සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]

May 23, 2020 at 9:20 pm | lanka C news
සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සහ මධ්‍ය පරිමාණ වී මොල් අටක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුලූ නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද(23) සවස වැටලිමට ලක් කළහ.

එහිදි දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන සහල් මෝල් වන අරලිය , නිපුන, නිව්රත්න, ලත් සහල් තවත් මධ්‍ය පරිමාණ වී මෝල් කිහිපයක් මෙහිදි පරික්ෂාවට ලක් කෙරුණි.

ඩඩලි සිරිසේන මහතාගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් මහතාගේ වී මෝල්ද පරික්ෂාවට ලක් කෙරුණ අතර කොළඹ, පොළොන්නරුව, ගම්පහ, කුරුණැගල , නුවර අනුරාධපුර යන දිස්ත‍්‍රික්කවල පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ද මෙම වැටලිමට එක්ව සිටියහ.

එහිදි රජය පනවා තිබෙන පාලන මිලට ඉදිරියේදි සම්බා සහ නාඩු සහල් කොන්දේසි විරහිතව වෙළද පොලට ලබා දිමට වී මෝල් හිමිකරුවන් සමග කෙරු සාකච්ඡුාවකින් පසු එකගත්වය පලකල බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියේ සභාපති විශාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසිය.

මෙම පරික්ෂාවේදි වී සහ සහල් තොග පිලිබදවත් එවායේ නිෂ්පාදන ධාරිතාවයන් මෙන්ම දැනට ඒ ඒ වී මෝල් වල රැස් කර තිබේන වී සහ සහල් කොතරම් තිබේද යන්න පරික්ෂාවට ලක්කල බව ශාන්ත දිසානායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් සදහන් කලේය.

ඉදිරියේදි දිවයින පුරා ඇති වි සහ සහල් මෝල් වැටලිමට ලක්කර වෙළද පොලට නිකුත් නොකර අනවශ්‍ය ලෙස රැස්කර තිබෙන වී මෝල් හිමියන් අත්අඩංගුවට ගෙන නඩු පැවරිමට කටයුතු කරන බවද ඔහු පැවසිය.

ජනතාව ආර්ථික අතින් අපහසුවට පත්ව සිටින මොහොතක වී හෝ සහල් සගවා තබා වෙලද පොළේ සහල් හිගයක් මවාපැමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් කිසිදු හිගයකින් තොරව ජනතාවට අවශ්‍ය සහල් රජයේ පාලන මිලට ලබා දිමට පාරිභෝගික පිලිබද අධිකාරිය කල හැකි උපරිම කාර්ය සිදු කරන බවද ශාන්ත දිසානායක මහතා වැඩිදුරටත් සදහන් කලේය.

තවද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන වී මොල්වල රැස්කර තිබෙන වී ඉතා කඩිනමින් සහල් බවට පත්කර වෙලද පොළට නිකුත් කරන ලෙසටද තමා අදාල වී මෝල් හිමිකරුවන්ට උපදෙස් දුන් බවත් ඊට ඔවුන් එකගත්වය පලකෙරු බවද දිසානායක මහතා කීය.

– lankadeepa

162 views

73 Comments to “සහල් රජාගේ මෝලට සෙබළුන් පිරිවරා මේජර්වරයෙක් පනී.. වී තොග එලියට නොදැම්මොත් ඊලග පියවර මූණටම කියා එයි.. [Video]”

  1. Raterala says:

    මරදගහමුල සහල් වෙළදුන්ගේ ලොරි හබරණ දි නවතලා මංකොල්ල කෑවේ අරලියා පර බල්ලා,එතකොට ජනාධිපති උගේ අයියා මොන්ගලයා ,අනිත් පලාත් වල සහල් වෙළදාම තග් විධියට නැති කලා ,රටවටේ යන මු⁣ගේ ලොරි ජනතාව මංකොල්ල කන දවසකුත් උදාවේවා.මූගේ චණ්ඩිකමට ජනතාව පිලිතුරු දෙනවා .

  2. Siri says:

    Shantha Dissanayake is a retired Major General, not a Major. Anyway they work in their capacities of their govt positions now, not according to the ranks they held while in service you idiot.

  3. Nimal R says:

    Excellent work! Dudley Sirisena and the other MP Gampalth have thrived well during the last government.

  4. sithmal says:

    දේසපාලුවොන්ගෙ හෙන්චයියල තමයි මේ මෝල් කරන්නෙ. ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම් ලත්ල ඔක්කොම දේසපාලුවො, දේසපාලනේට සම්බන්ධ අය. ඉතින් ආණ්ඩු එදා ඉදල මුන්ට සම්බන්ධයි. නැත්නම් වී වලට සහතික මිලක් නියමකරල, ඔපරේශන්ස් වලට, ට්‍රාන්ස්පොර්ට් වලට, ප්‍රොෆිට් වලට මාජින් තියන්න බැරිකමක් නෑ නේ..

  5. sajitha says:

    The ‘raid’ was conducted by (Retired) Major General Shantha Dissanayake. He is not a Major, which is a lower rank. He is a Major General (the 3rd highest/ 2 star General). The second highest is Lieutenant General (3 star General). The third highest army rank is General (4 star General), the highest is Field Marshal. Nodakin me nugath madya karayo.

  6. sajitha says:

    The ‘raid’ was conducted by (Retired) Major General Shantha Dissanayake. He is not a Major, which is a lower rank. He is a Major General (2 star General). The second highest is Lieutenant General (3 star General). The third highest army rank is General (4 star General), the highest is Field Marshal. Nodakin me nugath madya karayo.

  7. Mola says:

    Hamudawa Giyath Wadak naha ..Wahagena Enna una Neda ..?
    Aaanduwa Practical Naha, Nathnam Dnuwath nagha

  8. Abaran says:

    Sir Kiyay Dan ..Me gaanta Haal Wikunapan Kiyala ..
    Dadliya (Sabhapthiyage Malli) Natta wanao Ha Kiyay
    Byyo “Haal Mila Adukarata Respct Sir” kiyala Bukiye Marei

    Liyala Thiyaganilla

Main News