සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]

May 23, 2020 at 9:20 pm | lanka C news
සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළහ.

එහිදි දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.

ඩඩලි සිරිසේන මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද මෙම වැටලිමට එක්ව සිටියහ.

එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡුාවකින් පසු එකගත්වය පලකල බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.

මෙම පරික්ෂාවේදි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල් කොතරම් තිබේද යන්න පරික්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේය.

ඉදිරියේදි දිවයින පුරා ඇති වි සහ සහල් මෝල් වැටලිමට ලක්කර වෙළද පොලට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු පැවසිය.

ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙලද පොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට පාරිභෝගික පිලිබද අධිකාරිය කල හැකි උපරිම කාර්ය සිදු කරන බවද ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කලේය.

තවද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙලද පොළට නිකුත් කරන ලෙසටද තමා අදාල වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පලකෙරු බවද දිසානායක මහතා කීය.

– lankadeepa

162 views

73 Comments to “සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]”

  1. sena says:

    කථාව දොලාවේන් ගමන පයින්

  2. john the baptice says:

    පොළොන්නරුවේ නුතන රජ පරම්පරාව හාල් රජ්ජුරුවෝ, වැලි රජ්ජුරුවෝ, ගල් රජ්ජුරුවෝ, ගස් රජ්ජුරුවෝ.. පත්තරේ බලා වැඩකරන රජ්ජුරුවෝ.

  3. Gatya says:

    Thopilata lankawe edala oya hoadi…ada me rata enna apita badu walata degunayakin gewanna wela. loke koheth ehemai….lankawe wela thiyanne haththa nikan kala purud wela. majara haththa.

  4. Kgs basnayake says:

    Usually 1.48kg (will vary to 1.33kg) kilos of paddy is required for 1kilo of rice. If 1kg of paddy costs Rs 50/= it will be Rs 74/=. Add another 15% for transport/milling/stiring and OH profit. Them it will be Rs 85/=. I wonder why these 4 big rice mills cant give the rice to government recommended prices. These sellers including Sorisena stealing poor man’s efforts and money in both ways. This needs to be stopped. Let us fight and support this government effort by forgetting political alliances.

  5. mahinda says:

    For what purposes the Paddy marketing board was established ? to eat public funds?

  6. Pork says:

    සිරිසේන මුල් ටිකේ මෙහෙම උනේ නැහැ වගේ …..අනේ මන්දා පරිප්පු සාඩින් බොරුවෙන් පස්සෙ පිට්ටනි බොරුවෙන් පස්සෙ සායින්දමරුදු බොරුවෙන් පස්සෙ ….මෙකී නොකී බොරු කතා වලින් පස්සේ මටනම් හිත්න්නේ ජනාධිපතිතුමාව හිතලම චාටර් කරන්න හදන්න එයාගේම එක්කෙනෙක් කියලා …

  7. ගන්ජ බන්ඩා says:

    සහල් මාෆියාවෙ ඩඩ්ලිලා ගම්ලත්ලා ඔක්කොම පොහොට්ටුවට බින්න බැහැලා. එතනය් ප්‍රශ්ණය.

    • බන්ඩා says:

      සහල් ඔලිගාච්ලා මංත්‍රී නොකරනු. පොහොට්ටුවෙන් පන්නා දමනු.

      • හෙලයා says:

        මනාප ක්‍රමය අවංක මිනිස්සුත් හොර දේසපාලුවන් කරනවා.

  8. Toga says:

    This is Consumer Affair Authority not the military. . Now only they are doing right thing . Do this for other commodities too.

  9. N.Wimaladasa says:

    Ongoing world Economic crisis has to be differentiation for Covid 19 spread in globally. We have address local bourgeois and and foreign capitalist & investor is by correctly handing by govt under the leadership of GR and MR leadership. On going Crisis in depth has gone every nook and corner of our weak Economy.being ruin by UNP regime led by Ranil Wicka MS and CBK of SLFP.

  10. N.Wimaladasa says:

    Ongoing world Economic crisis has to be differentiation for Covid 19 spread in globally. We have address local bourgeois and and foreign capitalist & investor is by correctly handing by govt under the leadership of GR and MR leadership.
    On going Crisis in depth it has gone every nook and corner of our weak Economy being ruin by UNP regime led by Ranil Wicka , pf UNP ,the MS of SLFP and CBK of SLFP of political by “Tamil Federalism” .Their economy was disorder of nation by UNP regime led by MS and RW & CBK.

    Yes cost of production of Rich has gone up . So we have take into account of that by authorities in political -power real market values of Rice-production.
    We do not wanted created new conflicts with local businessmen,it does matter he or she belongs what ever politic parties are immaterial of us.

    An Economic matter are concern which that we have be prudent approach by GR leadership. I request we wanted an amicable solution is by urgent address is needed.

Main News