සහල් හිගයක්.. මිල ඉහල දමන්නැයි ඉල්ලයි..

August 13, 2022 at 6:20 am | lanka C news
සහල් හිගයක්.. මිල ඉහල දමන්නැයි ඉල්ලයි..

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් සහල් කිලෝවක නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරයි.

මෙතෙක් සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමට විදුලිය සඳහා රුපියල් 1.50 ක මුදලක් වැය වුවද නව මිල ඉහළ නැංවීමත් සමඟ ඒ රුපියල් හතර දක්වා ඉහළ ගොස් ඇතැයි සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව අවම වශයෙන් ද සහල් කිලෝවක් රුපියල් 2.50 කින් වත් ඉහළ යා යුතු බවද හෙතෙම පැවසීය.

දැනට වී කිලෝවන සහතික මිල රුපියල් 120ක් හා සහල් කිලෝවක සහතික මිල රුපියල් දෙසිය විස්සක් වන වන නමුත් වී මිලට සාපේක්ෂව සහල් මිලක් මුලින්ම ප්‍රකාශයට පත් යුතු බවත් එසේ නැතිවුවහොත් මෙවර කන්නයෙන් වී අලෙවි කර ගැනීමේ දී ගොවි ජනතාවට ගැටලු ඇතිවිය හැකි බවත් හෙතෙම තවදුරටත් පෙන්වා දෙයි.

එමෙන්ම විදේශයන්ගෙන් ගෙන්වන ලද සහල් තොග අවසන් වූ පසු යළිත් සහල් හිගයක්ද නිර්මාණය වනු ඇතැයිද ඔහු කීය.

25,001 views

5 Comments to “සහල් හිගයක්.. මිල ඉහල දමන්නැයි ඉල්ලයි..”

  1. SL Revolution says:

    පුද්ගලයන්, ව්‍යාපාර, සංවිධාන, පක්‍ෂ සතු රුපියල් මිලියන 100ය ඉක්මවන සියලුම ගිණුම් freeze කර ජනතාවගේ සුබසිද්ධිය සඳහා වහාම යොදා ගමු.

    • Sam says:

      මෝඩ කතා කියන්න කලින්, උබේ ඔය ආර්ථිකය ගැන මොනවද දන්නේ කියනවද?

    • Eagle Eye says:

      ගොනෙක් උනාට කමක් නෑ උම්බෑ කියන්න එපා.
      ඇයි පොහොසතුන්ගෙයි, ව්‍යාපාරවලයි ගිණුම් වලින් හොරකම් කරල රුපියල් සීයෙ පන්සීයෙ නෝට්ටු කන්න පුලුවන් කියල හිතුවද? ඊට පස්සෙ රටේ ආර්ථිකේ අදින්නෙ උඹල වගේ වහුපැටවු දාලද?
      ඔය හිඟන මානසිකත්වයෙන් ගැලවියන්- උඹල තමයි එදා මැයි 9-10-11 දවස්වල හෝටල්, වාහන දේපල ගිනිතියපු කුහකයො. ඊරිසියාකාර නිකම්මු😡. ඔහොම හිතන කාලකණ්නි ඉන්නකම් රට වලටමයි- ගොඩයාමක් නෑ.

    • SL says:

      ඔව් ඒවා වහල දාල , ත්‍රී වීල් පදිමු ……….මේ වගේ මන්දමානසික ,උකටලී ,කම්මැලි උන් තමා සාර්ථක ව්‍යාපාර වලට කුහක විදියට බනින්නේ.

      උඹට හාල් පොල් ලුණු මිරිස්, විදුලිය, PETROL,ඔක්කොම නිකන් දෙන්න ද ?

  2. Lalla says:

    එතකොට අර අමරවීර ලසන්ත කිව්වේ ඕනතරම් වී තිබේ.මිලත් බහු.සහල් ආනයනය නතර කරනව කියල. ඒකා දෙයියන්ගේ හාල්ද කාල ඇත්තේ….

Main News