සහල් රටින් ගේන තීන්දුව ගත්තේ අකමැත්තෙන්…

September 28, 2021 at 4:40 pm | lanka C news
සහල් රටින් ගේන තීන්දුව ගත්තේ අකමැත්තෙන්…

සහල් පිට රටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේ කැමැත්තෙන් නොවන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.

ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවස්ථා කිහිපයකින්ම සහල් ආනයනය කිරීමට කිහිප දෙනකු යෝජනා කළ ජනාධිපතිතුමා ගොවීන් ගැන සිතා ඊට එකග නොවූ බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත් දැනට ද ව්‍යාපාරිකයන් විසින් සඟවා ගෙන සිටින සහ තොග එලියට දැම්මොත් සහල් ආනයනය අඩු කළ හැකි බවද කී ඔහු කියා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

23,163 views

27 Comments to “සහල් රටින් ගේන තීන්දුව ගත්තේ අකමැත්තෙන්…”

  1. ටකරමා says:

    ජනාධිපතිවරයා දෙස දෑස් දල්වා බලා සිටි අපට සුනඛයෙකුගෙන් වැදුනේ කණේ පහරකි. මහින්දගෙත් බැසිල්ගෙත් පොලොන්නරු ගජ මිතුරෝ දිනුවා. මෙය ඔවුන්ගෙ කුමන්ත්‍රණයක් වත්ද? කොරොනාවටත් වඩා අපි කඩා වැටුණේ දැනුයි.

  2. Sam says:

    සහල් පිටරටින් ගෙන්වීම ඉතාම හොදයි. ගොවීන් ගැන සිතිය යුත නැත. මන්ද ඔවුන් රජයට වී විකිනීමට අකමැති වුනේ මුදලාලි ලගෙ කීමට. ඔවුන්ට මීට වඩා නටන්න දෙන්න එපා.

  3. හෙලයා says:

    මේක හීන්නූලෙන් ජවනිකා..අන්තිතිමට ගොවියොයි, මෝල් මුදලාලිලයි ආණ්ඩුවයි එකතුවෙලා අපිට ගානට ඇරලා තියෙනවා නොපෙනේද? හාල් වල ගාන ලස්සනට වැඩිකරලා.පාරිබෝගිකයට පේන්න තුන් ගොල්ල එකිනෙකා දෙසටඇගිල්ල දිගු කරයි…මහජනයා පිල් වල්ට බෙදිලා කොමෙන්ට් දමයි..😀

  4. Nande says:

    සර් කාබනික පොහොර දාපු හාල් ද ගේන්නේ? නිකන් ඇහුවේ හරිද

  5. Kalu Albot says:

    Ibbaa diye daana kota eaakiwuwaa wage thamayi. Mun keliyaa honda komis paarak. Ehema nathuwa amathiyaa weda karanne nathi bawa kawuruth dannawa!!

  6. පිටරටින් හාල් ගේන්න ඩොලර් දෙන්නේ ජොනී වෙන්න ඇති නේද සර්