සහල් වැඩි මිලට අලෙවි කළ කොළඹ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලකට ලොකු දඩයක් ගහයි….
May 28, 2022 at 8:02 am | lanka C news
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2022.05.02 වන දින නිකුත් කරන ලද අංක 2278/02 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව දේශීය නාඩු කිලෝවක් රුපියල් 220 කට ද, දේශීය සම්බා කිලෝවක් රුපියල් 230 ක ටද, දේශීය කීරි සම්බා කිලෝවක් රුපියල් 260 ක උපරිම මිලකට වඩා වැඩි මිලකට අලෙවි කිරීම නොකළ යුතුය.
නමුත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී වැටලීම් ඒකකය සිදු කළ විමර්ශනයකදී කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ සුපිරි වෙළඳසැලක මෙරට ප්‍රධාන සමාගමක නිෂ්පාදිත නාඩු සහල් උක්ත පාලන මිල ඉක්මවා අලෙවි කර ඇති බව අනාවරණය වී ඇත.
මේ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දඩ මුදල් පිළිබඳ සංශෝධන පනත යටතේ නීත්‍යානුකූලව කටයුතු සිදුකොට ඇති අතර එහිදී 27 වන අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කර ඇති බව වාර්තා වේ.
සහල් පාලන මිල සම්බන්ධව දිස්ත්‍රික්කය පුරා තවදුරටත් විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වාර්තා වේ.
– විපුල ඒකනායක
මේ ගන්න පඩියෙන් දැන් නාඩු හාල් ගද්දී ඉස්සර බාස්මතී කන්න පුලුවන් කමක් තිබ්බා නේද කියලා හිතෙන කොට පපුව වාවන්නේ නෑ..
මචන් දැන්වත් බාස්මතී දාහක් දීල කාපංය, නැත්නං ඉතිං ඉස්සරහට නාඩුත් දාහක් වුනාම ඔය දුකම තමා !
ඕකුන් බෙරෙයි. අල්ලපු එකා මාරුකරවි. පොඩි එකෙක් කරානම් අල්ලලා හිරේ දාවි.