සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

June 11, 2022 at 6:20 pm | lanka C news
සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති

ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස හතරකට ප‍්‍රමාණවත් වන බවත් ඊළඟ යල කන්නයෙන් එන අස්වැන්න තවත් මාස තුනකට ප්‍රමාණවත් බවත් හෙතෙම පැවසීය.

ඒ අනුව ඉදිරි මාස අටක කාලය සඳහා අවශ්‍ය වී තොග රට තුල ඇති බවද හෙතෙම කියා සිටී.

සහල් සඳහා පාලන මිලක් පැන වූ පසු වී තොග සඟවා ගැනීමට මෝල් හිමියන් සහ තොග රැස්කරන්නන් කටයුතු කිරීම නිසා ජනතාව කලබලයට පත්වී ඇති බවද ඔහු පැවසීය.

සිය අමාත්‍යාංශයේ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

14,348 views

9 Comments to “සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමති”

  1. අසරණ අපි. says:

    තියෙන තැන කියපං මිලත් එක්ක.

  2. S, Vitharana says:

    හරකෙක් තප්පු ලයි.

  3. Sami says:

    පාලන මිලක් ඕනා සම්බා සහ නාඩු වලටත් එවා පරිබොජනය වැඩියි

  4. kalukaputaa says:

    sahal hingayak nethibawa thoge thadi engapathawal saha moonenma hondata penavaane. namuth rate anikuth
    duppath janayaatathamai hondatama kelawune.

  5. ලංකා බයි නිව්ස් කොමෙන්ට් කොටන්නගේ සංගමය says:

    ඒකියන්නේ සුවර් එකටම ආහාර හිගයක් එනවා.

    • ගම්පහ උකුස්සා says:

      මූ නොම්මර එකේ ගැහිලි කාරයෙක්. සතොස සභාපති කාලෙ බ්‍රහ්ම ගැහිල්ලක්නෙ ගැහුවෙ. හැබැයි ගාණට, තිතට බැසිල්ගෙ කොටහ බේරැවා. ඒකනෙ වෙළඳ ඇමතිකමම ලැබුනෙ.

  6. ගොබ්බයා says:

    මේ කොහෙං ආපු හිකනලෙක් ද මංදා , දැක්කෙත් අදමයි . කෑම තියෙනවා ලු , ඌට නං ඇති . කනබව පේනවා දැක්කාම . දැං ඇමතිලත් , සල්ලි වගේ අච්චු ගහනවද මංද .

  7. Asiri says:

    A yako thope Agamathiya kiyanne sagathyak enawa kiya . Tho da hari Eya da ?

  8. කකියන ලේ says:

    බෝධිසත්වයා කියනවා ලේ තැවරිල තියෙන්නෙ අරගලකරුවන්ගෙ දෑත්වල ලු මූ කියනවා ආහාර හිගයක් නැතිලු. උන් දන්නවා මේවා අහගෙන සිටින නිහඬ නිවට ජනතාවක් පකිස් ලන්තයේ සිටින බව.

Main News