කාලයක් එනව කිව්වට බඩට බත් වත් නැති වෙන කාලයක් නයාටත් ඉන්න බැරි වෙන කාලයක් කියා හිතුවේ නැත.

  8. Jagath says:

    කැලණි නයා ආයෙත් එන දවස කවද්ද??

Main News