සහල් හිගයක්.. කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]
January 9, 2017 at 11:23 pm | lanka C news![සහල් හිගයක්.. කොස්කොල, ක්‍රෝටන් කොල කෑමට සූදානම් වෙන්න.. – රජය නිල වශයෙන් කියයි.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2017/01/44678.jpg)
යල හා මහ කන්නයන්ගේ සහල් අවසන් වූ පසු ආහාර සම්බන්ධයෙන් විශාල ප්‍රශ්ණයක් රටේ ඇති බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පවසයි.
ඊට විසදුම් ලෙස ඔහු යෝජනා කරන්නේ කොස් කොල, ක්‍රෝටන් කොල, ජපන් බටු කොල, කොප්ප කොල ආහාරයට ගත යුතු බවයි.
මහනුවරදී පැවති වැඩමුළුක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
Rata kadamu…..Api hademu….themawa niyamayi.
Minissunta koskola thanakola kanna deela eluwanta harakunta bath kanna demu
Comment එක ලියන්නත් අමාරුයි. කේන්තිත් යනවා, හිනහත් යනවා.
මිනිස්සුන්ට කන්න තිබ්බ වී ටික සත්තුන්ට කන්න විකුණලා, දැන් මිනිස්සුන්ට කියනවා සත්තු කන කොළ කන්නලු. නෙද්දකින්, මේ වගේ හරක් ආණ්ඩුවක්.
ආණ්ඩුවේ අම්බරුවෝ කන්නේ මොනවාද එතකොට? සුපුරුදු විදියට පුන්නක්කු කනවද නැත්නම් අපි වගේ කොළ කන්න වැට අයිනට එනවද?
කොස් කොළ මම නම් කාලම නැහැ. කොස් කොළ මොන රහද කියලා දැන් එළුවෙක්ගෙන් තමයි අහන්න වෙන්නේ.
ඔන්න වෙනස. බත් පතෙන් කොස් කොලේට.
හෙට උදේට මතක් කරල රනිල්ටයි සිරිසේනටයි හොඳ නාඹර කොස් අතු දෙකක් යවන්න ඕනේ.
ජනාධිපතිතුමා දෙවන සංවත්සරේ සමරලා තියෙන්නේ වස විස නැති කොස් කොළ promote කරලද?
මදෑ ඉතින්, දැන් ඉස්කෝලේ පාඩම් පොතුත් වෙනස් කරන්න වෙනවා.
“ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ පිහිටි නමුත්, මුහුදක් නැති, කොස් කොලයක හැඩයේ දූපතකි. එහි වැසියන්ගේ ප්‍රධාන ආහාරය කොස් කොළය. අප්‍රේල් මාසයේ මේ රට වැසියෝ නැකතට විළඳ මීපැණි තැවරූ කොස් කොළයක් අනුභව කොට කොස් කොළ අවුරුද්ද සමරති………….. ”
රට වෙනස් වී ඇති නිසා පරණ ජාතික ගීය allergic අගමැතිවරයා පැරණි ජාතික ගීයට අවමන් නොවෙන විදියට අළුත් ජාතික ගීයක් හදන්නට NGO කාරයෙකුට පැවරීය. මේ ඒ ගීතයයි. (Same tune)
කොස් කොලයේ මාතා…
අප කොස්ස් කොස්ස් කොස් කොලයේ මාතා……
කනෝ….. කනෝ….. කනෝ කනෝ මාතා
සුන්දර සිරි බරනී………..
සුරැඳි ගරු කොස් කොලයේ මාතා
කොස් කොළ කොස් නැටි කොස් කටු පලතුරු
පිරි ජය භූමිය රම්‍යා
අපහට සිරි, සැප ගෙන දුන්නා
කොස් කොලයේ මාතා….
පිළිගනු මැන අප කොස් කොළ පූජා
කනෝ කනෝ මාතා………..
අප කොස්ස්ස්ස් කොස්ස්ස් කොස් කොලයේ මාතා….
කනෝ කනෝ කනෝ කනෝ මාතා
ඔබ වේ අප විද්‍යා…….
ඔබමය අප සත්‍යා……..
පේරු දානයට කොස් කොළ දුන්නම
පින් දෙන්නේ කොහොමා
ඔබ අප ආලෝකේ……
අපගේ පණු ප්‍රානේ……
ඔබ අප ජීවය වේ…….
කොස් කොළ මුක්තිය මේ…..
කොස් කොලයට පණ දෙමිනේ
නිතින, රට, වලට අරන් යන්නේ…….
ඥාන වීර්ය දෙකම නැති අගමැටි
ජනපති සැරදේවා…..
එක මවකගෙ දරු කැල බැවිනා…….
කොස් කොළ කාපල්ලා…….
බත් වෙනුවට කොස් කොළ දුන් ජනපති
අගමැටි සැරදේවා….
අප කොස් කොලයේ මාතා…..
කනෝ…. කනෝ… කනෝ කනෝ මාතා……..