ස්කයිප්, වයිබර් ඔස්සේ සාක්ෂි අසන නීති හදයි.. හමුදාවට එරෙහි ඩයස්පෝරාව විදේශයන්හි සිට බොරු සාක්ෂි සුදානම්..
November 8, 2017 at 12:00 pm | lanka C news
අධිකරණයේ විභාග වන නඩුවකට විදේශ රටක සිට වුවද අන්තර්ජාලය ඔස්සේ සාක්ෂි ලබා දිය හැකි ආකාරයේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති බව ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මෙම නව සංශෝධන හේතුවෙන් මෙරට ආරක්ෂක හමුදාවන්ට එරෙහිව දෙමළ ඩයස්පෝරාවට විදේශ රටක සිට බොරු සාක්ෂි ලබා දිය හැකි බවයි.
ඊයේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කර තිබූ අධිකරණ ක්ෂේත්රයේ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්දයෙන් වූ විවාදයේදී මන්ත්රීවරයා මෙම අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්