සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනක් දෙන්නැයි ලංකාව කල ඉල්ලීම චීනය ප‍්‍රතික්‍ෂෙප කරයි…

January 24, 2022 at 10:00 am | lanka C news
සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනක් දෙන්නැයි ලංකාව කල ඉල්ලීම චීනය ප‍්‍රතික්‍ෂෙප කරයි…

චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් හිමිවන බවට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ප්‍රකාශය චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉංග්‍රීසි පුවත්පතක් වෙත අදහස් පළ කළෙමින් චීන රාජ තාන්ත්‍රිකයෙකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති නමුත් චීනය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මෙම සහල් තොගය ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇති රබර් සහල් ගිවිසුමට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කළ ඉල්ලීමක් අනුව බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.

වෙළඳ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අදාල පුවත්පතට සඳහන් කර ඇත්තේ අදාල පරිත්‍යාගය ඉදිරි කාලයේදී ලැබෙනු ඇති බවත් චීන රජය ඒ සඳහා එකගවී ඇති බවත් එහි වෙනසක් සිදුව නැති බවත් ය.

අදාල සහල් තොගය ලැබෙන්නේ නම් එය මෙරට මාස පහක සහල් අවශ්‍යතාවයට ප්‍රමාණවත් වෙයි.

64,509 views

9 Comments to “සහල් මෙටි‍්‍රක් ටොන් මිලියනක් දෙන්නැයි ලංකාව කල ඉල්ලීම චීනය ප‍්‍රතික්‍ෂෙප කරයි…”

  1. Begging_Championship_Gold_Medal says:

    This is begging at another level…machan, go home.

  2. අනුරුද්ධ says:

    මෝඩ ඇමැතියන් තම පුද්ගලික ප්‍රසිද්ධියට කරන ප්‍රකාශ නිසා අනවශ්‍ය රාජ්‍ය තාන්ත්‍රික අර්බුද ඇති කරනවා. මුන් එලවා කැබිනට් මණ්ඩලය පිළිවෙලක් කරගන්න ජනාධිපතිටත් වුවමනාවක් නෑ. රට තවතවත් ප්‍රපාතයට.

    • සහන් says:

      ජනාධිතිවරයාගේ පටන් ආණ්ඩුවම පල් හොරු ඉන්නේ. මුන් බලන්නේ කොහොම හරි බලය අරන් පුළුවන් තරන් හොරකම් කරන්න.

      මේකේ ඉන්න බයියෝ තාම ආණ්ඩුවට කඩේ යනවා මෙච්චර කෙළවෙලත්.

      රාජප්ෂලා යුද්දෙ ඉවර කරා ඒක හරි කියමුකෝ. ඒ උනාට යුද්දෙ කාලේවත් මෙහෙම ආර්ථික අහේනියක් තිබ්බේ නෑ.

  3. lol says:

    mechchara chater rajayak nam loke kohewath nathuwa athi

  4. වින්ධ්‍යා ගම්මන්පිල says:

    දියසෙන් කුමරා වික්‍රමආරච්චි වෙද මහතා විය නොහැකිද?

    • jayasinghe says:

      Oyata pissuda!😂 වික්‍රමාරච්චි කියන්නෙ බොරු. 2024 තියා 22 දි වත් කුමාරයෙක් එන්නෙ නෑ. ඊට කලින් මිය යායුතු අය ගොඩාක් ඉන්නවා. සාඝත විතරක් නෙවෙයි ඉස්සරහට දුර්භික්ෂයකුත් එනවා. ස්වභාවික අධික වෙනවා. වෙන්න තියෙන කරදර මෙතෙකැයි කියන්න බෑ. ඒවගේම ආපහු ජනාධිපතිවරණයක් එන්නෙ නැති බව හොදින්ම මතක තියාගන්න. ඊලග පාලකයා අන්‍යාගමික අන්‍ය ජාතිකයෙක්. ගොඩක් මිනිස්සු මැරෙයි. අදටත් මිනිස්සු දියසෙන් නාමයට විහිළු කරනවා. දවසක් එනව මිනිස්සු ඔක්කොම ඔහුව යදින. අන්න එදාට ඔහු එයි. හැබැයි ඒ මෑතක නම් නෙවෙයි. අවම අවු. 8ක් 10ක් වත් යනවා.
      කියන්න තියෙන එකම දේ බුදුදහමට අනුව හෘද සාක්ෂියට එකගව වැඩ කරන්න.☸️

  5. Silva says:

    ඔන්න අමු ගොන් බයියනි වෙච්ච දේ.

  6. 0.00069 BIYYO says:

    LEADERගේ පටන් ආණ්ඩුවම පල් හොරු ඉන්නේ. මුන් බලන්නේ කොහොම හරි බලය අරන් පුළුවන් තරන් හොරකම් කරන්න.

    මේකේ ඉන්න බයියෝ තාම ආණ්ඩුවට කඩේ යනවා මෙච්චර කෙළවෙලත්.

    රාජප්ෂලා යුද්දෙ ඉවර කරා ඒක හරි කියමුකෝ. ඒ උනාට යුද්දෙ කාලේවත් මෙහෙම ආර්ථික අහේනියක් තිබ්බේ නෑ.

  7. Ravi says:

    Ethakota Fonsekala pol gewada?

Main News