සහල් මිල යලි ඉහල දමයි.. කිලෝව 30කින් වැඩි කරයි..

October 21, 2021 at 10:00 am | lanka C news
සහල් මිල යලි ඉහල දමයි.. කිලෝව 30කින් වැඩි කරයි..

පොලොන්නරුවෙ ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් සහල් මිල නැවත වතාවක් ඉහළ දමා තිබේ.

ඒ අනුව කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 30 කින් සහ සම්බා නාඩු සහල් කිලෝවක් රුපියල් 15 කින් මිල ඉහළ වැඩි කළ බව ප්‍රධාන සහල් නිෂ්පාදන සමාගමක නිලධාරියෙක් සඳහන් කළේය.

මෙම මිල ඉහළ නැගිීමත් සමග කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 195ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 155ක්, නාඩු සහල් කිලෝවක් රුපියල් 130ක් වන බවද ඔහු සඳහන් කළේය.

සෙසු ප්‍රධාන මෝල් හිමියන් සමග ද සාකච්ඡා කර මෙම මිල වැඩි කිරීම සිදුකළ බවද ඔහු තවදුරටත් පැවසීය.

47,410 views

17 Comments to “සහල් මිල යලි ඉහල දමයි.. කිලෝව 30කින් වැඩි කරයි..”

  1. Sandun Dhammika says:

    ජනාධිපති මට බැන්නට මං හොදයි මං හොදයි !

  2. Amda says:

    Reduce consumption of rice !!
    It will solve lot of health issues & teach the rice mafia a good lesson

  3. Sandy says:

    මෝල් කාරයන්ට මෝල තද වෙනකොට ජෙප්පන්ට නත්තල්

  4. baiya says:

    haal kaama angata agunayi. bath kaama adu karamu. desheeya dhaanya warga aahaarayata gamu.