සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහරදී ඝාතනය කරයි….

April 20, 2021 at 8:02 am | lanka C news
සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහරදී ඝාතනය කරයි….

නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් බී.කඳවුර ආලංකුඩාව ප්‍රදේශයේ (19) අලුයම සිය බාල සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියව පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව නොරොච්චෝල පොලිසිය සදහන් කරයි.

මෙසේ පොලු පහරින් බරතල තුවාල ලබා මරණයට පත්ව ඇත්තේ උපතින්ම කතා කිරීමට නොහැකි   අංගවිකලව   සිටි අයිනුල් මර්ලියා නැමති (43) හැවිරිදි අයෙකු බවත්, ඇය ඇවීදීමේ අපහසුතාවයට පත්ව සිය නිවසේ ඇද මත කාලය ගත කරන බව කියයි.

(18) වන දින රාත්‍රියේ සිය බාල සොහොයුරා නිවසට පැමිණිමට ප්‍රමාද වීම  හේතුවෙන් කෝපයට පත් මව ඔහුට බැණවැදීම හේතුවෙන් මවත් සමග බහින්බස්වූ බාලසහෝදරයා අවේගයට පත්ව කාමරයේ නිදාගෙන සිටි අංගවිකල සහෝදරියට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදුකර ඔහුගේම තවත් වැඩිමහල් සහෝදරියකටද තුවාල සිදුකර පලා ගොස් තිබුණි.

පොලු පහරින් බරතල තුවාල ලැබූ සහෝදරියගේ හිසෙන් අධික ලෙස රුධිරය වහනය වීමෙන් පසුව මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය සදහන් කරයි.

පසුව සැකකාර බාල සහෝදරයාව ප්‍රදේහවාසීන් විසින් ලුහුබැද අල්ලා නොරොච්චෝල පොලිසියට භාර දීමට කටයුතු කර තිබුණි. සැකකාර සහෝදරයා අධික ලෙස ගංජා පානයට ඇබ්බැහිවූ අයෙකු බවත්, නිරන්තරයෙන් මරණයට පත්වූ සහෝදරිය සහ පවුලේ අනෙකුත් අය සමග අඩදබර ඇති කර ගන්නා බව පොලිසිය කල මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

11,661 views

4 Comments to “සහෝදරයා විසින් මන්ද මානසික වැඩිමහල් සහෝදරියට පොල්ලකින් පහරදී ඝාතනය කරයි….”

  1. අරූ ගොන්දික පුට්ටු වා says:

    පුත්තලම කිව්වා නේද ? ඉස්සරහට ඔය පැත්තේ කස්සිප්පු, කුඩු, ගංජා ස්වයං රැකියා කරපුවම ඕක අඩුවෙලා යයි. ඇත්තෙන්ම අපි හරි වාසනාවන්තයි මේ වගේ ඇමති මැති තුමන්ලා ඉන්න රටක් වීම ගැන.
    මෙවැනි මන්ද මානසික අසරණ පවුල් සදහා වෙනම සුරැකුම් මධ්‍යඨාන රජය විසින් ආරම්බ කල යුතුයි. දැනට තියන පහසුකම් ඉතාමත් අඩුයි. ඒ වගේම රජයේ අවධානය ඇත්තෙම නැහැ.
    දෙවැනි කාරණය තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයදැඩි නීති රීති යටතේ පුනුරුත්තාපනය කර යුතුයි. බැරි නම් පිලිපීනය වගේ නීති ගෙන්න, දවස් දෙකන් පීරලා වත් කුඩ්ඩෙක් හොයා ගන්න බැරි වෙයි.
    ඔක්කොටොම කලින් කොන්ද පන තියන , කෙලින් වැඩ කරන ජෙනුඉන් කෙනෙක් පුටුවේ තියන්න.

    • GU-VP-අරූ ගොන්දික පුට්ටු says:

      Ehanam ඔක්කොටොම කලින් කොන්ද පන තියන , කෙලින් වැඩ කරන ape GU-VP-PUNCHI AMMATA WADE DUNNA EKA hoda

  2. මාක්ස්වාදී ජෙප්පා says:

    88/89 පර ජෙප්පො බස් ගිනිතියල ආර්ථිකය වට්ටල මන්ද මානසික පරම්පරාවක් හැදුවා. මේ ඒවයෙ ප්‍රථිපල

    • මාක්ස්වාදී ජෙප්පා says:

      බස් විතරක් නොවේ….. ධනපතියන් නැතිකරණවා කියලා රටේ තිබ්බ සියලුම කරකර්මාන්තශාලා ගිනි තිබ්බා. අඩු ගානේ ගමක තිබ්බ ලී මෝලක් වත් ඉතුරු කලේ නෑ. අන්තිමේ රස්සා නැති නිසා ගෑනු මැදපෙරදිග ධනපතියන් ලග වහල් සේවයට ගියා.

      රටේ හිටිය බුද්ධිමත්ම තරුණ කොටස වල පල්ලට යවපු නිසා, ඉතුරු වුන සෙට් එකෙන් බිහි වෙච්ච උන් තමා 2000 න් පස්සෙ ඉපදිලා ටික්ටොක් කරන්නෙ.

Main News